ඇයි?

“මට ම මයි වෙන්නෙ”

අපේ ජීවිත කාලයේ කී පාරක් නම් අපට ඒ විදිහට හිතිලා ඇද්ද?

ඇයි මටම මෙහෙම වෙන්නෙ? කොච්චර හොඳ කලත් වැඩක් නෑ.. හොඳ මිනිස්සුන්ට මයි නරක දේවල් වෙන්නෙ..

හොඳ දේවල් වෙන්න ඕන හොඳ මිනිස්සුන්ටනෙ. නරක දේවල් කාටහරි වෙනවා නම්, එහෙම වෙන්න ඕන නරක අයටනෙ. එහෙම නෙමේද?

අපි හැමෝම හිතන්න පුරුදු වෙලා තියෙන්නෙ අපිට වෙනවා නම් වෙන්න ඕන හොඳ දේවල් විතරයි කියල. ඒක නිකන් හරියට ලෝකය අපිට හොඳ දේවල් කරන්න ණයයි වගේ හැඟීමක්.

ඇයි මට මෙහෙම වුනේ? ඇයි මම කැමති කෙල්ල මට කැමති නැත්තෙ? ඇයි මගෙ පුතාට විභාගෙ පාස් වෙන්න බැරි වුනේ? ඇයි මට promotion එක ලැබුනෙ නැත්තෙ? ඇයි මම මෙච්චර සුදුසුකම් තිබිලත් interview එක පාස් වුනේ නැත්තෙ? ඇයි නිවාඩුවක් දැම්ම දවසෙම ලයිට් කැපුවෙ? ඇයි හැමදාම ෆයිනල් ඇවිත් මැච් එක පරදින්නෙ? ඇයි ලොක්කට මගෙ වැරදිම පේන්නෙ? ඇයි අවුරුදු නිවාඩුව approve වුනේ නැත්තෙ? ඇයි මගෙ ඔලුවෙ කැක්කුම හොඳ වෙන්නෙ නැත්තෙ? ඇයි අල්ලපු ගෙදර අයට කාර් එකක් තියෙද්දි අපිට එකක් ගන්න බැරි? ඇයි මම සුදු නැත්තෙ? ඇයි කොල්ලො මගෙන් යාලු වෙන්න අහන්නෙ නැත්තෙ? ඇයි කෙල්ල මට බූට් එක තිබ්බෙ….

ඇයි…? ඇයි….? ඇයි…?

ischope001p1

Arthur Schopenhauer

අපි අපේ ජීවිත ගැන කොච්චර කන්කෙඳිරි ගෑවත් ලෝකේ ජීවත් වන සමහර මිනිස්සු ගත කරන ජීවිතත් එක්ක අපේ ජීවිත සසඳන්නවත් පුළුවන්ද? අපට කොයි තරම් ප්‍රශ්න තිබ්බත් මේ මොහොතේ ගෙදර ඉඳගෙන internet එකෙන් මේ සටහන කියවන ඔයාගෙ ජීවිතය තමාගෙ ජීවිත කාලයටම පිරිසිදු වතුර බිඳක් බොන්න වාසනාව නොතිබ්බ කෙනෙක්ගේ ජීවිතයක් එක්ක සසඳන්න පුළුවන්ද?

Arthur Schopenhauer කියන ජර්මන් දාර්ශනිකයා කියන විදිහට කෙනෙක් විඳින දුක් කම්කොටොළු තුළ යම් සැනසීමක් හොයන්න තියෙන හොඳම ක්‍රමය නම් තමාට වඩා නරක තත්වයක ඉන්න අයගේ ජීවිත දිහා බලන එක කියල. ඔහු කියනව තමාට වඩා නරක ජීවිතයක් හොයාගෙන ඉන් සැනසෙන්න ඕනම කෙනෙක්ට අවස්ථාව තියෙන බව.

හැම දේටම ඇයි මටම? ඇයි මටම කියල අහන අපි කවදාවත් අහනවද ඇයි මටම ඇඟිලි දහයක් තියෙන අත් දෙකක්ම ලැබිල තියෙන්නේ? ඇයි මටම ඇවිදින්න වාසනාව ලැබිල තියෙන්නේ? ඇයි මටම හොඳට පේන ඇස් දෙකක් ලැබිල තියෙන්නේ? ඇයි මටම බොන්න පිරිසිදු වතුර ලැබෙන්නේ? ඇයි මටම මට ආදරය කරන දෙමව්පියන් ලැබිල තියෙන්නේ? ඇයි මටම ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුනේ?

අපිට නරක වෙද්දි ඇයි කියල අහන අපි කවදාවත් අපිට හොඳක් වෙද්දි ඇයි කියල අහනවද?

post-6-0-86982100-1345934592

Arthur Ashe

Arthur Ashe කියන අද්විතීය ටෙනිස් ක්‍රීඩකයට කරන්න සිද්ද වුන හදවත් සැත්කමකදි යොදාගත්ත ලේ නිසා ඔහුට අනපේක්ෂිත විදිහට ඒඩ්ස් රෝගය වැළඳිලා. ඒ 1983 දි. එතකොට හැමෝම ඔහුගෙන් අහපු ප්‍රශ්නෙලු “ඇයි මේ වගේ අවාසනාවන්ත දෙයක් ඔයාටම වුනේ.. ඇයි දෙවියන් ඔයාටම මෙහෙම කලේ?” කියන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට ඔහු දීලා තියෙන උත්තරේ මේකයි.

“ලෝකයේ සාමාන්‍යයෙන් ළමයි මිලියන 50ක් විතර ටෙනිස් සෙල්ලම් කරන්න පටන් ගන්නව. එයින් හරියට ටෙනිස් සෙල්ලම් කරන්න මිලියන 5ක් විතර අය ඉගෙන ගන්නව. එයිනුත් 500,000 විතර වෘතියම වශයෙන් ටෙනිස් ක්‍රීඩා කරන තත්වයට එනව. එයින් 50,000ක් circuit එකට එනව. එයින් 5000ක් grand slam සෙල්ලම් කරනව. එයින් 50ක් Wimbledon සෙල්ලම් කරන්න තේරෙනව. එයින් 4ක් semi final වටයට තේරෙනව. එයින් දෙන්නෙක් අවසන් තරඟයට තේරෙනව. එයිනුත් දිනන්න හම්බෙන්නේ එකම එක්කෙනාටයි. ඒ එකම එක්කෙනා වුනේ මම. ඒත් එදා මම දෙවියන්ගෙන්

ඇයි මටම මේක වුනේ…

කියල ඇහැව්වෙ නෑනෙ”

ඇත්තටම ජීවිතයෙන් හොඳම බලාපොරොත්තු වෙන්නෙ නැතුව නරකත් බලාපොරොත්තු වුනා නම් අපිට ජීවිතයට මූණ දෙන්න තරමක් හරි ලේසි වෙයි නේද? අපිට එන නරක එන්න කලින්ම අපි බලාපොරොත්තුවෙන් ඉන්නව නම් ඒවට මූණ දෙන්න මීට වඩා කොච්චර නම් ලේසිද?

හැම වෙලේම ධනාත්මක චින්තනය හොඳයි කියල අපිට පොඩි කාලෙ ඉඳන් කවපු ලණුව චුයින්ගම් එකක් වගේ හප හප ඉන්නෙ නැතුව දැන්වත් එළියට විසි කරල දාමුද?

මොහොතක් හිතන්න..

Advertisements

One response to “ඇයි?

  1. හැම වෙලේම ධනාත්මක චින්තනය හොඳයි කියල අපිට පොඩි කාලෙ ඉඳන් කවපු ලණුව චුයින්ගම් එකක් වගේ හප හප ඉන්නෙ නැතුව දැන්වත් එළියට විසි කරල දාමුද?

    yeah for sure!

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s