අපි – Rational ආගම්කාරයෝ

අපි අපේ ආගම අදහන්නේ ඔය අනෙක් මිනිස්සු වගේ නෙමේ. අපි අපේ ආගම ගැන හදාරල, කියවල, හොයල බලල තමා තීරණය කලේ අපට උපතින් ලැබුන අපේ ආගම නිවැරදිම එක කියල. අපි Rational ආගම් කාරයෝ !!

අපි තර්කානුකූලව හිතලයි තීරණය කලේ අපේ ආගම තමා ඇත්තම ආගම කියල. අපි හැඟීම් වලට වහල් වෙන්නේ නෑ. අපි ආගම් ගැන හිතද්දි හරි තර්ක කරද්දි හරි අවංකව තමා ඒක කරන්නේ. අපිට ඒ ආගමෙන් ලැබෙන සැනසීම, ඒ ආගම වටා ගොඩ නැගී ඇති සමාජය, සමාජ ක්‍රියාකාරකම්, ආගමික වතාවත් වලට අපේ ඇති ඇල්ම, වාර්ෂිකව සහ මාසිකව එන අපි ආසාවෙන් සමරන ආගමික උත්සව, අපි ගරුකරන ආදරය කරන අපේ ආගමේ නායකයින්, එකම ආගමේ සහෝදර සහෝදරියන් එක්වූ විට එන කණ්ඩායම් හැඟීම, අපි ඒ ආගම වෙනුවෙන් වැය කල ශ්‍රමය, කාලය, මුදල් .. වැනි දේවල් අමතක කරල තමා අපි අපේ ආගම ගැන හදාරන්නේ. නැතුව ආගම ගැන තර්ක කරද්දි ආගම අසත්‍යය බව තේරුම් ගිහින් ඒක අත අරින්න වුනොත් නැතුව යන්නේ ආගම ගැන තියෙන විශ්වාසය විතරක් නෙමේ ඔය කියපු ඔක්කොම කියන එක අපේ සිතීමේ ක්‍රමයට කොහෙත්ම බලපාන්නේ නෑ. යටිහිතින්වත් එහෙම වෙන්නෙ නෑ.

අපි අපිට උපතින් ලැබුන නිවැරදිම ආගම හරිම එක කියල තෝරගනිද්දි වුනේ අපි ඒ ආගම වෙනුවෙන් පෙනී සිටින එක තමා. මේ ආගමේ තියෙන ඔක්කොම වගේ හරි නිසා අපි තිරණය කලා ඒ ආගම 100%ක් නිවැරදියි කියල. හරි ඉතින්, වෙන වෙන මිනිස්සු පස්සෙ එකතු කරපු ඒව ටිකකුත් නැත්තේ නෑ. නමුත් ඒක අපි තේරුම් ගන්න ඕනෙ. මොනවද පස්සේ එකතු කලේ, මොනවද මුල ඉඳන්ම තිබ්බේ කියන එක අපි තීරණය කරන්නේ අපිට ඕන විදිහටයි. අපි Rational ආගම්කාරයෝ නිසා අපිට නිකන් දැනෙනවා මුල ඉඳන් තිබ්බේ මොනවද, පස්සේ එකතු වෙන්න ඇත්තේ මොනවද කියල. ඕක නිකන් අන්ධයෝ වගේ ආගම් අදහන ආගම් කාරයන්ට තේරෙන්නේ නෑ. ඒගොල්ලෝ හිතන්නේ අපේ ආගමේ තියෙන ඔක්කොම ඒව ඇත්ත කියල. Rational නෑනෙ ඒ අය. පරම සත්‍ය වෙච්චි අපේ ආගමේ වුනත් සමහර දේවල් ලියල තියෙන්නේ අපි වගේ Rational නැති අයගේ ශ්‍රද්ධාව, විශ්වාසය වැඩිවෙන්න (..කියල තමයි අපි කියන්නේ)

අපි තීරණය කලා අපේ ආගමේ නම (Title එක) වෙනුවෙන් පෙනී ඉන්න. ඒ මොහොතේ ඉඳන් අපේ අදහස් ඒ නම යටතට වැටෙනවා. ලෝකයේ යථාර්තය ගැන, මනුස්ස සහ සත්ව ජීවිත ගැන, හොඳ නරක ගැන ඔක්කොම නිවැරදි අදහස් තියෙන්නේ ඒ අපිට උපතින් ලැබුන ආගමේ title එක යටතේ. Title එක ලැබුනේ උපතින් තමා. ඒවුනාට ඒක තමා හරි title එක.

දැන් අපි title එක තෝරගත්තනේ. අපිට ලෝකය ගැන, හොඳ නරක ගැන ප්‍රශ්නයක් ආපු ගමන් කරන්න තියෙන්නේ සුලු දෙයයි. ඉක්මනට දුවල ගිහින් අර අපේ ආගමේ ශුද්ධවූ පොත් අරන් පෙරලල උත්තරේ කියෝල ඒක ඇදබාන එකයි. ඔය ඉස්සෙල්ල කියපු ඔක්කොටම වගේ උත්තර තියෙනව ඒ පොත්වල. අකුරු කියවන්න විතරයි දැනගන්න ඕනෙ. ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලැබෙනව.

අර ගොඩපණ්ඩිත හේතුවාදියො කියල සෙට් එකක් ඉන්නෙ. උන්ට පිස්සු. උන් කරන්නේ එක එක ප්‍රශ්නය ගැන වෙන වෙනම හිතල, ඉතිහාසයෙ ඉදන් වෙච්ච සිදුවීම්, නවීන විද්‍යාවෙන් කල හොයාගැනීම් වැනි දේ ගැන සලකල බලල ඒ ප්‍රශ්න වලට උත්තර හොයන එක. උන් සමහර විට උන් වැරදි බව පිලි අරන් තමාගේ අදහස් පවා වෙනස් කරගන්නව. ඒත් අපිට එහෙම ඕනෙ නෑ. අපේ සිස්ටම් එක ලේසියි උන්ට සාපේක්ශව. කලින් කිව්ව වගේ අර පොත් සෙට් එක කියවන්න විතරයි තියෙන්නේ. ඒ පොත් ලියල තියෙන්නේ ඔක්කොම දන්න (මනුස්සයෙක්, මිනිස්සු, දෙවිකෙනෙක්, දෙවිකෙනෙක් කිව්ව දේ ලිව්ව ශුද්ධවූ මිනිහෙක් etc) නිසා. ඒ පොත් වල තියෙනවා ඒත් පොත් ලිව්වේ කවුද කියලා. ඒ පොත්වල තියෙනවා ඒ පොතේ තියෙන ඔක්කොම ඇත්ත කියලත්. එනිසා ඒව වරදින්න විදිහක් නෑ. අපේ Title එක යටතේ තියෙන එක අදහසක්වත් වරදින්නත් බෑ. එතකොට මුලු concept එකම බිඳවැටෙනවනෙ. ඉතින් අපි මුලු ධෛර්යම දාල හැම එකක්ම හරියි කියල ඔප්පු කරන්න ඕනෙ. නැත්නම් ඔක්කොම අවුල් යනවා. ඔක්කොම හරි අපේ උපතින් ලැබුන ආගමේ. අපි Rational..!

හැබැයි ඊට පස්සේ තමා අමාරුම කොටස. Rational ආගම්කාරයෝ වන අපි සහ නිකන් ආගම්කාරයෝ වෙන් වෙන්නේ ඔතනදි. දැන් ඒ පොත කියෙව්වනේ. දැන් ඒකෙ තියෙන ඒව හරියි කියල ඔප්පු කරන්න ඕනෙ කොහොම හරි. දන්න සාස්තර ඔක්කොම දාල. හැබැයි ඉතින් අපි කියන එක තේරුම් ගන්න පොඩි සාධක වගයක් තියෙන්න ඕනෙ.. (උදාහරණ- විශ්වාසය, ශ්‍රද්ධාව, සාක්ශි හෝ හේතු නැතුව තමාට කැමති දේවල් පිලිගැනීමේ හැකියාව etc ) ඒව නැතුව අපි කියන ඒව තේරුම් ගන්න බෑ. ඒ කතාව අර ශුද්ධවූ පොත් වලත් තියෙනව.

අර ගොඩපණ්ඩිත හේතුවාදියො කියන්නේ ලෝකයේ තියෙන ඔක්කොම ආගම් බොරුලු. හරි මම එකඟයි. යම් තරමකට විතරයි හැබැයි, මම Rational නේ. ඔව් ඔක්කොම ආගම් බොරු.. හැබැයි මට උපතින් ලැබුන එක හැර හරිද ?? ඒක හරි !! මම කිව්වනේ ඒක හරියි කියල දැනගන්න system එක.

හේතුවාදියෝ Titles තෝරගන්නේ තමාගේ අදහස් වලට අනුවලු. නැතුව Title එක මුලින් තෝරගෙන ඒක යටතේ තියෙන අදහස් හරියි කියලා ඔප්පු කරන්න හදනවා නෙමේලු. ඒක මහ කරදර වැඩක්. උන්ගෙන් ඇහැව්වොත් ‘උබ මොකෙක්ද කියල’ මම මෙහෙමයි, මෙහෙමයි කියල නම් දහයක් විතර ඇදබානව. අපි නම් එක Title එකයි, එක පොත් සෙට් එකයි (ශුද්ධවූ)..

හැබැයි වැදගත්ම දේ. අපි ජීවත් වෙද්දි නම් ඒ පොත්වල තියෙන විදිහට ඉන්න බෑ හොඳේ. අපිට අමාරුයි එහෙම ඉන්න. පොත් වල තියෙන ඒ අමුතු තත්ව වලට පත්වුන අය ඉන්නවා, නැත්තේ නෑ. ඒගොල්ලෝ එන්නේ නෑ සමාජය ඉදිරියට. ඇවිත් වැඩක් නෑනේ. අපි තමා සමාජය ඉදිරියේ ඔක්කොම ගේම් දෙන්නේ.

අපේ ආගමික විශ්වාස සහ පිළිවෙත් අපේ ආගමේ නොවන උන්ගේ ඇඟේ බලෙන් පටවන්න හදන අපේම ආගම අදහන පිස්සෝ ටිකක් ඉන්නවා. උන් විනාශකාරී විදිහට අපේ ආගමෙන් අපිට උරුම වුන ඒ විශ්වාස, පිළිවෙත් අනිත් උන්ගේ ඇඟේ මිනීමරලා හරි පටවන්න හදන්නේ. මේ වගේ හරක් ටිකක්! අපි උන්ට දැඩි ලෙස පහර ගහනවා අපේ ආගමේ වුනත්. මුන්ට සත පහක මොලයක් නැති හැටි. අපිත් කරන්නේ ඒකම තමා. ඒත් ඒක කරන්නත් ක්‍රමයක් තියෙනවනේ. ඒක කරන්න ඕනේ ඔහොම නෙමේ, ඉතාම සූක්ශම විදිහට. අපි අපේ Rational වෙස් මූණ දාගෙන ඉතාම හිමිට තර්කානුකූලව තමා අපේ විශ්වාස, පිළිවෙත් අනිත් උන්ගේ ඇඟේ බලෙන් පටවන්නේ. අපේ කණ්ඩායම් වල ගෝත්‍රික මානසිකත්වය වැඩි කරන්න ඕනේ කෑගහලා නෙමේ. මේ හරක්ට ඒක තේරෙන්නේ නෑනේ. Injection එක ගහන්න ඕනේ මොළේට කියන එක මුන්ට තේරෙන්නේ නෑනෙ. ගම කනවා..

අපිට උපතින් ලැබුන ඒ හරි ආගම විවේචනය කලාට කමක් නෑ. අපි Rational නිසා ඒකට chance එක දෙනවා. හැබැයි පුතෝ ඒවට හිනා වෙන්න බෑ. උපහාසය, අපහාසය ඔට්ටු නෑ. අපි තමා තීරණය කරන්නේ මොකක්ද විවේචනය, මොකක්ද උපහාසය, මොකක්ද අපහාසය කියලා. කතා කරන එකා මුලින්ම අපිට ඒ අදහස දාලා අපේ ලයිසන් එක අරන් මේක ඕකේ කියලා අපි කිව්වම තමා ඌට ඒ දේ කියන්න අයිතිය තියෙන්නේ. ඒවා එහෙම තමා. අපි කොච්චර Rational වුනත් අපේ සීයලගේ කාලේ ඉඳන් මේ ඒරියල් එකේ අපේ සෙට් එකේ උන් තමා කරක් ගහගෙන හිටියේ. අපේ ඒවට හිනා වෙන්න දෙන්නේ නෑ..අපේ සෙට් එකේ ඔලුගෙඩි ගාන තමා තාම වැඩි. ඒකෙනුත් අවශ්‍ය වෙලාවට වාසියක් ගන්න ඕනේ කොච්චර රැශනල් වුනත්.

අපිට අපේ විශ්වාස තියාගන්නත් ඕනේ.. අපිට අපේ විශ්වාස අනිත් උන්ගේ ඇඟවල්වල බලෙන් ගහන්නත් ඕනේ. අනිත් උන් ඒවා ගැන කතා කරන්න ඕනෙත් අපි දෙන ගයිඩ් ලයින්ස් වලට අනුව. කැකිල්ලේ රජ්ජුරුවන්ව තමා අපි අනුගමනය කරන්නේ. මෑනුත් අපි වගේම සිරා Rational බුවෙක්..

හැබැයි ඉතින් මෙහෙම එකකුත් තියෙනවා. අපි සැබෑ ජීවිතයේ ඉද්දි මේ සිරා ආගමට පිටින් ඉතින් වැඩ කරන්නේ, කතා කරන්නේ. ආගමේ theory ආගම ගැන කතා කරද්දි විතරයි හොඳේ.. ඇත්ත ජීවිතේදී අපිත් අනිත් උන් වගේමයි.

ලෝකයේ එක් එක් කාලයන්හිදී තිබ්බ දහස් ගානක් ආගම් අතරින් මට උපතින් ලැබුන ආගම නිවැරදිම එක වීම නම් මාර අහඹු සිද්දියක්…. අපි මාර Lucky ඕයි !

(මේක කියවන Rational ආගම්කාරයින්ට කියන්න තියෙන්නේ මේකෙ කියල තියෙන්නේ ඔයාගේ ආගම ගැන නෙමේ, ඔයාට උපතින් නොලැබුන අනිත් වැරදි ආගම් ගැන හොඳේ.. ඔයාට උපතින් ලැබුන එක හරි එකනෙ නේද ? )

ප/ලි – 2015 මැයි 24 දිනදී “අසම්මත සටහන්” බ්ලොගයට ලියූ සටහනකි.

Advertisements

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s