මොකක් කිව්වා? ඇමතිතුමා ලියුමක් දීලා කිව්වා??

12792345_1676804692583319_7717573689311707055_o
ඇමතිකෙනෙක් තමාගේ හිතවතෙක්ට තනතුරක් දෙන්නට කියා ලිපියක් දීලාය. ඒ ලිපිය මාට්ටු වෙලාය.
කහ ඉරෙන් පාර නොපැනීමේ සිට, හෙල්මටය නැතිව මෝටර් සයිකලයේ යාමේ සිට පාසැලට දරුවා දමා ගැනීමට බොරු ඇඩ්‍රස් හැදීම දක්වා දිනපතා නීතිය කඩකරන ජනතාවකි, අප.
මාර්ග නීති උල්ලංඝනය කොට අසුවූ පසු අල්ලස් නොගෙන උසාවි දැමීම ගැන පොලිසියට දොස් පවරන ජනතාවකි, අප.
“ඉස්සර නම් රුපියල් පන්සීයක් දාහක් දීලා ශේප් කරගන්නවා. දැන් මුංට සල්ලි කීයක් හරි දීලාවත් ශේප් කරගන්න බෑනෙ. දීලා තියෙන ටාර්ගට් එක කවර් කරගන්නයි මුංට ඕන..කාලකණ්ණි හැත්ත”
කලක් නීතිය කඩකරන ජහමනයා පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කරන විට ප්‍රතිචාර දැක්වූයේ එහෙමය.
බැංකුවකට ගියද කාර්‍යාලයකට ගියද, ගුවන්තොටුපලට ගියද හැඳුනුම්කම් ඉදිරියට දමා අඩුම තරමේ පෝලිමෙන් හෝ පැන ඉදිරියට යන්නට දඟලන ජනතාවකි, අප.
හැඳුනුම්කම් පමණක් නොව, නෑදෑකම්, යාලුකම් පමණක් නොව, පට්ටම්, උගත්කම් වැනි ඕනෑම දෙයක් ඉස්සරහට දමමින් ඕනම වෙලාවක අනෙකා පරයමින් කුමක් හෝ වාසියක් ලබා ගන්නට තටඹන, කුමන හෝ අපහසුතාවයක් මඳක් හෝ අඩු කරගන්නට දතකන ජනතාවකි, අප.
තමාගේ බලපුලුවම්කාරකම් යොදා තම දරුවාට, නෑදෑයාට හැකි උපරිමයෙන් යමක් කරදීමට වෑයම් කරන ජනතාවකි, අප.
ඒ අපේ කමය. මේ ලියන මමත්, කියවන ඔබත් එහෙමය.
සැකවින් කීවොත් ඒ අපේ සිස්ටම් එකේ හැටිය. කොහේන් හෝ අපට උරුම වී දිගින් දිගටම අප විසින් නඩත්තු කරනා සිස්ට්ම් එකේ හැටිය.
ඔබ සහ මම ඒ තරම් තිත්ත, අප්රසන්න, අමිහිරි, සමාජ ක්‍රමයක කොටස් කාරයන්ය.
එනමුත් ඊනියා පාරිශුද්ධබවේ වෙස්මුහුණු දමා ගත් මිනිසුන් එක් වී එකහඬින් ‘සාධාරණයේ ගීතයන්’ ගයනා ෆැන්ටසික ලෝකයක් වන සයිබර් අවකාශය ඒ දුඟද හමන යථාර්තයෙන් සෑහෙන දුරස්ය.
මේ අවකාශයේ සිටින්නන්ට ඒ ඇමතිගේ ලියුම අස්සේ සැඟවී ඇති අමුතු නොවන යථාර්තය සෑහෙන අමුතුය. සත්ගුණවත් ප්‍රතිපත්තිගරුක මහත්ම මහත්මීන්ට ඇමති ලියුම හෙන ෂොකින්ග්ය.
සුදුසුකම් පරික්ෂා කර බලා හෝ තම හිතවතකුට රැකියාවක් දෙන්නට කියා යවනු ලැබූ ලියුමක්, කීබෝර්ඩ් එක ඉදිරියේ තම පරිගනක තිරයෙන් දකින විට හෝ ශොක් එකක් වීම අවංකවම අප විසින් අපවම පසසා ගත යුතු කරුණකි.
සිස්ටම් එකේම කොටසක් වන ඇමති සහ ඔහුගේ ලියුම මොහොතකට හෝ,බොරුවට හෝ ශොක් එකක් වන අවකාශයක් ඒ දුඟද හමන සිස්ටම් එක තුළම කොහේ හෝ තිබීම සතුටට පත් විය යුතු කරුණකි.
සයිබරය නැමති ඒ පාරිශුද්ධ ආරාමයේදී පින්වතුන් විසින් ඇමතිට ගල්ගසා මරා දමනු ලබයි. දඬුවම් නියම කරනු ලබයි.
නමුත් සිස්ටම් එකට සාපේක්ෂව බැලුවහොත්, ඇමති ගේ වැරැද්ද ලියුම ලිවීම නොව. ලියුම ලියූ බව අසුවෙන්නට ඉඩ හැරීමය.
වැරැද්ද, වැරදි කිරීම නොව. අසුවෙන්නට වැරදි කිරීමය.
එසේ අසුවන්නට වැරදි කලහොත්, එවැනි වැරදි කරන්නට තරම් බලතල උරුම නැති මිනිසුන්ගෙන් ‘සයිබරයේදී’ ගල්ගැසුම් කා මියන්නට සිදුවනු ඇත.
කොහෙන් ගියත් ප්‍රතිපත්තිගරුක, ගුණගරුක, නීතිගරුක ජනතාවක් වන අප, හරිය. අප හරිම හොඳය.
අපට මේවා හරි ශොක්ය.
හුකෑස්මය.
Advertisements

3 responses to “මොකක් කිව්වා? ඇමතිතුමා ලියුමක් දීලා කිව්වා??

  1. Pingback: මොකක් කිව්වා? ඇමතිතුමා ලියුමක් දීලා කිව්වා?? | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

  2. පෝස්ට් එක ලැබුන නම් බූව සුපර්බ් දේශපාලනය විජ්ජාවක් උගන්නයි.

    ඔය ලියුම සෙක්‍ර‍ට්‍රි ඇම්බැට්ටයක් ගේ වැඩක් වෙන්න ඇතිනේ, එත් මෙහෙම එකක් මෙතැනට ඉදිරිපත් කරන්න තරම් මරිමෝඩයෙක් ඩිග්‍රියක් අරගෙන කියන එකනම් අපටත් හතර විලිලැජ්ජා.

    Liked by 1 person

  3. බැංකුවකට ගියද කාර්‍යාලයකට ගියද, ගුවන්තොටුපලට ගියද හැඳුනුම්කම් ඉදිරියට දමා අඩුම තරමේ පෝලිමෙන් හෝ පැන ඉදිරියට යන්නට දඟලන ජනතාවකි, අප.////////////// 100% athha

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s