කලාකරුවා සමාජය ඉදිරියේ කිච වීම

sinhabahu

“කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු”

කලාකරුවන් ඔවුන්ව හඳුන්වාගන්නේ එහෙමයි.

අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ මුදලට නෙමේ, කලාව විකුණලා බඩගෝස්තරය රැකගන්න හදන්න එපා

ඒ කලාව ගැන කතා කරද්දි ඔවුන් කියන කතා..

ගොඩක් කලාකරුවෝ තමාව හඳුන්වාගන්න කැමති එහෙම. සමාජය ඉස්සරහා තමාගේ ඉමේජ් එක හදාගන්න කැමති එහෙම.

ඔවුන් කැමතියි තමන් සමාන්‍යය මිනිස්සුන්ගෙන් වෙනස් ‘අමුතුම’ මිනිස්සුන් කණ්ඩායමක් විදියට හඳුන්වගන්න. තමාගේ වෘතිය සමාජයේ අනිත් මිනිස්සුන්ගේ වෘතීන්ගෙන් වෙනස්, වෙනම තලයක වෘතියක් විදියට හඳුන්වගන්න

ඒත් ඔවුන් හදාගන්න හදන ඔය ‘අමුතු’ ස්ටේටස් එක ඇතුළේ තියෙන්නේ බොහෝ වෙලාවට ව්‍යාජතවයක් මිසක යථාර්තයක් නෙමේ..

කලාකරුවා කියන සංවේදී අමුතු මනුස්සයාගේ ස්ටෑන්ඩර්ඩ් එකට කෙළවෙලා යනවා, ඔහුත් අනිත් මිනිස්සු වගේම මුදලට වැඩ කරන කෙනෙක් කියන යථාර්තය පිළිගන්න සිද්ධ වුනොත්

කලාකරුවා කියන්නේත් අපි වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන, අපේම සමාජයේ ජීවත් වෙන, අපිටම තියෙන අවශ්‍යතා තියෙන, දවස ගානේ අපිම මූණ දෙන ප්‍රශ්න වලට මූණ දෙන, අපි වගේම නිකම්ම නිකන් මනුස්සයෙක්

ඕක තමයි ඔය ව්‍යාජත්වය ඇතුළේ හැංගිලා තියෙන යථාර්තය

දැන් තමාවම සහ සමාජයම රවට්ටගන්නා කලාකාරයො බොහෝමයක් දෙනා පත්වෙලා තියෙන තත්වය මොනවගේද?

ඔවුන් බොහෝමයක් දෙනා ජීවිතේ අන්තිම කාලය ගත කරන්නේ අතේ පිච්චියක් නැති හිඟන්නො බවට පත් වෙලා, තමා කල ‘සේවය’ වෙනුවෙන් සමාජයෙන් හිඟමන් යදිමිනුයි ඔවුන් මියයන්නේ

ඔවුන්ට ඒ ඉරණමට මූණ දෙන්න වෙන්නේ තමාගේ හැකියාවට නිසි මිලක් නියම කරගන්න හැටි නොදැන, තමාට හැකි කාලයේ උපයන මුදල් නිසි ලෙස කලමණාකරනය කරන්නෙ නැතිව නැති නාස්ති කරගත්ත නිසා මිසක, ඔවුන් මුදලට තමාගේ හැකියාවන් විකුණන එක ප්‍රතික්ෂේප කරපු උතුම් මිනිස්සු නිසා නෙමේ

මේ ප්‍රවණතාවයේ වෙනසක් දකින්න පුළුවන්, වර්තමානයේදී. අතීතයට සාපේක්ෂව.

උදාහරණයකට භාතිය සන්තුෂ් ගමු. දශකයකට වැඩි කාලයක් පුරා එකම තත්වයෙන් ඔවුන් තමාගේ ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් රඳවාගෙන ඉන්නේ ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවට වගේම ඔවුන්ගේ සාර්ථක කලමණාකරනය නිසා. සරලවම කියනව නම් ඔවුන් හොඳ කලාකරුවන්ට අමතරව හොඳ බිස්නස්කාරයන් වීම නිසා. (මාර්කට් එක හරියට කියවලා වැඩ කරපු විදියේ කළු සුදු බව ගැන නෙමේ මේ කතා කරන්නෙ, ඒ වගේම භාතිය සන්තුෂ්ව අතීත කලාකාරයන්ට සමාන කරනවත් නෙමේ)

‘කලාකරුවා’ කියන්නේත් වෘතියක්, මිසක පූජ්‍ය පක්ෂය වගේ සමාජයෙන් නඩත්තු කල යුතු පිරිසක් නෙමේ. කලාකරුවාට වගේම කලා නිර්මාණයකට පැහැදිළිවම මිලක් තියෙනවා. ඕක හැමෝම දන්න කතාවක්, ඔය ඇත්ත කොළේ වහල යටගහන්න හදන්නේ කලාකරුවාමයි

ඒ යථාර්තය අපි පිළිගන්න ඕන. ඒ යථාර්තය කලාකරුවා පිළිගන්න ඕන.

තමා කරන්නේ “සේවයක්ය” කියන බේගලේ පැත්තකින් තියලා තමා කලමණාකරනය කරගන්න තමා වගකීම කලාකරුවා ගන්න ඕන

තමාගේ වෘතිය, වෘතියක් විදියට පිළිඅරගෙන, එය මනා සැලසුමක් තියාගෙන හරියට කලමණාකරනය කරගන්න සමත් වුන දවසට කලාකරුවාට මේ සමාජයේ පැවත්මක් තියේවි.

ඒ වගකීම අරන්, ඒ අනුව වැඩ කරන්න ගත්තොත්, කලාකරුවා කියන කෙනාට මීට වඩා ගෞරවාන්විත තැනක් සමාජයේ හිමිවේවි.

එහෙම දවසකදි ජීවිතයේ අන්තිම කාලයේදී සමාජයෙන් හිඟා නොකා ගෞරවයෙන් හිස කෙළින් තියාගෙන අවසන් ගමන් යන්න පුළුවන් වේවි.

Advertisements

One response to “කලාකරුවා සමාජය ඉදිරියේ කිච වීම

  1. Pingback: කලාකරුවා සමාජය ඉදිරියේ කිච වීම | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s