බින්දා නෙමේ යකෝ බිඳුනා..

අත්වැරදීමකින් මගේ ප්‍රියම්භිකාවිය අතින් බ්ලෙන්ඩර් එක වැටිලා ඒකට සොරි ඩොට් කොම් වුනා මේ දැන්. මේ මනුස්සයාට තේරෙන්නේ නෑ කොච්චර කිව්වත් ගනන් ගන්න එපා කියලා.

මම කිව්වේ මෙච්චරයි.

“බ්ලෙන්ඩර් එකක් අලුතෙන් ගන්න පුලුවන්. ඔයා අප්සට් එකේ ඉන්න මේ මොහොත ආයේ ගන්න බෑ. අත්වැරදීමක් නේ වුනේ. ගනන් ගන්න එපා. අපි අලුත් එකක් ගමු”

සකසුරුවම් විදිහට, අරපරිස්සමින් වැඩකරන, වියදම් කරනවාට වඩා ඉතිරිකරන ජාතියේ කෙනෙක් වන ඇයට මේ කතාව කොච්චර කිව්වත් වැඩක් නෑ.

අත්වැරදීම් ගැන මිනිස්සු වදවෙන එක ගැන, කේන්තිගන්න එක කිසිම තේරුමක් නැති දෙයක්.

තමාගේ පාලනයෙන් තොර, අත්වැරදීමකින් සිදුවන දෙයක් නිසා මූඩ් එක අප්සට් ගහන මිනිස්සු ඉන්නේ. සරල දේවල් තේරුම් ගන්න අමාරු ඇයි?

මේ අද දවසේම මිනිසුන් අතින් සිදුවන අත්වැරදීම් නිසා කීදෙනෙක්ට සැමියන්, බිරි‍ඳන්, දරුවන්, සහෝදරියන්, සහෝදරියන්, දෙමව්පියන්, මිත්‍රයන් නැති වෙන්න ඇද්ද? කීදෙනෙක්ට අත්පා අහිමි වෙන්න ඇද්ද?

නමුත් මිනිසුන් පෙලඹෙන්නේ තමාගේ ප්‍රශ්න නොවන සිද්ධීන් ප්‍රශ්න සේ දැකීමටයි. එහෙම හිතලා තමාගේ ‘මේ මොහොත’ ඔවුන් විසින් විනාශ කරගන්නවා.

අත්වැරදීමක් වුනාම ඒ දෙයට කෑගහන, බනින, ඇඟට ගොඩවෙන මිනිස්සුන්ව මම දැකලා තියෙනවා. තම බිරිඳ අතට ගෙනත් දෙන තේක ඒ ගේන අතරේ හැලුනාම ඒකට කෑගහන මිනිස්සු, තමාගේ ආදරය කරන කෙනාගේ හැඟීම් වලට වඩා භාණ්ඩ වලට වටිනාකමක් දෙන මිනිස්සු..

තේරුම් ගන්න ඕනේ ඒ කැඩුන භාණ්ඩයට කිසිවක් දැනෙන්නේ නෑ, නමුත් අත්වැරදීම වුන මනුස්සයාට හැඟීම් තියෙනවා. යම් දෙයකට වටිනාකමක් නෑ, අපි විසින් එයට වටිනාකමක් ආරූඩ කරනු ලබන්නේ. වටින්නේ මනුස්ස හැඟීමද? අප විසින් වටිනාකමක් ආරූඩ කරන යම් සිත්පිත් නැති භාණ්ඩයක්ද?

සමහරු මෙවන් දේ ගැන කතා කරන්නේ මෙහෙම..

“වීදුරුව බින්දා”…. “හරි, ඒකත් කැඩුවා”…”වැට්ටුවා”

බින්දා නෙමේ යකෝ බිඳුනා… කැඩුවා නෙමේ යකෝ කැඩුනා.. වැට්ටුවා නෙමේ යකෝ වැටුනා..

මොන මගුල වුනත් වොරි වෙලා හඬා වැටෙන බබාලා ටිකක් වගේ. ජොබ් එක නැති වුන බව දැනගත්තාම සතුටු වෙන මිනිහෙක් දන්නවාද?

ජොබ් එක නැති වුනාම හරිනම් සතුටු වෙන්නයි ඕනේ. දවසේ අහන්න ලැබිය හැකි නරක ආරංචි ප්‍රමාණය ගත්තාම ජොබ් එක නැතිවුනා කියන එක මම නම් ඕනෙම වෙලාවක ඉතාම කැමැත්තෙන් තෝරාන්නා ආරංචියක්.

ඔබට යම් මොහොතක ඇසීමට සිදුවීමට ඉඩ ඇති ආරංචි ගැන හිතන්න.

“තමාගේ පියා, මව, බිරිඳ, දරුවා, මිත්‍රයා මියගියා.. ඔවුන් දරුණුහදිසි අනතුරකට ලක්වී ආබාධිත තත්වයට පත්වුනා.. දරුණු පිළිස්සීමකට ලක්වුනා..” වැනි ආරංචි.

ඔබට ඊලඟ මොහොතේ එවන් ආරංචියක් ගැන දුරකතන ඇමතුමක් නොලැබේ යැයි කිව හැකිද?

තමාට ලැබෙන්නට හැකියාව ඇති ඒ ආරංචි වලින් රැකියාව නැතිවීම කියන එක සුභ ආරංචියක් නෙමේද? ඔබට එය නැවත ගොඩ ආ හැකි දෙයක් නොවේද? නැවත ගොඩ ආ නොහැකි, වෙනස් කල නොහැකි දේවල් කීදෙනෙක් මිනිස්සුන්ට ඒ දිනම වෙන්න ඇද්ද?

ප්‍රශ්න කියන්නේ මොනවාද? අපි ප්‍රශ්න කියලා හිතාගෙන ඉන්නේ මොනවාද කියන එක ගැන අපි සෑහෙන හිතන්න අවශ්‍යයි.

දිනපතා බොන්න වතුර පොදක් නැතුව මියයන දරුවන් දහස්ගනනක් සිටිනා ලෝකයේ….

ඔබට දුරකතන ඇමතුමක් ගැනීමට අවශ්‍ය වෙලාවේදී ෆෝන් එකේ බැටරිය බැස තිබීම ප්‍රශ්නයක් ද? ඔබේ පෙම්වතා ඔබේ උපන්දිනයට සුභපැතීමට අමතක වීම ප්‍රශ්නයක් ද? කාර්‍යාලයේ මිතුරියක්/මිතුරෙක් ඔබට විරුද්ධව කේලාම් කීම ප්‍රශ්නයක් ද? ඔබේ පීසා ඩිලිවරි එක පමා වීම ප්‍රශ්නයක් ද? සිංහල අවුරුද්දට/නත්තලට තමාගේ පියා සතුව තමාට ඇඳුම් අරන් දීමට මුදල් නොමැතිවීම ප්‍රශ්නයක් ද? විනාඩි 20ක් වාහන තදබදයේ සිරවී සිටීමට සිදුවීම ප්‍රශ්නයක් ද? බිරිඳ අතින් කෑම එකට ලුණු මදී වීම ප්‍රශ්නයක් ද?

මෙවන් දේ මිනිසුන් විසින් ප්‍රශ්න ලෙස දකිනා ප්‍රශ්න නොවන ප්‍රශ්නයි. බඩිගින්නේ කන්න දෙයක් නැතුව මියැදෙන්න ඉන්නා ළමයෙක්ට කියන්න “අනේ මගේ ෆෝන් එක වැටිලා ඩිස්ප්ලේ එක ගියා අප්පා, මට ජීවිතේම එපා වෙලා ඉන්නේ” කියලා. ඔබ කොයිතරම් විහිලුවක් ද කියා ඔබටම තේරෙයි.

තමා අලුතෙන් ගත්, තමා ඉතාම ආදරය කරන භාණ්ඩයක් තමා ආදරය කරන කෙනෙක් අතින් අත්වැරදීමකින් විනාශ වුනොත් ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

මොහොතක් හිතන්න..

Advertisements

7 responses to “බින්දා නෙමේ යකෝ බිඳුනා..

  1. ඔය ඔක්කොම හරි කියමුකො. නමුත් යුද්දෙදි කියන්න බෑ වෙඩි තිබ්බා නෙවෙයි යකෝ තැබුණා කියලා. 😀

    ඇත්තෙන්ම ජීවිතයේ සිදුවන අහඹු සිදුවීම් දිහා උපේක්ෂාවෙන් බලන්න, සෑහෙන ආත්ම ශක්තියක් ඕනේ.

    Like

    • හැබැයි “ගහේ බැන්දේ නෑ යකෝ, ඌම බැඳගත්තා” කියල නම් කියන්න පුළුවන් නේ? ඒ විතරක් නම් මදෑ “ගැහැව්වා නෙමේ, ඌම ගහගත්තා” කියලත් ඕනේ නම් කියන්න පුළුවන් 😛

      Like

    • ඔව්. ඒ වගේම මට කෙළවෙමින් තිබේ, අපට කෙළවෙමින් තිබේ කිව්වත් හරි නේ?

      Like

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s