රැඩිකල් නිර්-ආගමිකයන්ගේ “අලි” කරුණාව

ලාංකික බෞද්ධයන් විසින් තමාගේ ආගම හා බද්ධ වූ පෙරහැරවල් නම් ආගමික උත්සව සඳහා අලි ඇතුන් භාවිතා කිරීම ගැන සාකච්ඡා කිරීමට අප සමඟ අද එක්වනවා නිරාගමික සත්වකරුණා මහතා. මහත්මයාණෙනි, මේ ගැන ඔබේ ස්ථාවරය දැනගන්නට අප කැමතියි

නිරාගමික මහතා – ඔව්, ඇත්ත වශයෙන්ම ඉතාම කාලෝචිත වැදගත් ප්‍රශ්නයක්. මුලින්ම සමාජයේ අවධානය යොමුවෙන්න ඕන වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න අවස්ථාවක් දුන්න එකට ස්තූතිවන්ත වෙනවා.පෙරහැරවල් වල අලි ගෙනියන සත්ව හිංසාවක් විදිහටයි අපි දකින්නෙ. අසරණ සත්තුන්ව උන්ගේ වාසභූමි වලින් අල්ලාගෙන ඇවිත් උන්ගේ නිදහස නැති කරලා උන්ට වධහිංසා දෙන එක පැහැදිලිවම හිංසාවක්. මේක අසරණ සත්තුන්ව මිනිස්සුන්ගේ ෆැන්ටසි ලෝක වල චරිත නිරූපනය සඳහා දුකට පත් කිරීමක්. බෞද්ධයින්ට මේ වගේ වැඩ වලින් වැළකිලා ඔවුන්ගේ ආගමික කටයුතු කරගන්න පුළුවන්කම තියෙද්දි ඇයි මේ හැඟීම් දැනීම් තියෙන අසරණ සත්තුන්ට දුක් දෙන්නෙ? අපේ මානසික අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න නිසා අපේ හැඟීම් වලට වහල් වෙලා අසරණ සත්තුන්ව වධ හිංසාවට පත් කරන එක කොහොමත් අනුමත කරන්න බෑ. අපි කරන්න ඕනේ අපිට ආස දේ නෙමේ. හිතලා බලලා හරි දේ. එහෙම සමාජයක් හදන්නයි අපි වැඩ කරන්නෙ.

පෙරහැරවල් වලට ගෙනයාමට සූදානම් කරන අලි ඇතුන්ගේ ජීවිත සහ ඔවුන් විඳින දුක් වේදනා ගැන විස්තරයක් කරන්න පුලුවන් කමක් තියෙනවාද?

නිරාගමික මහතා – ඇත්ත වශයෙන්ම පුලුවන්. ඒකත් කතා කරන්නම ඕන වැදගත් කාරණයක්. ගොඩක්වෙලාවට වාසස්ථාන වල සිටින වැඩුනු අලි අල්ලලා උන්ව හීලෑ කරලා හරි පින්නවලින් හරි තමා මේ අලින්ව තෝර ගන්නෙ. වැඩුනු අලි විතරක් නෙමේ, අහිංසක අලි පැටව්ට උන්ගේ මව් සෙනෙහස අහිමි කරලා උන්ගේ ජීවිත ස්වභාවික පරිසරයෙන් වෙන් කරලා මිනිස්සු තමාගේ අවශ්‍යතා සඳහා උන්ව යොදා ගන්නවා. හිලා කරන කාලයේදී විතරක් නෙමේ, මුළු ජීවිත කාලයේම මේ සත්තු ඉන්නේ යකඩ දම්වැල් වල හිර වෙලා. දහසක් දුක් විඳිමින්. බලන්න බැරි තරම් අමානුෂිකයි. මේ තියෙන්නේ ඒවගේ දුක් විඳින අලියෙක්ගේ වීඩියෝවක්..

නිරාගමික මහතා – ඔය වීඩියෝ එක බැලුවම පැහැදිලිවම පෙනෙයි මම කියන්නෙ මොකක්ද කියල. කොච්චර අමානුෂිකද? මේ ගැන තවත් කථා කරන්න දෙයක් නෑ, ඇස් දෙකෙන්ම බලා ගන්න පුලුවන් මේ සතා විඳින දුක. අපි මිනිස්සු විදිහට පිළිගන්න ඕනේ අපේ හැඟීම් නිසා අනෙක් ජීවීන් වන සත්තුන්ට දුක් දෙන්නේ නැතුව ඉන්න. මේ ලෝකය අපට අයිතියි කියලා හිතන්න නරකයි. අපි එහි කොටසක් විතරයි.

18-Elephants_Feeding_At_Yala-845371-Main_banner-Elephant-Island-Tour-Of-Sri-Lanka
ඔව් බොහොම ස්තූතියි නිරාගමික මහතා. ඉතාම වටිනා අදහස් ස්වල්පයක් වුනත් අපි එක්ක බෙදාහදා ගැනීම පිළිබඳව. ඔබ අකමැත්තක් නැත්නම් අපි අපේ සාකච්ඡාව මේ මාතෘකාවටම අදාල, ඒත් මීට වඩා තරමක් පුලුල් මාතෘකාවක් වෙත ගෙන යන්න කැමතියි. ඔබගේ අකමැත්තක් නෑ කියලා හිතනවා..

නිරාගමික මහතා – නෑ නෑ. සාකච්ඡාව ගෙන යමු. අහන්න. මෙවන් වැදගත් දේවල් ගැන කතා කිරීමට අනිත් මිනිසුන්වත් උනන්දු කරන්න ඕන

හොඳයි. ඔබ සත්ව හිංසාවට විරුද්ධ මතධාරියෙක් බව පැහැදිලි නිසාම අපේ පාඨකයින් කැමති වේවි මේ මාතෘකාව ගැනත් ඔබේ වටිනා අදහස් දැනගන්න. ඊළඟට සත්ව හිංසාව නිසාම පෙරහැරේ අලි ගෙනයනවාට විරුද්ධ වූ ඔබෙන් දැනගන්න කැමතියි මේක, සතුන්ව මස් පිණිස මරා ආහාරයට ගැනීම ගැන ඔබේ ස්ථාවරය කුමක්ද? ඒ ගැන පැහැදිලි කිරීමක් කරනවාද?

නිරාගමික මහතා – මස් පිණිස සතුන්.. මැරීම නේද…?

ඔව්.. මිනිසා විසින් අනෙකුත් ජීවීන්ව තමාගේ ආහාරය පිණිස මරාගෙන කෑම ගැන ඔබේ ස්ථාවරය කුමක්ද?

නිරාගමික මහතා – ඔව්… ඒ ප්‍රශ්නය… ඒ ප්‍රශ්නය ගැන අපි වෙනස් විදිහකට.. බලන්න ඕනේ. මොකද ඒක වෙනම කතාවක්. මේ මාතෘකාව ගැන කතාකල විදිහටම, ඒ කෝණයෙන්ම මේක දිහා බලන්න අමාරුයි..

ඒ කියන්නේ ඔබ ආහාර පිණිස අනෙකුත් ජීවීන් ඝාතනය කිරීමට එකඟයිද?

නිරාගමික මහතා – ඇත්ත වශයෙන්ම මේ ගැන අපි ඉතාම ගැඹුරින් කතා කරන්න ඕනේ.. කලින් මාතෘකාව වගේ නෙමේ.. මේක ඉතාම පුළුල් කතන්දරයක්..

ඔව්.. ඔබට පැහැදිලි කරන්න අවස්ථාව තියෙනවා.

නිරාගමික මහතා – ඔවූ.. මේහෙමයි… හ්ම්.. මිනිසා විසින් සතුන් ආහාරයට මරාගෙන කෑම ස්වභාවිකයි. මිනිසා කියන්නේ සර්ව භක්ශිකයෙක්, ඉතින්.. අපි අපේ පැවැත්ම උදෙසා සතුන් මරාගෙන කන එකේ මම වැරැද්දක් දකින්නේ නෑ..

නමුත් මිනිසාට සතුන් මරාගෙන කෑම හැර වෙනත් විකල්ප තිබෙනවා නේද?

නිරාගමික මහතා – ඔව්.. ඒත් හැමෝටම සම්පූර්ණයෙන් සත්ත්ව ආහාර ගැනීමෙන් වැළකී සිටීම අමාරුයිනෙ

නමුත් සදාචාරාත්මක හේතූන් නිසා හෝ ආගමික හේතූන් නිසා ලෝකයේ ඕනෑ තරම් මිනිසුන් මාංශ අනුභවයෙන් හෝ සත්ව නිෂ්පාදන භාවිතයෙන් වැළකී සිටිනවා නේද? දහස් ගණන් මිනිසුන්?

නිරාගමික මහතා – මෙහෙමයි.. මේක.. මෙහෙම හිතමු අපි. මම කලින් කිව්වා වගේ මිනිසා ආහාර පිණිස සතුන් මැරීම ස්වභාවිකයි.. ඒක තමා අපේ ස්වභා..

ඔබ කියන්නේ ආගම් ඇතිවීම ස්වභාවික නෑ කියලද? ආගමික අවශ්‍යතා ස්වභාවික නෑ කියලද? ආගමික අවශ්‍යතා සහ මානසික අවශ්‍යතාත් ස්වභාවික මිනිස් අවශ්‍යතා ගොඩට වැටෙනවා නේද? සදාචාරාත්මක ප්‍රශ්න ගැන කතා කිරීමේදී යමක්/යම් ක්‍රියාවක් ස්වභාවිකය කියන තර්කය භාවිතා කිරීම සාර්ථකද? ජාතිවාදය ස්වභාවික නැද්ද? හිංසාව ස්වභාවික නැද්ද? ප්‍රබලයා දුබලයාව පාගා ඔහුව පීඩනයට පත් කිරීම ස්වභාධර්මයේ නීතිය නොවේද?

නිරාගමික මහතා – හෝව් හෝව්. පොඩ්ඩක් ඉන්න. මෝඩ ප්‍රශ්න නේ මල්ලි අහන්නේ. මම දැන් ඔයාගේ ප්‍රශ්නයට උත්තර දුන්න නේ. ඊළඟ ප්‍රශ්නේ අහන්න කරුණාකරලා. මට වෙලාත් නෑ..

කලින් අලියෙක් දුක් විඳින වීඩියෝවක් ඔබ ඉදිරිපත් කලා වගේ මාංශ ආහාරය පිණිස අනෙකුත් සතුන් දුක් විඳින අයුරු ගැන මා වීඩියෝවක් ඉදිරිපත් කරන්න කැමතියි. අකමැත්තක් නැත්නම්,

නිරාගමික මහතා – හ්ම්…

මට තව එක කරුණක් මතු කරන්න ඕනේ..

නිරාගමික මහතා – මොකක්ද?

ඔබ කලින් කිව්වා නේද මිනිසුන්ගේ ෆැන්ටසි ලෝකවල් වල ඇති මානසික අවශ්‍යතා ඉෂ්ඨ කරගැනීමට අසරණ සතුන් භාවිතා කිරීම වරදක් කියලා. ඔබම නේද කිව්වේ කැමති දෙය නොව, බුද්ධිය පාවිච්චි කරලා හිතලා හරි දේ කරන්න ඕනේ කියලා? ඉතින් ඒ තර්කන ක්‍රමයෙයි ඔබේ මේ අදහසෙයි අහසට පොළව වගේ නොගැලපීමක් තියෙනවා නේද?

නිරාගමික මහතා – නෑ කිසිම නොගැලපීමක් නෑ. ඔයාට එහෙම පේනවා ඇති. ඒත් එහෙම කිසිම විදිහක නොගැලපීමක් නෑ..

ඔබ කිව්වා සතුන් කියන්නේ හැඟිම් දැනීම් ඇති ජීවීන්ය, උන්ටත් අප සේම දුක දැනෙනවාය. ඔවුන්ව කුඩා කල සිට සිර කර දම්වැල් දමා පෙරහැරවල් වල ගෙනයාම වහාම වෙනස් කල යුතු වැරැද්දක්ය කියලා.. මිනිස්සුන්ගේ ‘මානසික’ අවශ්‍යතා ඉශ්ඨ කරගැනීමට සතුන්ට දුක් දීම වැරදියි කියලා.. මම අහන්නේ ඒ ලොජික් එක මෙතනට දාන්නේ නැත්තේ ඇයි? අපට වෙනත් විකල්ප තිබියදී, දිනපතා දහස් ගණන් සතුන් ඉතාම අමානුශික වධහිංසා වලට ගොදුරු වන එක වැළැක්විය හැකිව තිබියදී ඇයි ඔබ එසේ කිරීමට එකඟ නොවන්නේ? සතුන් මැරීමෙන් මිනිසා ඉෂ්ඨ කරගන්නේත් තමාගේ අවශ්‍යතාවයක්, කලින් වගේම. නමුත් මේ අවශ්‍යතා දෙකම වෙනත් ක්‍රම වලින් අන් සතුන්ට දුක් නොදී ඉෂ්ඨ කරගන්න පුලුවන් ඒවා නේද?

නිරාගමික මහතා – මෙහෙමයි මල්ලි. මේක මහාම මහා මෝඩ ප්‍රශ්නයක්. මට යන්නත් වෙලාව හරි දැන්. මේකයි, අලියා කියන්නේ සත්ව ලොකයේ ඉන්න බුද්ධිමත්ම සත්වයෙක්. ඌට අනිත් සත්තුන්ට වඩා බුද්ධිය සෑහෙන වැඩියි. එනිසා ඌට දුක, වේදනාව දැනෙනවා වැඩියි. ඒ නිසයි මම කියන්…

අලියාට වඩා ඌරාට හැඟීම් දැනීම් දැනීමේ හැකියාව වැඩියි නේද?

නිරාගමික මහතා – ඔව්, ඌරාට වැඩියි තමා.. නමුත්..

PigsInFarrowingStalllg
ඔය උඩ පින්තූරයේ ඉන්නෙ අලියාට වඩා හැඟීම් දැනීම් තියෙන, සංවේදන හැකියාව වැඩි ඊරියක් තමාගේ මුලු ජීවිත කාලයම කූඩුවක් තුල සිරවී තමාගේ අතපය සෙලවීමටවත් හැකියාවක් නැතුව, එකම තැන සිට ආහාර ගනිමින්, මලපහ කරමින් තමාගේ සම්පූර්ණ ජීවිත කාලයම අතිශය අමානුෂික දුක් වේදනා විඳිමින් ගත කරන අයුරු. මේ වගේ ලක්ශ ගණනක් සතුන් දිනපතා දුක් විඳිනවා. ඒ බව ඔබ දන්නවා. ඔබ තව දින කිහිපයකින් ආහාරයට ගන්නා සතාව හෙට හෝ අනිද්දා ඝාතනය කරනු ලබනවා. ඒ ගැන ඔබ හිතන්නේ මොකකද? ඌරන්ව මස් පිණිස මැරීම ගැන ඔබේ අදහස කුමක්ද?

නිරාගමික මහතා – මේකයි මල්ලි. මම කන්නේ මම වෙනුවෙන් මරන මස් නෙමේ. මම කන්නේ වෙළඳ පොලේ විකුනන්න තියෙන නිසා. මරපුවානේ මම ගන්නේ. ඉතින් කොහොමද ඒක වැරදි…

ඉල්ලුමට අනුවයි සැපයුම ලැබෙන්නේ. අපි උපකල්පනය කරමු යම් ප්‍රදේශයක මාංශ ආහාරයට ගන්නා මිනිසුන් 10,000ක් සිටිනවා කියලා. ඔවුන්ගෙන් 3000ක් මිනිසුන් මාංශ ආහාරයට ගන්නා එක නැවත්තුවොත් ඊළඟ සතියේදී වෙළඳ පොලේ මාංශ සැපයුම ඊට සාපේක්ශව අනිවාර්යෙන් අඩුවනවා නොවේද? ව්‍යාපාරයේ පැවැත්මට නම් අනිවාර්‍යෙන් අඩු කල යුතුමයි නේද? ඒ විදිහටම 10,000 ම මාංශ අනුභව කරද්දී තව 3000ක් පිරිස මාංශ අනුභව කරන පිරිසට එකතු වුනොත් ඒ සතියේ සතුන් මරණ ප්‍රමාණය ඊට සාපේක්ශව වැඩි කරන්නේ නැද්ද? ඉතින් ඔබ කොහොමද කියන්නේ ඔබේ ආහාරය මස් මැරීමට සම්බන්ධයක් නෑ කියලා..?

නිරාගමික මහතා – ………

ඔබ කුඩා ළමයින් යොදා තනන නිල් චිත්‍රපට මිලදී ගන්නෙක් නම්, ඔබේ මුදල ඒ ව්‍යාපාරය ඉදිරියට ගෙනයාම සඳහා පිටුවහලක් වනවා නොවේද? එම ව්‍යාපාරය රඳාපවතින්නේ ඔබ ගෙවන මුදල මත නෙමේද? ඊළඟට අපචාරයට පත් කරනා ළමයාට ඒ දේ කිරීමට ඔවුන්ට අවශ්‍ය මුදල් ලබා දෙන්නේ ඔබ නෙමේද? වෙළඳ පොළේ තිබ්බා කියලා මුදල් දී ළමා නිල් චිත්‍රපට මිලදී ගෙන ඔබට අතසෝදා ගත හැකිද?

නිරාගමික මහතා – අයිසේ.. මම දැන් තමුසේට කිව්වා නේද සැරයක්…?? මගෙන් කුණුහරප අහගන්න එපා තමුසේ.. එනවා මට බක පණ්ඩිත කතා උගන්නන්න.. තේරුම් ගන්නවා මේක.. ඔය ආගම් කියන ඒවා ඉතිහාසයේ ඉඳන්ම මිනිස්සුන්ට කෙළවෙන්න හේතු වුන ප්‍රධානම දෙයක්.. අපේ රටේත් ඔය රෙද්දේ සිංහල බෞද්ධ මල මගුල නිසා තමා මේ හැම ජාතිවාදී ප්‍රශ්නයක්ම ඇති වෙලා තියෙන්නේ.. ඒකේ මූලය තියෙන්නේ එතන.. සංස්කෘතික මොංගල් කාරයෝ ඉන්නකන් මේ රටේ මිනිස්සුන් බුද්ධිය අතින් දියුණු වෙන්නේ නෑ. තේරුනාද? නිකන් බූරුවෙක් වගේ කියවන්න එපා තමුන්නාන්සේ.. හරිද?

හරි.. ආගම් වලින් වුන හානිය ගැන ඔබත් එක්ක එකඟයි. මමත් නිරාගමිකයෙක් තමා. නමුත් අලින්ට විතරක් විශේෂ කරුණාවක් ඇයි?

නිරාගමික මහතා – තෝ වගේ පිස්සෙක් එක්ක කතා කරන්න ආපු මටයි ගහන්න ඕනේ.. තොට තේරෙන්නේ නැද්ද? ආගම් වලින් වෙච්ච හානිය.. සදාචාරය නෙමේ මෙතන වැදගත්. ආගම් නැති කිරීම. අලින්ට විතරක් කරුණාව ඇයි? ඒකනේ උඹ අහන්නේ?? අලින්ට විතරක් කරුණාවක් නෑ යකෝ.. තියෙන්නේ ආගම් එක්ක තරහක් විතරයි. අපිට ඕනේ නැති රෙද්දේ සදාචාරයක් නෑ. අපේ දේශපාලන අරමුණු වෙනුවෙන් තමා අපි මේ අලින්ව පෙරහැරවල් වල ගෙනියනවට විරුද්ධ. නැතුව දවසෙන් දෙවේලෙක්ම මස් කන අපිට අලි ගැන පුකේ අමාරුවක් තියෙනවා යැ? අපිට තියෙන්නේ ආගම් එක්ක………………….

………………………………………නිහැඬියාවක්………………………………………………..

ආගම් ගැන ඔබ දරන ගොඩක් අදහස් වලට මමත් එකඟයි තමා. .. නමුත් මම කිව්වේ…

නිරාගමික මහතා – මල්ලි .. සමාවෙන්න පොඩ්ඩක් කේන්ති ගියා.. ගනන් ගන්න එපා. අපි මිනිස්සුනේ.. ඔය මම අන්තිමට කියපු කෑලි ටික අයින් කරලා දාන්න හොඳේ. ඒවා කිව්වේ මට පොඩ්ඩක් කේන්ති ගිය නිසා.. ඒ ටික වෙනුවට මේ ටික දාන්න හොඳ මලයා වගේ… හරිද?

……………….. හරි.. කියන්න බලන්න..

නිරාගමික මහතා – සතෙක්ව හිරකරගෙන ඉඳලා, උපන් දවසෙ ඉඳලාම දස දුක් දීලා අන්තිමට ඌව මරාගෙන කන එක වැරදි නෑ.. හැබැයි ඒ සතාව පෙරෙහැරේ හෙම ගෙනියනවා නෙමේ හරිද? පව් !

Advertisements

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s