අයියෝ සිරිසේන

වසර 2016 සඳහා ජනාධිපතිතුමාගේ ගීතයක් යැයි කියමින් එතුමාගේ අවසරකින් හෝ දැනුවත්කමකින් තොරව යම් පිරිසක් විසින් සමාජජාලා වල ගීතයක් ප්‍රචාරය කොට තිබේ

– ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්

පහත සඳහන් කතාව මම කුඩා කල පුවත්පතක කියවූ විහිලු කතාවකි.

මේ කතාව සහ වර්තමාන ලංකාව් තත්වය අතර ඛේදජනක සම්බන්ධයක් ඇතැයි යමෙක් සිතනවානම් ඒ සිතිවිල්ල නිවැරදි නොවේ. මෙය නිකම්ම නිකම් කතාවක් පමණි.

මේක ඉස්කෝලෙක වෙච්චි කතාවක්.

ඔන්න දවසක් පන්තිභාර ගුරුතුමියක් ළමයින්ගේ විවේක කාලය ඉවර වුනයින් පස්සේ තමාට තියෙන පීරියඩ් එක කරන්න
යනවලු.

ඒ යන අතරතුර ගුරුතුමී දකිනවලු පන්තියට යන කොරිඩෝවෙ ඒ පන්තියේම ළමයෙක් අමාරුවෙන් හිටගෙන, දාඩිය දාගෙන, අඬන්න වගේ මූණ හදාගෙන මිරිකි මිරිකි ඉන්නව.

මේ ළමයා ටිකක් මෝඩ පහේ ළමයෙක්ලු. ඒ වුනාට මේ ළමයලු පන්තියේ මොනිටර්. පන්තිභාර ගුරුතුමිය ළමයාව පන්තියේ මොනිටර් කලේ ළමයාගේ දක්ෂකමට වඩා පන්තියේ හිටිය අනිත් ළමයි ඔක්කෝම පට්ට ඇට්ටරයො නිසාලු. කරන්න වෙන දෙයක් නැති කමට.

හැබැයි මේ ළමයා මොනිටර් වුනාට පස්සෙලු ගුරුතුමීටත් තේරෙන්න ගත්තේ මේ ළමයා හිතුවටත් වඩා අම්බ ගොන් නාම්බෙක් කියල.

කෝමෙන් කෝම හරි, ගුරුතුමිය ළමය ගාවට ගිහින් මෙහෙම අහනවලු.

“ඇයි පුතේ? පන්තියට යන්නැද්ද? දැන් ඉන්ටවල් එක ඉවරනෙ. මොකද මෙතන කරන්නේ?”

කියල

ළමයා අමාරුවෙන් දාඩිය දාගෙන මිරිකීගෙන උත්තර දෙනවලු

“ටීචර්, මට පන්තියට යන්න බෑ ආයේ. අර නරක ළමයි එක්ක බෑ ටීචර් මට..”

ටීචර්ට ඉතින් දුකයි ලු. ටීචර් අහනවලු

“පුතේ, ඒගොල්ලෝ නරක බව මම දන්නවනෙ පුතේ, ඒකනෙ මම අර මොනිටර් කමේ හිටපු ඇට්ටර කොල්ලව අයින් කරලා පුතාටම මොනිටර් කම දුන්නේ”

ළමයා කියනවලු

“ඒ වුනාට බෑ ටීචර්, ඒ ගොල්ලෝ නරකයි. මට අමාරුයි ටීච, ඒගොල්ලෝ හින්දා මටයි ලැජ්ජා වෙන්නේ. මටයි නරක නාමේ එන්නේ”

ටීච ආයෙම කියනවලු

“ඉතින් පුතේ ඒගොල්ලෝ මොනව කලත් පුතා වෙලාවට පන්තියට යන්න එපෑ. දැන් ඉන්ටවල් එක ඉවරයි නෙ. පන්තියට යන්න බැරි වෙන්න හේතුවක් නෑනෙ පුතේ”

ළමයා ආයෙම කියනවලු

“ටීචර්, මුන්ගෙන් එකෙක් මට පන්තියට යන්න බැරි වෙන විදියට වැඩක් කරල ටීච. ඒකයි මම මේ අමාරුවෙන් මෙතනට වෙලා දාඩිය දාගෙන ඉන්නෙ. මට ඉන්න බෑ ටීච. කවුද මේ බලු වැඩේ කලේ කියල මට මේ හිතාගන්න බැරුව ඉන්නේ ටීචර්..”

ටීචර් ට දැන් මාරම දුකයිලු මේ අහිංසකයා ගැන,

“ඇයි පුතේ? මොන ළමයද දැන් පුතාට පන්තියට යන්න බැරි වෙන්න වැඩේ කරල තියෙන්නේ? මොකක්ද දැන් ඔය උන් පුතාව අහු කරන්න කරපු කාටවත් මූණ දෙන්න බැරි වැඩේ”

අර මෝඩ පහේ මොනිටර් උත්තර දෙනවලු

“බලන්න ටීච, මේ ඇට්ටර කොල්ලන්ගෙන් මොකෙක් හරි එකෙක් මට නොතේරෙන්න, මට නොදැනෙන්න, මාව ලැජ්ජාවට පත් කරන්න, මගේ නම කැත කරන්න..

…මගේම කලිසමේ කක්කා කරලනේ ටීච..ගන්ධස්සාරේ බෑ”
ප/ලි – තමාගේම කලිසමේ කක්කා කර ඇත්තේ වෙන කවුදෝ ළමයෙක් යැයි කියන මෝඩ පහේ ළමයා සමඟ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් ජනාධිපතිතුමාව පටලවා ගන්නා යමෙක් වෙතොත් එහි වරද ඒ පටලවා ගන්නා ගේම මිසක එතුමාගේ නොවේය. එතුමා කිසිත් නොදන්නා තොත්ත බබෙකි. සියල්ලෝ එතුමාගේ නොදැනුවත්කමෙන් එතුමාගේම කලිසමේ කක්කා… සමාවන්න එතුමාව වරදට හසු කරති. මේවා හෙන ගහන අපරාධය. එතුමා අපේ මිනිහෙකි. අපේකම අපිට හොඳාය.

Advertisements

7 responses to “අයියෝ සිරිසේන

  1. Pingback: මුකුත්ම නොදන්න අයියෝ සිරිසේන | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

    • @රසිකොලොජිස්ට්, රජු හෙළුවෙන් යනකොට සිතම්බර සළුව ගැන වර්ණනා කරපු වන්දිබට්ටයින්ගේ කථාව දන්නවද ? ටෝයියන්ගෙයි බයියන්ගෙයි වෙනස කේස් ගසකට සමයි නේ!

      Like

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s