කන්‍යාභාවය, පතිවත, ලිංගික ඊර්ෂ්‍යාව

කන්‍යාභාවය 

“පිරිමින්ගෙන් බේරාගෙන
පිරිමින්ටම පුදන
ලෝකයේ උතුම් තෑග්ග
කන්‍යාභාවයයි.”

කාන්තාව/කාන්තා ශරීරය කියන්නේ පිරිමියෙක්ට හෝ වෙනත් කෙනෙක්ට පුදන්න තියෙන තෑග්ගක් නම්, බඩුවක් නම් කතාව සත්‍ය විය හැක.

තමා යනු තවත් කෙනෙක්ට පූජා කල හැකි තෑග්ගක් හෝ බඩුවක් කියලා හිතන කාන්තාවන් තමාව වෙනත් කෙනෙක්ට පූජා කරගන්න.

තමා ආදරය කරන කෙනා තමාව සතුටු කිරීමට සිටින තමාට අයත් බඩුවක්ය, තමා සතුවිය යුතු දේපලක්ය කියලා සිතන පිරිමින් තමාගේ ජීවන සහකාරියගෙන් තමාට ‘පූජා වීම’ බලාපොරොත්තු වන්න.

මිනිසුන්ව බඩු, තෑගි, දේපල සේ නොදකින මිනිසුන්.. මිනිසුන් සේ ජීවත් වන්න.

පතිවත

පවුල් ජීවිතයක් තුල ඔය ‘පතිවත’ කියල අදහස් කරන එක ආරක්ෂා කිරීම (හෝ නොකිරීම) දෙදෙනා අතර ඇති සම්මුතීන් වලින් තවත් එක් සම්මුතියක් පමණකි. ලිංගිකත්වය යනු මානුෂිය සබඳතා වල තවත් එක් අංගයක් පමණක් වන අතර ඒ සම්බන්ධවද එක් එක් යුවලවල් වලට සාපේක්ෂව ඔවුනොවුන් අතර එකඟතා හා සම්මුතීන් ඇත.

එය රැකීම හෝ කඩ කිරීම අනෙක් සම්මුතීන් රැකීම සහ කඩකිරීම හා සැසඳිය හැක. මෙම සම්මුතිය කඩකිරීම එකඟතාවයකට පිටින් යෑම, විශ්වාසය බිඳ වැටීමක් පමණක් වන අතර එවන් දෙයකින් පසු එයට මුහුණ දෙන ආකාරය පුද්ගල පෞරෂය, වටිනාකම් වැනි දේ මත පදනම් වේ.

මෙම එකඟතා සියල්ල දෙදෙනාගේ කැමති, අකමැතිකම් අනුව තීරණය වෙන අතර ඒවා දෙදෙනාගේ පුද්ගලිකත්වයට සීමාවිය යුතුය.

ඒවායින් යම් යම් එකඟතා වලට එම දෙදෙනා වැඩි වටිනාකමක් ආදේශ කල පමණින් ඒ එකඟ වන හැසිරීම් උතුම් කියා හැඳින්විය යුතු නැත. දෙදෙනා යම් හැසිරීමක් තීරණාත්මක යැයි සිතූ පමණින් එය සියල්ලන්ටම අදාල වන ‘උතුම් මෙව්වා’ එකක් වන්නේ නැත.

පතිවත රැකීම ‘උතුම්’ දෙයක් යනුවෙන් අර්ථ දක්වන යමෙක් වේද ඔහු ලිංගිකත්වයටද උතුම් බවක් ආදේශ කරයි.

ආහාර ගැනීම, බහිශ්‍රාවය කිරීම මෙන්ම අතිශය ස්වභාවික වූ මිනිස් හැසිරීමකට ‘උතුම්’ බවක් ආදේශ කරන්නට යෑම වැඩ වරද්දා ගැනීමකි. කොටින්ම ඕනෑම දෙයකට, කෙනෙක්ට හෝ සංකල්පයකට උතුම්බවක් ආදේශ කරන්නට යෑම වැඩ වරද්දා ගැනීමකි.

දෙකකුල් අතර ඇති පටලයක් මත පදනම්ව සදාචාරය අර්ථ දැක්වීමට යාමත්, සවභාවික වූ මිනිස් හැසිරීමක තෝරාගත් වර්ශන් එකකට ‘උතුම්’ ලේබලය ගැසීමත්, ලිංගිකත්වය යනු ‘මහා ලොකු මෙව්වා එකක්ය’ වැනි ආකල්පත් අතීත මිනිසුන්ටම භාරදීම වැදගත් වන්නේ එවන් ආකල්ප වල හොඳ නරක නූතන මිනිසුන් අවබෝධකරගෙන ඇති  නිසාය.

ලිංගික ඊර්ෂ්‍යාව

ලිංගිකත්වය කියන හැසිරීමට උතුම් බවක් ආදේශ කිරීමට පදනම වන ලිංගික ඊර්ෂ්‍යාව කියන එක මිනිසාට පමණක් අනන්‍යය වූ ලක්ෂණයක් නොව සත්ව ලෝකයේ පවා දක්නට ලැබෙන හැසිරීමකි. ලිංගික ඊර්ෂ්‍යාව බොහෝ විට ඇති වන්නේ අභ්‍යන්තරව සංසේචනයේ යෙදෙන සතුන් තුලය. (පිරිමි ලිංගික අවයවය ගැහැණු ශරීරය තුළට ඇතුල් කිරීම මඟින් ගැබ් ගන්නා සතුන් තුළ). එය ඇතිවීම තුළින් සත්වයෙක් ලබා ගන්නා වාසිය නම් යුගල් වශයෙන් සිටීම නිසා තමාගෙන් බිහිවන දරුවන්ගේ පැවැත්මට අවශ්‍යවන ගැහැණු, පිරිමි දෙකොටසේම කාර්‍යභාරය සිදුවීම තහවුරු කිරීමට සහ ජානමය බෙදීයාම වැළැකීමයි.

ලිංගික ඊර්ෂ්‍යාවට පරිනාමීය සාධක මෙන්ම පුද්ගලික වටිනාකම් සහ සංස්කෘතික වටිනාකම්ද බලපායි. එක් එක් මානුෂීය හැසිරීම් ගැන ඇති සංස්කෘතික සම්මුතීන් මත එය ඇතිවන විදි වෙනස් විය හැක.

සමහර සංස්කෘතීන් තුල තමාගේ සහකරුවා සමඟ විරුද්ධ ලිංගිකයෙක් කරට අතදාගෙන ඡායාරූපයක් ගැනීම, සිප ගැනීම, නර්ථනයේ යෙදීම, අතින් ඇල්ලීම වැනි දේ සාමාන්‍ය හැසිරීම් ලෙස සැලකුවද තවත් සංස්කෘතියක සම්මුතීන්ට අනුව එම හැසිරීම් ලිංගික ඊර්ශ්‍යාව දනවන හැසිරීම් විය හැකිය.

යම් අවශ්‍යතා වලදී බුර්කාවෙන් සිරුරම වසාගෙන සිටින තම බිරිඳගේ මුහුණ වෙනකෙක්ට පෙන්වන්න සිදුවන විට දැඩි ඉස්ලාමීය සංස්කෘතික වටිනාකම් අනුව හැඩගැසුනු මිනිසුන් එය කරන්නේ ඇයව පැත්තකට ගෙන ගොස් කාන්තාවකට පමණක් ඇයගේ මුහුණ නිරාවරණය කර පෙන්වීමෙන් බව අප අසා ඇති කාරණයකි. (උදා – රටකින් රටකට ඇතුලත් වීමේදී අනන්‍යතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාවය පැනනඟින විට)

තමාගේ බිරිඳගේ මුහුණ දෙස වෙනකෙක් බලද්දි ඔහුට ඇතිවන හැඟීම අප සංස්කෘතියට අනුව ජීවත් වූ පිරිමියෙක්ට තමාගේ සහකාරියගේ පියයුරු දෙස වෙනකෙක් බලන විට ඇතිවන හැඟීමට සමපාත වන හැඟීමක් බව පැහැදිලිය. එක් එක් සංස්කෘතීන් විසින් ලිංගික ඊර්ෂ්‍යාවේ සීමා සම්බන්ධව ඇති කොට ඇති බලපෑමට එය කදිම උදාහරණයකි.

තමාගේ සහකරුවා හෝ සහකාරිය විරුද්ධ ලිංගිකයෙක් සමඟ සංස්කෘතිය විසින් නිර්ණය කරන ලද සීමා ඉක්මවා යන හැසිරීමක යෙදෙනවා දකින අපිට ඊර්ෂ්‍යාවක් සහ කෝපයක් ඇතිවන්නේ ඒනිසාය. එයට ප්‍රතිචාර ලෙස එන්නේ කේන්තිය, පසුතැවීම, මානසික කඩාවැටීම්, හිංසාකාරී හැසිරීම් වැනි හැඟීම්ය.

තමාගේ සහකරුවා හෝ සහකාරිය වෙනත් අයවලුන් සමඟ නිදියගැනීමට යනවට තියෙන දැඩි අකමැත්ත හෙවත් ලිංගික ඊර්ශ්‍යාව මහා ලොකු මලමගුලක් හෝ උතුම් මෙව්වා එකක් නොවේ. මිනිහා කියන එකා අනිත් සත්තුන් වගේ චාටර් නැති නිසාත්, මිනිහා සිරා නිසා අපි තුළ බුද්ධිය නිසා ඇති වන මලමගුලකුත් නොවේ.

මිනිහා කියන එකා උතුම්ය, හැමෝ එක්කම නිදා නොගැනීම ඒ උතුම් බවේ ලක්ෂණයක්ය, මිනිහෙක් හෝ ගෑණියෙක් එක්කෙනෙක්ට වඩා වැඩි ගානක් එක්ක නිදාගත්තොත් ඒ ‘උතුම්’ බව නැතුව ගිහින් සතෙක් බවට පත්වෙනවාය, ඕක මිනිසාව තිරිසන් සත්තුන්ගෙන් වෙන් කරන ප්‍රධානතම ලක්ෂණයක්ය.. යනුවෙන් අර්ථ දක්වා ඒ දේවල් වලට උතුම් බවක් අදේශ කිරීම තුළින් පුද්ගලික ජීවිත වලට සීමා වුන ලිංගික ක්‍රියාකාරකම් මත පදනම් වී ඔවුන්ව ‘උතුම් මිනිසුන්’ සහ ‘සත්ව මිනිසුන්’ ලෙස වෙන් කිරීමට යාම අතීතයේ වළලා දැමිය යුතු පසුගාමී මිනිසුන්ගේ විසුළු සහගත ආකල්පයකි.

Advertisements

6 responses to “කන්‍යාභාවය, පතිවත, ලිංගික ඊර්ෂ්‍යාව

  1. // මිනිසාව තිරිසන් සත්තුන්ගෙන් වෙන් කරන ප්‍රධානතම ලක්ෂණයක්ය

    ඔය වගේ behavior එකක් පූසංගෙත් තියනවලු නේ!

    Liked by 1 person

  2. හිතන්න බෝමයි, සමහර වෙලාවට හිතෙන දෙයක් තමා සහකාරිත් කොටුවක් පැන්නොත් කොයි වගේ ෆීලින් එකක් තියේවිද කියන එක, තමුන්ටත් ඔය වේදනාව දරන්න වේය කියන බය තියෙන අය වෙන්න ඕන තමුන්නේ යුතුකම් කලට වෙලාවට නොපිරිහෙලා ඉටුකරන්නේ.

    මේ පලාත පාළුවට ගිහිල්ල වගේ නොවැ; පතිවත සුරකින අය මේවා කියවන්නත් බයද දන්නෑ. දුක් මහන්සියෙන් හරි හම්බුකරගත් පිං දහම් සේදිලා ගියොත් එහෙම.

    පතිවත කියන්නේ පති ගේ වත ද?

    අවුරුදු 26ක් විතර වෙනකම් ඔය පළවෙනි එක පරෙස්සම්කර ගත්තු හිතවතියක්, එයාගේ රෝමැන්ටික් රාත්තිරියෙන් පස්සේ මෙන්න මෙහෙම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා, “දෙයියනේ මම වගේ මෝඩියක්, අවුරුදු 8ක්ම අපතේ යවලානේ“ එයා දෙවෙනි මෝඩකමත් කලාද කියලා නම් දන්නේ නෑ.

    Like

    • ඇණයා, ප්‍රතිචාරය පමා වීම ගැන මුලින්ම සමාව ඉල්ලන්න වෙනවා. අවුලක් නෑනෙ 🙂

      සහකාරිය කොටුවක් පැන්නොත් කියන බයට සමහරු යුතුකම් නොපිරිහෙලා ඉටුකරනව කියන එක ඇත්ත. ඒක එච්චර නරක දෙයක් නෙමේනෙ. කොහොමත් තමා කැමති, තමාට අවශ්‍ය යම් දෙයක් නැතුව යයි කියන අවධානමෙන් මිදෙන්න ඒ දෙය තමා සන්තකව තියා ගන්න වැඩ කරනවා නම් එතන වරදක් මම දකින්නෙ නෑ. හැබැයි විවාහ බන්ධනයෙන් ඔය නැතුව යාමට තියෙන ඉඩකඩ සෑහෙන අඩු වෙන නිසා ඔය කැපකිරීම නම් ඊට පස්සෙ සෑහෙන අඩුවෙනවා, ගොඩක් අවස්ථා වලදි. ඒක ඉතින් වෙනම කතාවක්.

      කොහොමත් ජීවිතය විඳින්නේ නැතුව විඳවන එක නම් මගේ අදහසේ හැටියට මෝඩකමක්. අදහස් පුද්ගලයා අනුව වෙනස් වෙනවා. මගෙ අදහස ඉතින් එහෙමයි.

      Like

  3. /තමාගේ බිරිඳගේ මුහුණ දෙස වෙනකෙක් බලද්දි ඔහුට ඇතිවන හැඟීම අප සංස්කෘතියට අනුව ජීවත් වූ පිරිමියෙක්ට තමාගේ සහකාරියගේ පියයුරු දෙස වෙනකෙක් බලන විට ඇතිවන හැඟීමට සමපාත වන හැඟීමක් බව පැහැදිලිය./

    කෙල්ලෙකුගේ ඇඳුමේ හිඩසක් පෙන්න බැරි ඒ නිසා නේද? ඕක පට්ට ෆීලිං එකක් නේ, කොහෙද මේ හැමඑකම එළිය දාගෙන ඉන්න සුද්දියෝ අස්සේ ගැවසිලා මට ඔයි වගේ පට්ට ෆීලිං එන්නේ නැති වෙලා නේ. ඔය බව දන්නකියන දැනුමැත්තෝ තමා අපේ සංස්කෘරුතිය ආරක්ෂාකිරීමේ වැදගත් බව දන්නේ.

    Like

    • ඕකට හේතුව විවිධ සංස්කෘතීන් සහ සමාජයන් වල එකම ශරිරාංග විවිධ ආකාරයෙන් සෙක්ෂුවලයිස් කරලා තියෙන එක. මම අහල තියෙනවා වික්ටෝරියා රැජිනගේ කාලේ පිරිමි රැස් වෙලා හිටියලු කාන්තාවො අශ්ව රථයෙන් බහිද්දි ඒ සුළු මොහොතේ නිරාවරණය වෙන වළලුකර බලන්න. සමහර විට දැඩි ඉස්ලාමීය නීති යටතේ පාලනය ප්‍රදේශ වල වර්තමාන තත්වයත් ඕකම වෙන්න පුළුවන්. බටහිර තියෙන්නේ සාපේක්ෂව ඕකේම විරුද්ධ පැත්ත.

      Liked by 1 person

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s