ලංකාවට පෝන් එපා

ලංකාව සිංහලබෞද්ධ රටකි.

සිංහලබෞද්ධ රටක විනයක් තිබිය යුතුය. පෝන් අසික්කිතිය. අශිෂ්ඨය, සදාචාරවිරෝධීය, අධාර්මිකය. සිංහලබෞද්ධ රටකට පෝන් නුසුදුසුය.

එනිසා ලංකාවට පෝන් එපාය.

සිංහලබෞද්ධයෝ පෝන් නොබලති. සිංහලබෞද්ධයෝ අතේ නොමරති. ධාතු පිට වුවත් පිටවන්නේ සිහිනයෙන්මය. ඔවුන් ඒ තරම්ම ධාර්මිකය.

අතේ මැරුවද, ඒ ඉතාම කලාතුරකිනි.

එසේ කලාතුරකින් අතේ මැරුවත් පෝන් බලා අතේ මැරීම සිදු නොකල යුතුය. අල්ලපු ගෙදර අක්කා හෝ වෙන ස්ත්‍රී ප්‍රාණයක් සිහි කැඳවාගෙනම තමාගේ රහස් කාර්‍යයේ යෙදිය යුතුය.

එසේ කිරීම හොඳය. පෝන් නරකය.

කලාතුරකින් වුවද අතේ මරන්නට සිතේ නම් එය කල යුත්තේ අපේ නායක හාමුදුරුවන් වහන්සේ විසින් නිර්දේශිත රහසින් මස් කෑමේ මෙතර්ඩ් එකට අනුවය. ඔබ අතේ නොමරනවා සේ සිට රහසින් අතේ මැරුවාට කම් නැත. නමුත් එදිනෙදා ජීවිතයේදී හැසිරිය යුත්තේ අතේ නොමරන්නෙක් සේමය. අතේ මැරීමට විරුද්ධ ඇත්තෙක් සේමය.

නැතහොත් උදේ පාන්දරම සෙනඟ තෙරපෙන බස් රථයකට නැග පාසැල් සිසුවියකට හෝ ‘රහසින්’ යන්තම් ජැකක් ගසා ගැනීම මඟින් ඔබට ඒ කලාතුරකින්ම පමණක් එන අව‍ශ්‍යතාවය ඉෂ්ඨ කරගත හැක.

එසේ කිරීම හොඳය. පෝන් නරකය.

එනිසා ලංකාවට පෝන් එපාය.

උපතින්ම විස්මිත මතක ශක්තියකට උරුමකම් කියන අපට පර සුද්දියන්ගේ පෝන් ඕනෑ නැත. අවැසිම නම් එදිනෙදා පාරේ තොටේ හමුවන කොටට අඳින, හිරට අඳින “බඩු” දෙක තුනක් අප විස්මිත මතක ශක්තිය භාවිතයෙන් මතකයේ ගබඩා කරගෙන නිවසට පැමිණ ධාතු පිට කර ගැනීමේ කරත‍ව්‍යයේ නියැලිය හැක.

නමුත් ධාතු පිටවීමට පෙර මොහොතේ සිය මනසට සුරඟනන් සේ පෙනෙන කාන්තාවන්ට ධාතු පිටවීමෙන් අනතුරුව වේසියන් කියා ගැරහීමටද අමතක නොකල යුතුය.

මන්ද ප්‍රසිද්ධියේ හිරට කොටට අඳින්නේ වේසියෝ නිසාය. ප්‍රසිද්ධියේ උන් දෙස බලන්නේ වනචරයෝ නිසාය. එනිසා අප වැනි පින්වතුන් [උන් දෙස බලා අතේ මැරීමෙන් අනතුරුව] උන්ට හරි වැරැද්ද කියා දිය යුතුමය.

පෝන් වල රඟපාපු සනී අක්කා පට්ට වේසියෙකු වී රෑට සනී අක්කා දෙස බලා අතේ මරා දවල්ට ඇයට වේසියක්ය කියා බණිනා අප සදාචාරවාදීන් වන්නේ ඒ තියරියට අනුවය.

මීට වසර පහකට පමණ පෙර ලංකාවේ විශාලතම සයිබර් වාරණය දියත් කරමින් ලාංකීය පිරිමින් සහ ගැහැණුන් ඇතුළත් දර්ශන ඇති පෝන් අඩවි 107ක් තහනම් කෙරුනි. පෝන් දර්ශන වල සිටි ලාංකික වේසියන් 80ක් පමණ අත් අඩංගුවට ගැනුනි. ඉන් සමහරක්ට දඩ මුදල් නියම කෙරුනි. තවත් සමහරෙක්ට දෙවසරකට නොවැඩි සිර දඬුවම් නියම කෙරුනි.

එසේ කෙරුනේ එය ජ්‍යාත්‍යාන්තරව කීර්තියට පත් අප රටේ නම කැත කරනු පිණිස ක්‍රියාත්මක කෙරුනු විදෙස් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව හෙළි කර ගැනීමට හැකිවීමෙන් පසුවය.

අප පෝන් වලට එරෙහි සටනේ පළමු පියවර තැබුවේ එලෙසය.

නමුත් දැනටත් ලාංකීය නොවන පෝන් වෙබ් අඩවි සිය ගණනක් අන්තර්ජාලයේ තිබෙනවාය. ඒවායේ සතුන් සමඟ සෙක්ස් කරන ඒවා තියෙනවාය. ත්‍රීසම්ස් තියෙනවාය. ඉන්සෙස්ට් (incest) ද මොනාදෝද තියෙනවාය.

ඇඟේ සිංහ ලේ දුවන, එකගෙයි කෑම වැනි සංස්කෘතිකාංග වලින් පැවත එන ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති අපට ඕවා දරා ගත නොහැක.

සුද්දන්ට අපේ ශිෂ්ඨ සංස්කෘතිය විනාශ කිරීමට ඉඩ නොදිය යුතුය.

එනිසා දෙවන පියවර ලෙස පසුගිය නොවැම්බර් 04 දා පෝන් සම්පූර්ණ ලෙස තහනම් කරන ලෙස ආණ්ඩුවට බලකෙරෙන අත්සනක් කොටුව දුම්රියපල අසලදී අප අත්සන් තැබුවෙමු.

මේ අපගේ සටනේ ආරම්භය පමණය. තෙවෙනි පියවරද අප ළඟදීම තබනවාය.

පෝන් උවදුරෙන් ලක්මාතාව බේරාගන්නා තුරු අපට අතේ මරන්නට නොසිතෙන්නේමය. එනිසා කෙසේ හෝ හැකි ඉක්මනින් පෝන් තහනම් කිරීමට කටයුතු කල යුතුය.

සුද්දියන් ඉදිරියේ හෙළ ධාතු වැගිරෙව්වා දැන් හොඳටෝම ඇතිය. සුද්දියෝ ඉදිරියේ අපේ ජාති ආලය දියවී යාමට තවත් ඉඩ නොදිය යුතුය.

පර සුද්දියෙකු දෙස බලා ධාතු පිට කරනවට වඩා සිහළ කතක් දෙස හොරෙන් හෝ බලා ධාතු පිට කිරීම ආඩම්බරය. අප දේශීයත්වය අගය කිරීමට පුරුදු විය යුතුය.

පෝන් නිසා අපේ දරුපරපුර නොමඟ යන බවද ඒනිසා පෝන් තහනම් කල යුතු බවද අපේ පන්සලේ හාමුදුරුවෝද කීවේය. ඇත්තය. දරුවන්ට හො‍ඳ නරක කියාදීමට වෙලාවක් නැති අපට, දරුවන් ගැන විමසිලිමත් වන්නට වෙලාවක් හෝ උවමනාවක් නැති අපට ඇති එකම විසඳුම පෝන් තහනම් කිරීම පමණක්මය.

ලංකාව සිංහලබෞද්ධ රටකි. නියමසිංහලබෞද්ධයෝ පෝන් නොබලති.

නියම නොවන නිකම් සිංහලබෞද්ධයින්වද බලෙන් හෝ නියමසිංහලබෞද්ධයින් බවට පත් කල යුතුය.

එනිසා ලංකාවට පෝන් එපාය (හැබැයි එල්ලුම්ගහ ඕනේය)

Advertisements

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s