රජදරුවෙනි, පුක දුන්නා ඇති !

අපි ජනතාවක් වශයෙන් කොච්චර වාසනාවන්තද කියා තේරෙන්නේ අප රටේ දේශපාලනය කරන ඇත්තන් අපට සේවය කරන්න තියෙන උනන්දුවයි විඳින දුකයි දැක්කාමය.

දේශපාලකයෝ විතරක් නම් කමක් නැතිය. දේශපාලනය කරන ඇත්තන්ගේ දරුවෝද ජනතාවට සේවය කරන්නට පෙළ ගැසෙති.

තමාගේ A/C කරපු මන්දිර වලින් එළියට බැස දේශපාලක දෙමාපියන් නිසා ලැබුන ඩිෆෙන්ඩර් රථ වල නැඟ කට්ට අව්වේ පිච්චෙමින් දුක් විඳින්නේ අපේ දුක නැති කරන්නටය.

ඒ දේශපාලකයොයි ඒගොල්ලන්ගේ දරුවොයි අපි වෙනුවෙන් කට්ට කන්නේ පරම පිවිතුරු, නිකලැල්, නිර්ලෝභී, නිර්ව්‍යාජ, පාරිශුද්ධ අරමුණින්ය. ඒ බව අප දන්නේ දශක ගණනක අත්දැකීමෙන්ය.

අප රට දියුණු කරන්න තමාගේ ජීවිත කැප කිරීමට පොරකන අය ගණනින් ඉතා වැඩිය. එනිසා අපේම සල්ලි වලින් කෝටි ගණන් වැය කරලා මැතිවරණ තියලා සීමිත පිරිසක් දියවන්නාවට යවා ඇත.

ඒ ඔක්කෝටම රට කරවන චෑන්ස් එක දෙන්නට බැරි නිසාය. ඔක්කෝටම රට කරනවන්නට චෑන්ස් එක දෙන්න බැරි උන්ව නඩත්තු කරන්න වෙන්නෙත් අපිටම නිසාය.

ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඔවුන්ගේ පුද්ගලික ලේකම්වරු, පුද්ගලික කාර්යය මණ්ඩල, දුරකතන, ඉන්ධන, කාර්යාල වියදම් රියදුරුවරු, ආරක්ෂක නිළධාරීන් ඇතුළු එකී මෙකී නොකී සෑම වියදක්ම දරන්නේ ජනතාව වන අපිය.

වාසනාවට හෝ අවාසනාවකට අපටවත් අප රටටවත් එහෙම කරන්න තරම් වත්කමක් නැතිය.

එනිසා අප විසින් තෝරා පත් කරගත්තේ නැති අයවලුන් අපට සේවය කිරීම උදෙසා වුවද ජනපති වරප්‍රසාද හෝ රාජ්‍ය බලය හෝ රාජ්‍යය අනුග්‍රහය හෝ ලබා ගන්නවාට අපේ කැමැත්තක් නැත.

එතකන් බලෙන් පුක්ඛය දානය කරන්නට ගොස් ඉල්ලන් නොකා අපට ඇති සීමිත සම්පත් ටික නාස්ති නොකර පැත්තකට වී සිටිය යුතුය.

තමාගේ පවුලේ කෙනෙකු උසස් තැනකට ගියාම හරි සාර්ථක වුනාම හරි දැනෙන උෂ්ණය ස්වභාවකිය. සාමාන්‍යයය.

අපේ ගමේත් පුතා දොස්තර කෙනෙකු වූ පසු ඉංග්‍රීසි කතා කිරීමට ටියුෂන් ගිය අවුරුදු හැටපහක පමණ මවත් සොයුරියත් ගමේම උපහාසයට ලක් වූ හැටි මට මතකය. ඒත් මා ඒ ගැන තැකීමක් කලේ නැත.

මා ඒ ගැන තැකීමක් කරන්නේ ඒ අම්මායි අක්කායි ගමේ උන්ට බේත් දෙන්න ආවොත්ය. මොකද දොස්තරකමට තේරී පත් වෙලා තියෙන්නේ පුතා මිස අම්මාවත් අක්කාවත් නොවන නිසාය.

අවසාන වශයෙන් චතුරිකා සිරිසේන,දහම් සිරිසේන ඇතුළු සියලු රජ දරුවන්ට කීමට ඇත්තේ මෙපමණය,

ජනාධිපති වෙලා තියෙන්නේ ඔබවත්, පවුලේ අයවත් නොව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාය.

එනිසා දොස්තර පුතාගේ අම්මා සහ සහෝදරිය ඉංග්‍රීසි ටියුෂන් ගියා සේ ඔබත් ඔබේ උෂ්ණය පිට කර ගැනීමට ජනතාවට වියදම් නැති වෙනත් ක්‍රමයක් සොයාගත යුතුය.

පහුගිය පාලන කාලයේ රජදරුවන් අපට කල සේවය ගැන ඉගෙනගත් පාඩම් මෙච්චර ඉක්මනට රටේ ජනතාවට අමතක වී නැත.

ගිණි පෙල්ලෙන් බැට කෑ මිනිහා කණා මැදිරි එළියටත් බයයි කියන්නේ කටකහනවාට නෙමේය.

Advertisements

6 responses to “රජදරුවෙනි, පුක දුන්නා ඇති !

  1. මුන්ට අර මල්ලිට වගේ නියමිත රස්සාවක් වාහනයක් දීලා පැත්තකින් තියන්න බැරිද…?

    තාම කැමරා කාරයෝ යන්නේ නෑ… ළ්ඟදීම එකත් කොරාවී…

    Liked by 1 person

    • ඔව් එහෙමවත් කරන්න පුළුවන් නම් තියෙන විදියට නරක නෑ. මොකද ඒක nepotism නෙමේලු නේ.

      අපිට වෙලා තියෙන ප්‍රශ්නය බං,

      මුංට හොරකන් කරන්න, නාස්ති කරන්න දෙනවද නැද්ද කියල තීරණය කරන එක නෙමේ

      මුංට ‘කොච්චර’ හොරකන් කරන්න, නාස්ති කරන්න දෙනවද කියලා තීරණය කරන එක

      බලමුකො ඒකෙත් හැටි නේ?

      Like

  2. බලන්න අර්මිකාරයො ටික පුස් පැටව් වගේ එකත් පසව ඉන්න හැටි

    Like

    • රාජකුමාරයන්ට ගරු නම්බු දෙන්න දන්නා සෙනෙවිවරු නේ ඔය

      Like

  3. ආසියානු හැදියාවයි කියන්නෙ ඕක?
    ඔය හැදියාව හැඳිගෑවිලා යනකම් හරියන්නෙ නෑ

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s