එන්න, සයිබර් බෝක්කුවට සෙට් වෙන්න

එල්ටන් ජෝන් ගේ සින්දුව කියන ශෙල්ටන් ජෝන් !

පිස්සු යකෙක්..!

ආතල් කෝටියයි..

මම මේ වීඩියෝව දැක්කෙ දෙවෙනි වතාවට. මේ පාරත් පළවෙනි වතාවේ වගේම බඩ අල්ලන් හිනා ගියා.

අවංකවම මේක දැක්කාම එල්ටන් ජෝන් ගායනා කරපු මුල් ගීතය අහල තියෙන ඕනම කෙනෙක්ට හිනා යයි.

නමුත් අන්තිමට ඒ මනුස්සයා ඔලුව පාත් කරලා “තෑන්ක් යූ” කියන එක මම දැක්කේ දැන්.

ඒ මොහොතේ මගේ හිනාව අස්සෙන් ආවේ අමුතුම හැඟීමක්

හරියට

“අපි දැන් මිනිස්සුන්ව බයිට් එකට ගන්නව ටිකක් වැඩිද මංද”

වගේ සිතිවිල්ලක්

මම පොඩි කාලෙ හිටපු ගම් ප්‍රදේශයට එහායින් තිබ්බා ඌරු වත්ත කියල පැත්තක්. ඒක එහා ගමෙන්ම කොටසක් වුනාට ඒ හරියේ තනිකරම කෙරුනේ ඌරෝ ඇති කරන එක සහ ඌරන්ව මරන එක. ඒ හින්දයි ඒ පැත්තට ඌරු වත්ත, ඌරු කොරියාව කියල ගම්මු කිව්වෙ.

ඔය ඌරු වත්තේ තිබ්බා බෝක්කුවක්.. ඒ බෝක්කුවටම වෙන්න දිගට තිබ්බා තාප්පයක්..

හැන්දෑවේ පහමාර-හය පැන්නයින් පස්සෙ ඉඳල අන්ධකාර වැටෙනකල් ඔය බෝක්කුව තිබ්බ පාරෙන් පයින් යන්න ඕනම කෙනෙක් අදි මදි කලා.

හේතුව, ඌරු වත්තේ තරුණයෝ පිරිසක් පුරුදු වෙලා හිටියා ඔය වෙලාවට ඔය බෝක්කුව ගාවට රොක් වෙලා එතනින් යන එන මිනිස්සුන්ට ඇද කරන්න, තරුණියන්ට උසුළු විසුළු කරන්න, දෙපැත්ත කැපෙන කුණුහරප කතා කියන්න,

කාණ්ඩයෙන් බාගයක් බෝක්කුව උඩ.. අනෙක් බාගෙ තාප්පෙ උඩ..

වයසක කෙනෙක්, තරුණියක්, පෙම් යුවලක්, මැදිවියේ කාන්තාවක්.. මේ ඕනම කෙනෙක් ඔවුන්ගේ විසුළුවට ලක් වුනා.

ගමම ඔවුන්ට කිව්වේ නිකම්මු, රස්තියාදුකාරයෝ කියල… කරන්න වැඩක් නැති කාලකණ්ණි කියලා..

මොකද ඔවුන් කලේ හවසට සෙට් වෙලා එතනින් යන එන ගමේම මිනිස්සුන්ව ඔවුන්ගේ ආතල් එකට, ‘බයිට්’ එකට ගත්ත එක

——

මේ සයිබරය කියන බෝක්කුව උඩ ඉඳගෙන ඔබ.. මම.. අපි ඔක්කොම.. මහත්වරු වගේ,
ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අරගෙන ලැප් ටොප් එකක් ඉස්සරහා ඉඳගෙන කරන්නෙත්… එදා අර බෝක්කුව උඩ හිටපු රස්තියාදුකාරයෝය කියලා ගම්මු හඳුන්වපු තරුණයෝ කරපු දේම නෙමේද?

මේ සයිබර් බෝක්කුව උඩ ඉඳගෙන ඔබ.. මම.. අපි ඔක්කොම..

මිනිස්සු කීදෙනෙක්ව නම් බයිට් එකට ගන්නවද?

මේ ගැන හොඳක් නරකක් හරි වැරැද්දක් කියන්න මට තේරෙන්නේ නැති නිසා. මම කියන්නේ හොඳක්.. නරකක්.. හරි වැරැද්දක් මුකුත් නෙමේ..

ඒත් මට මතක් වෙනවා මම දහය වසරෙදි මගේ ගුරුතුමෙක් කියපු කතාවක්

“කෙනෙක් එක්ක හිනාවෙනව කියන එකයි, කෙනෙක්ට හිනා වෙනව කියන එකයි දෙකක් පුතා, ඒ දෙකේ තියෙනව ලොකූ වෙනසක්”

Advertisements

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s