හොඳ මිනිස්සු

 

“අයියෝ මොන අපරාධයක්ද..”

“…අර පොඩි උන් දෙන්නා පැත්තක ඉද්දි අරුන් දෙන්නා මලපෙරේතයෝ වගේ තනියෙම බීම එක බොන්නේ මොන හිතකින්ද? මුන් මනුස්සයෝද? හිටහන් මේක ශෙයාර් කරන්න. ලියමු කවියක් මේක ගැන.. මේ වගේ මිනිස්සුත් ඉන්නවානේ මේ ලෝකේ”

මේ ෆොටෝ එක දකිද්දි අපි කම්පා වෙනවාද? එහෙම වෙනවා නම් ඒ ඇයි? ෆොටෝ එකේ බීම බොන කොල්ලෝ දෙන්නා ගැන කේන්තියක් එනවාද? එනවා නම් ඒ ඇයි?

මේ ෆොටෝ එකේ මේ කොල්ලො දෙන්නා කරන දේ මේක ගැන කම්පා වෙලා සයිබරයේ හිටු කියලා ශෙයාර් කරන අයියලා වගේම මමත් දිනපතාම කරන දෙයක්. එකම වෙනස අපි කරන දේ ෆොටෝ අරන් කවුරුත් ෆේස් බුක් දාන්නේ නැති එක. ඇත්තම කතාව, මේක ගැන දුක්වෙන සත්පුරුෂයින්ගෙයි, මගෙයි ඔය ෆොටෝ එකේ ඉන්න කොල්ලෝ දෙන්නාගෙයි වෙනසක් නෑ.

මේ වගේ ඒවා ශෙයාර් කරන අය බලාපොරොත්තු වෙන්නේ තමා තුල තියෙනවයි කියලා හිතන, ඒත් තමා තුල ඇත්තටම නැති මනුස්සකමක් ගැන තමාගේ හෘද සාක්ෂිය රවට්ටගෙන පොඩි සතුටක් ලබා ගන්න එක. තමා හොඳ මනුස්සයෙක් කියලා තමාවම සතුටු කරගැනීමකට වඩා දෙයක් ඔය හැසිරීමේ නෑ.

අපි අපිවම රවට්ටගන්නවා. අපි අපිවම සනසාගන්නවා. රැවටිල්ලෙන් ආඩම්බර වෙනවා. රැවටිල්ලෙන් සැනසෙනවා. සැබෑවටම අපි ආඩම්බර වෙන්න පුලුවන් දේවල් කීයක් කරලා ඇද්ද? කරලා තිබ්බත් අපිට කරන්න පුලුවන් මට්ටමට සාපේක්ෂව බැලුවොත් කරපු දෙයක් නෑ. ඒකයි ඇත්ත. මේ වගේ දෙයක් දැක්කාම ඒක ගැන දුක හිතෙන එක ගැනත් අපි ආඩම්බර වෙනවා. අපි තුල මනුස්සකමක් තියෙන නිසයි අපිට දුක. දකින හැමෝටම දුකයි. දුක නිසා හොඳයි. හොඳ නිසා දුකයි.

අනුන් ගැන හිතනවා තියා තමන් ආදරය කරන අය ගැනවත් හිතන්න බැරි තරම් කාර්‍යබහුල ජීවිත ගත කරන අපි දවස නිමකරලා ගෙදර ඇවිත්, හොඳට නාගෙන, රාත්‍රී ආහාරය අරන්, ෆෑන් එකත් දාගෙන තමාගේ කම්පියුටරේ ඉස්සරහට ගිහින් ජීවිත බේරගන්න කියලා 1 like = 1 Dollar සහ 1 like = 1 prayer වගේ කිසිම තේරුමක් නැති ෆොටෝ ලයික් කරලා, ශෙයාර් කරලා තමා තුල නැති මනුස්සකමක් තියෙනවා කියලා තමාවම රවට්ටගන්නවා, තමාවම සනසගන්නවා. එහෙම කරලා නින්දට යනවා. පහුවදා උදේට නැගිටලා ආයේ තමාගේ පුද්ගලික ඉලක්ක හඹාගෙන දුවන නිමක් නැති රේස් එක දිවීම පටන් ගන්නවා.

ඔබ මහන්සිවෙලා උපයාගත් සල්ලි වලින් මිලදී ගත්ත අලුත්ම ඇඳුමක් ඇඳගෙන, අලුත්ම සපත්තු කුට්ටමක් දමාගෙන උදෙන්ම වැඩට යන වෙලාවක ඔබ පහුකරගෙන යන විලක කුඩා ළමයෙක් ගිලෙන්න යනවා යැයි හිතන්න. ඔබට පිහිනීමේ හැකියාවත් තිබෙනවා, ළමයා බේරාගැනීමේ හැකියාවත් තිබෙනවා. නමුත් ඔබ ළමයා බේරාගන්න ගියොත් ඔබේ අලුත්ම ඇඳුම සහ සපත්තු කුට්ටම නැවත අඳින්න බැරිතත්වයකට පත් වෙනවා.

ඔබ කරන්නේ මොකක්ද?

ළමයා බේරගන්නවද? ඇඳුම සහ සපත්තු කුට්ටම ගැන හිතලා ළමයාට ගිලෙන්න දෙනවාද? අහක බලන් තමාගේ ගමන යනවාද?

මොකක්ද ඔබ ගන්නා තීරණය………?

ඔබ නිසැකවම කියයි ඇඳුම සහ සපත්තු කුට්ටම ගැන නොසළකා ළමයාගේ ජීවිතය බේරාගන්නා බව. එහෙම නොකරන එක අමනුස්සකමක් බව.

ඒත් මොහොතකටවත් හිතුවද ඔබ සහ මම දෙදෙනාම දිනපතා කරන්නේ ඇඳුම සහ සපත්තු කුට්ටම නිසා ළමයාව ගිලෙන්න හරින එක බව..?

ළමයි කීයක් දිනපතා කන්න නැතුව, බොන්න වතුර පොදක් නැතුව ඉන්නවාද? කීදෙනෙක් මූලික අවශ්‍යතා නැති නිසා මියයනවාද? අපිට ඒවා වළක්වන්න පුලුවන් බවත් අපි දන්නවා නේද? ළමයි කී දෙනෙක් වේලක් කන්න විදිහක් නැතුව බඩිගින්නේ ඉන්නවාද? තමාගේ ඇඳුම සහ සපත්තු කුට්ටම නැමති අමතර ආශා කැපකර එවන් කී දෙනෙක්ට කන්න වේල් කීයක් ඔබ දීලා තියෙනවද?

අවුරුද්දට එකපාරක්? දෙපාරක්? දහපාරක්……?

තමාගේම මට්ටමේ ඉන්න, තමාත් කරන දේම කරන වෙනත් කෙනෙක්ට ඇඟිල්ල දික්කරලා ඔහුගේ නරක ගැන කියලා තමා හොඳයි කියලා සැනසෙන එකෙන් හෙළිවෙන්නේ අපේම සදාචරාත්මක හෙළුව නෙමේද?

තමාවම රවට්ටාගන්න කුහකයෙක් වෙනවට වඩා තමාගේ සැබෑ මුහුණ පිළිගන්න තරම් ආත්මශක්තියක් ඇති කරගන්නවා නම් ඒක වටිනවා නේද?

මොහොතක් හිතන්න..

[ගිලෙන ළමයාගේ උදාහරණය Peter Singer ගේ ‘The Drowning Child and the Expanding Circle’ ඇසුරෙනි]

Advertisements

2 responses to “හොඳ මිනිස්සු

  1. Pingback: හොඳ මිනිස්සු | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

  2. අපි නම් ගිලෙන ළමයින්ට මොනවා හරි කරන්න හදනවා සහෝ. පුංචි උදව්වක් හරි දීල හැකි පමණින්.

    Like

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s