පුකවල් සහ තං ගෙඩි විකිණීම

 

ටීවී එක දාන්නේ කලාතුරකින්ය. විනාඩි කීපයකට කලින් කම්මැලිකමට ටීවී එක දැම්මෙමි.

බීච් එකක්ය. ග්‍රවුන්ඩ් එකක්ය. බීච් එකයි ග්‍රවුන්ඩ් එකයි මාරුවෙන් මාරුවට පෙන්නයි. බීච් එකේ කෙල්ලන්ය. ග්‍රවුන්ඩ් එකේ කොල්ලන්ය. බීච් එකේ කෙල්ලොත් එක්ක කොල්ලෝය. ග්‍රවුන්ඩ් එකේ කොල්ලොත් එක්ක කොල්ලෝය.

දෙගොල්ලෝම අඩ නිරුවතිනි. කොල්ලෝ ටොප්ලස්ය. උන්ගේ ඇඟවල් දැක්කාම තේරෙන්නේ උන් සතියේ දවස් හතම ජිම් එකක් අස්සේ ඉන්නා උන් බවය. ටැටූ ගහලාය. සඟ දාලාය. සික්ස් පැක්ය. ශෝයිය !

කෙල්ලන්ගේ බඩවල් එළියේය. බුරි වල ක්ලෝස් අප් තත්පර විස්සෙන් විස්ස පෙන්නයි. කෙල්ලෝ කොට ඩෙනිම් කලිසම් ඇඳලාය. තත්පර දහයෙන් දහය උන්ගේ පුකවල් වල ක්ලෝස් අප් තවත් ළං කර පෙන්නයි.

බීච් එකේ කට්ටිය සින්දු කියමින් නටයි. කෙල්ලෝ පුකවල් වනයි. කොල්ලෝ සික්ස් පැක් එක පෙනෙන සේ බඩවල් වනයි. කොල්ලෝ පුක හිර කලිසම් ඇඳගත් කෙල්ලන්ව උස්සාගෙන ගොස් මූදට දමයි. කට්ටියටම හිනාය. මගේ කට ඇරිලාය. ෂොක්ය.

ග්‍රවුන්ඩ් එකේ තරඟයක්ය. තරඟය මොකක්ද කියලා තේරෙන්නේ නැත. කෙල්ලෝ රිවර්ස් එකට දුවයි. දඩබඩෝස් ගා ඇද වැටෙයි. මුහුණ බිමටද පුක උඩටද සිටින සේ ඇක්සයිස් කොරයි. කැමරාකරු ඉස්සෙන පුකේ ක්ලෝස් අප් එකක් දෙයි. ශෝයිය !

එකපාර කෙල්ලෙක් පණ එපා කියමින් කැමරාව දෙසට දුවං ඒ. ස්ලෝ මෝෂන්ය. තං උඩ යයි. ස්ලෝ මෝෂන් වලින් ඒකිගේ තං උඩයන හැටි අපට පෙන්වයි..

දැන් නම් හොඳටම ඇතිය.

මේ සිරසය.

මේ සිරස සිය ජාතික මෙහෙවර ඉටුකරන අපූරුවය. අපි පාතබන්නේ මේ වගේ ඕපන් මයින්ඩඩ් කෙල්ලෝ කොල්ලෝ සිටින යථාර්තවාදී ලෝකයටය.

ආඩම්බරයිය !

අපේ රටේ ජනමාධ්‍ය ගැන හිතද්දීත් දැනෙන්නේ ලොකූම ආඩම්බරයකි..!

මට දැනෙන්නේ අර දුටුගැමුණු කොල්ලාට දැනුන ආකාරයටමය.

එක පැත්තකින් අතීතකාමින්ය. උන් ජීවත් වෙන්නේ අතීතයේය. අතීතය වර්තමානයට ගෙන ඒමට දතකන මානසික රෝගීන් පිරිසකි. අනෙක් පැත්තෙන් කොහේන් හෝ එන ඕනම ගූ මල්ලක් ඇඟේ හලා ගන්න සැදී පැහැදී සිටින තරුණ පරපුරක්ය. උන් නම් මානසික රෝගීන් නොවේය. උන් පව්ය. අහිංසක මෝඩ හැත්තය.

මුං දෙගොල්ලෝ වටකර සිටින්නේ ඔය දෙකම විකුණා මඩිය තරකර ගන්නා මාධ්‍යකාරයෝය!
මම ටීවී එක ඕෆ් කලෙමි.

තිත්තයිය. හොඳටම තිත්තයිය.

අපි පව්ය.

කියන්නට ඇත්තේ එපමණය !

ප/ලි – මෙම පෝස්ටුවේ ‘පුක’, ‘තං’ වැනි වචන සඳහන්ව තිබීම ගැන කලබල නොවන්න. උන්ට මුළු රටක් ඉස්සරහා රටේ තරුණ පරපුරේම පුකවල් සහ තං විකුණා සල්ලි හම්බ කරන්න පුළුවන් නම් මට ඒ ගැන ලියන්නටද පුළුවන්ය.

Advertisements

2 responses to “පුකවල් සහ තං ගෙඩි විකිණීම

  1. රචකයාගේ කුහක කම හැර වෙන දෙයක් මට මේ ලිපියෙන් නොපෙනේ.

    Like

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s