සංගාගේ සීමාව

සංගා කියන්නෙ තරුවක්. icon එකක්. ලංකාවේ මිනිස්සුන්ගේ හදවතේ ගැස්ම නවත්වන්නට හැකි ක්‍රිකට් ක්‍රීඩාවේ කෙළ පැමිණි වැඩකරුවෙක්.

ලෝකෙම ඉදිරියේ මහත්මයෙක්.

සිංහලෙන්ම කියනව නම් Gentleman’s Game එකේ නියම Gentleman කෙනෙක්.

අවශ්‍ය තැනදි සුදුසු දේ සුදුසු විදිහට කියන්න කරන්න දන්න නුවණක්කාරයෙක්.

පිතිකරණයේදී සුදුසු පන්දුවට සුදුසු පහර තෝරාබේරා ගන්න වගේම ක්‍රිකට් පිටියෙන් පිටතදීත් තමාගේ වචන සහ තීරණ නියම විදිහට තෝරාබේරා ගන්න සංගා ජගතෙක්.

ගොඩක් දෙනෙක්ට කරන්න බැරි වුන දෙයක් සංගාට කරන්න පුළුවන් වුනා. ඒ ලාංකීයයන්ගේ හදවතේ ගැඹුරුම තැනක තමාගේ නම සටහන් කරන්න. ලාංකික හෘද සාක්ෂියේ සංවේදීම නිලයක් ස්පර්ෂ කරන්න.

අවුරුදු ගාණකට දුර බැහැරක යන ස්වාමියා තම බිරිඳගේ දෙතොල් සිපගෙන සමුදීම පිළිගන්නේ නැති මිනිස්සුන්ට ඒ පොළවේදීම සංගා තමාගේ බිරිඳගේ දෙතොල සිප ගැනීම පිළිගන්න පුළුවන් වුනේ ඒ නිසයි.

අනිත් මිනිස්සු කරුවලේ හැංගිලා විතරක් දෙන හාදුව සංගා මහ දවාලේ ලෝකයම ඉදිරියේ දෙනවා දකින එක ප්‍රශ්නයක් නොවුනේ ඒ නිසයි.
සංගා නම් ක්‍රිකට් ක්‍රීඩකයා ඔවුන්ගේ හිත් ඇතුළේ නිර්මාණය කරපු ෆැන්ටසිය මහ දවාලේ දකින හාදුවකට ගල් ගහලා ඔවුන් ලබන තෘප්තියට වඩා ලොකු වුන නිසා ඔවුන්ට සංගාගේ හාදුව දරා ගන්න පුළුවන් වුනා.

සංගා ඔවුන්ගෙ හිත් ඇතුළේ නිර්මාණය කල ලෝකය සංස්කෘතිය විසින් නිර්මාණය කල හාදු තහනම් වෙච්චි ලෝකයට වඩා ලොකු නිසා ඒ හාදුව දරා ගන්න පුළුවන් වුනා.

නමුත්…

මේ දරා ගැනීමේ සීමාව කොතනද?

සංගාගේ සීමාව කොතනද?

මිනිස්සු තමාගේ ඔලු වල තියෙන චිත්‍රයකට අනුව හැසිරෙන කෙනෙක් තුළින් නිර්මාණය කරගන්නවා ඔවුන්ට වඩා උඩින් තියෙන, වෙනම තලයක පුද්ගලයෙක්, හෙවත් icon එකක්.

සංගා icon එකක්. සුදු icon එකක්.

මිනිස්සු icon හදාගන්නේ ඒවා සුදු නැත්නම් කළු පාට පැන්සල් අරගෙන පාට කරන්න. සුදු පාට අයට ආදරය කරන්න. කළු පාට අයට වෛර කරන්න.

මිනිස්සු කියන්නේ සුදු වත් කළු වත් නෙමේ, මිනිස්සු කියන්නේ නිකම්ම මිනිස්සු. ඒත් අපි අපේ ඔලුවල තියෙන රාමු වලට උන්ව දාලා විනිශ්චය කරලා එක එක තැන් වල උන්ව තියනවා.

මෙවෙලේ මට මතක් වෙන්නේ මගෙ මිත්‍රයා මාලන් සමරවික්‍රම ගෙන් මම අහපු මගේ හිතේ තදින්ම පැලපදියම් වෙච්චි කතාවක්

“මචන්, අපේ මිනිස්සු වඳිද්දි පෙරළි පෙරළි වඳිනවා.. ගහද්දි පෙරළ පෙරළ ගහනවා”

සංගා මිනිස්සුන්ගේ ඔලු අස්සේ හදපු ලෝකයට මිනිස්සුන්ගේ ඔලු අස්සේ තියෙන වෙනත් ලෝක එක්ක ගැටෙන්න පුළුවන් තාක් කල් මිනිස්සු සංගාට පෙරළි පෙරළි වඳියි.

ඒත්, සංගා නිර්මාණය කල ඒ ලෝකය වෙනත් ඊට වඩා ලොකු ලෝක එක්ක ගැටුනාම කුඩුවෙලා සුනු විසුනු වෙලා නැතිවෙලා යනවා.

සංගාගේ ලෝකය ඉවර වෙන තැන, සංගාගේ ලෝකයට ගැටෙන්න බැරි ලෝකය, සංගාගේ සීමාව
සමහර විට දේශපාලනය ළඟදි කෙළවර වේවි, සමහර විට ආගම විසින් හදපු ලෝකය ළඟදි කෙළවර වේවි, සමහර විට සංස්කෘතිය විසින් හදපු තැනක කෙළවර වීවි, එහෙම නැතිනම් වෙනත් අපි කවුරුත් හිතන්නේවත් නැති නැනක ඒ සීමාව සටහන් වෙලා ඇති

සංගා ඔහුගේ සීමාව ඇතුළේ ඉන්නකල්, සංගා මිනිස්සුන්ගේ ඔලු අස්සේ හදපු ලෝකය ඔවුන්ගේම ඔලු අස්සේ තියෙන වෙනත් ප්‍රබල ලෝක එක්ක නොගැටෙනකල් සංගා ඔවුන්ට වීරයෙක් වේවි.

ක්‍රිකට් පිටියේ තමාගේ පහරවල් හරි විදිහට තෝරාබේරාගත් සංගාට තමාගේ සීමාව කොතනද කියන එක හරියට තෝරාබේරා ගෙන ඉන්න තාක්
ඔවුන් සංගාට වඳීවි.. පෙරළි පෙරළි වඳීවි..

ඒත් සංගාට වඩා වැඩි තෘප්තියක් ලැබෙන ලෝකයක් කැපකරලා සංගාව වීරයා කරගන්න මිනිස්සු මේ මහ පොළවේ කොහේවත් නැහැ,

එදාට මිනිස්සු සංගාව පාට කල සුදු පාට පැන්සල බිමින් තියලා කළු පාට පැන්සල අතට ගනීවි.

මෙච්චර කල් සංගාට පෙරළි පෙරළි වැන්ද මිනිස්සු

එදාට සංගාට..?

Advertisements

2 responses to “සංගාගේ සීමාව

  1. Pingback: 2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් – කාලීන සංවාද | Nelum Yaya·

  2. Pingback: නෙළුම් යාය 2016 බ්ලොග් සම්මාන උළෙල මාර්තු 26 දා – Lanka Times·

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s