කරුමෙකටද කොහෙද හම්බුන යාලුවෙක් ඉන්නවා. මූ යාලුවෙක් කිව්වට උගෙයි මගෙයි අතර තියෙන්නේ ‘ඉට්ස් කම්ප්ලිකේටඩ්’ මට්ටමේ යාලුකමක්.
මමයි ඌව ඇත්තට හම්බෙලා නෑ. දැකලා නැහැ. පෙනුම මොන වගේද කියලා දන්නේ නෑ. කොටින්ම උගේ ඇත්ත නමවත් දන්නෙ නෑ.
මේක මේ විසි එක්වන සියවසේ යාලුකමක්. අන්තර්ජාතික…නෙමේ.. අන්තර්ජාල යාලුකමක්.
කවදාවත් හම්බෙලා නැති, කවදාවත් හම්බවෙන්නෙත් නැති ඌ මගේ බොක්කක්. නිකම්ම නිකන් බොක්කක් නෙමෙයි බුදුම බුදු බොක්කක්.
හැමදාම උගෙයි මගෙයි කතාවල් (හෙවත් චැට්) ඉවර වෙන විදියේ පොඩි අවුලක් තිබ්බා. අවුල ඌට නෙමෙයි, මට.
අවුල තේරෙයි ඒ ඉවර වෙන විදිය කියෙව්වොත්,
මම – අඩෝ, මම කැපෙනවා එහෙනම්.
ඌ – එල මචෝ. පස්සෙ වෙලාවක ආයේ සෙට් වෙමු.
මම- අම්බානට බඩිගිනියි බන්, කෑවෙත් නෑ තාම. මම ගියා ඒනම්
ඌ – පල පල.. ගිහින් කාපන්.. ගෑණි උයපු කෑම
මම – ගෑණි නෙමේ යකෝ.. අම්මා.. අද මහ ගෙදර ඉන්නෙ
ඌ – කවුරු වුනත් එකයි යකෝ. කොච්චර පොර ටෝක් දුන්නත් කන්නේ ගෑණු උයන කෑම. ඇයි උඹට උඹ කන ඒවා උයාගන්න බැයිද?
මම – පල *ත්තෝ යන්න. මම කැපුනා. බඩිගිනියි
ඌ – එල. පස්සෙ සෙට් වෙමු.
ඔන්න ඔය වගේ දෙබසකිනුයි කතාබහ අහවර වෙන්නේ හැමදාම වගේ.
“ගෑණි උයපු කෑම. අම්මා උයපු කෑම”
අවාසනාවට ඌ කියන්නේ ඇත්ත කතාවක්. ඇයි මට මම කන කෑම උයාගෙන කන්න බැරි? අඩුම ගානේ ප්‍රියම්භිකාවිය එක්ක කෑම උයන වැඩේ බෙදාගෙනවත් කරන්න බැරි?
මොකද ගෙදර ජීවත් වෙන්නේ අපි දෙන්නම.. අනිත් වැඩ කරන්නේත් අපි දෙන්නම.. ඇයි උයන එක විතරක් දෙන්නගෙන් එක්කෙනෙක් කරන්නේ?
අර මූසලයා මගේ ඔලුවට දාපු කතාව දැන් මාස ගානක් තිස්සේ ඔලුවේ වැඩ..
කෝමෙන් කෝම හරි අද ආවා ප්‍රියම්භිකාව වැඩ ඇරිලා ගෙදර.. කිසි දවසක තේකක්වත් හදලා නැති, හදන්න දන්නේත් නැති මම තීරණය කලා ප්‍රියම්භිකාවියත් එක්ක උයන්න,
එකට.. දෙන්නම එකතු වෙලා..
පැයක් විතර ගියා. දෙන්නට කන්න ජාති හතරයි බතුයි.
අද අර මගේ කාලකණ්ණි (හොඳම) යාලුවට පිං සිද්ධ වෙන්න තිබ්බා උයන්න පුරුදු වෙන එකේ පළවෙනි පියවර.
මටත් උයලා ඉවර වුනයින් පස්සේ දැනුනේ මාර සතුටක්.
අර ඉංගිරිස් පිල්ම් වල පෙන්නන්නේ ජීවිතේ පලවෙනි පාරට ස්කයි ඩයිවින් කරලා පොළවට ලෑන්ඩ් කරපුවාම ඒ මිනිස්සු සතුටින් ඉපිළෙන හැටි..
අන්න ඒ වගේ සතුටක්.. ජීවිතේ පළවෙනි පාරට.. ගෙදරම තිබ්බ කුස්සියට ගිහින්.. මගේ ප්‍රියම්භිකාවියට උයන්න උදව් කල සතුට..
එයාටත් සතුටුයි.. මටත් සතුටුයි..
යකෝ සතුට හොය හොය හතර අතේ දිව්වට ගෙදර කුස්සියෙත් තිබිලනේ සතුට !
“ගෑණුන්ගේ පින කුස්සියේ මුල්ලේලු”
ඇත්ත තමයි. හැබැයි පින පළ දෙන්න නම් දෙන්නම යන්න ඕන කුස්සිය මුල්ලට 🙂
ප/ලි – කුස්සියට ගොස් ප්‍රියම්භිකාවියට උයන්න උදව් වීම සහ ඊයේට යෙදුනු ලෝක කාන්තාදිනයද මොකක්ද අහවල් එක අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව සලකනු මැනවි.
Pingback: අපි දෙන්නගෙ ආලේ.. කුස්සිය මුල්ලේ.. | සතුටු වැස්ස බ්ලොග් කියවනය·
Way to go! You must have made her very happy too. I hope more Sri Lankan husbands take the cue. ජාති හතරයි බතුයි?That’s a lavish dinner.
LikeLiked by 1 person
Yes she was really happy, and surprised. from now on I’m going to learn to cook ! In fact it was not as hard as I expected. 🙂
LikeLike
උයන්ඩනම් බෑ පොල්ටිකක් ගාල දෙන්නම්. හික් හික්…
LikeLiked by 1 person
ඔව්. එහෙම හරි උදව්වක් කරනවා නම් හොඳක් මිසක නරකක් වෙන එකක් නෑ
LikeLike
හස්බන් ලා ගෙන් උයන්න ලැබෙන උදව් බොහොමයකි.
1. ලූණු ගෙඩියක් සුද්ද කර දුන් විට මුලුතැන්ගෙය සම්පූර්නයෙන් පිරිසිදු කිරීමට සිදුවේ.
2. පිගන් කෝප්ප පිරිසිදු කලවිට පසුදින ආහාර ගැනීමට අලුතින් පිගන් කෝප්ප මිලදී ගැනීමට සිදිවේ.
3. තේ කෝප්පයක් පිලියෙල කලවිට සීනි බෝතලය නැවත සොයා ගැනීමට දුරකතන ඇමතුම 2 ක් වත් දිය යුතුය.
4. නන්ස්ටික් භාජන සුදු වනතිරු පිරිසිදු කරදෙයි.
5. නිවසේ නැති අවස්ථාවක මුලුතැන්ගෙය භාවිතා කලහොත් මිරිස් තුනපහ සෙවීමට CCTV දර්ශන උපයෝගී කරගත යුතුය. එසේ කිරීමට අපහසු අවස්ථා වලදී මිරිස් තුනපහ නැවත මිලදී ගැනීමට සිදුවේ.
6.දින කිහිපයකට වරක් අලුත් මුලුතැන්ගෙයි උපකරන මිලදී ගැනීමට සිදුවේ.
7.හැදි, පිහි නැවත සොයා ගැනීමට සීතකරනයත් එලවළු පලතුරු ආදිය සොයා ගැනීමට ලාච්චු කබඩ් ආදියත් පරික්ශා කල යුතුය.
මීට අමතරව තමා පිලියෙල කල ආහාර වල ස්වයන් වර්නනාව අසා සිතිය යුතු අතර පිලියෙල සියල්ල රස බව පවසමින් අනුභව කිරීමේ අවස්ථාවද ලැබේ.
LikeLiked by 1 person
😀 එහෙනම් හස්බන්ඩ්ට උයන්න කියලා එහා පැත්තේ ඉඳලා ඔයා අස් කරන්න ගන්න.
LikeLike
උයන්නෙ නම් නැහැ – නමුත් පොල් ගාල දෙනවා – ඒ වගේම වලං සේදීම සඳහාත් සහාය දෙනවා – උයන්න ඉගෙනීමට කිහිප විටක් හැදුවත් ප්‍රියම්භිකාවගෙන් ඒ සඳහා අනුබලයක් නොලැබිණි
LikeLike
පිරිමි අය වාහනය එළවද්දි බාධා කරනවට අකමැති වගේම ගොඩක් ගෑණු අය උයද්දි ඇඟිලි ගහනවට අකමැතියි වගේ. මේ පෝස්ට් එකට අන්තර්ජාලය පුරා ලැබුන ප්‍රතිචාර දැක්කම හිතුනේ. කැමැත්තෙන් තනියෙම උයනවා නම් ඉතින් ප්‍රශ්නයක් නෑ
LikeLike
So I gleefully shared this post with the better half, and he was like “Mohdayek”. (sigh!)
Doesn’t know what he’s missing, right?
LikeLike
I guess I’m a Modaya by his standards because he might be thinking why the hell am I spending my free time in the kitchen when I can stay in my laptop while my girlfriend does all the cooking?
I’m glad to be a Modaya I guess 😛
And one more thing, I’m planning to post my new blog posts in this site. So please do visit when you have time. I value your comments very much
This is the site address – http://nidahass.blogspot.com/
LikeLike
Guess I’ll just have to settle for a backrub after the cooking!:D
Definitely will keep reading on the new site 🙂
LikeLiked by 1 person
Its better give her even very little help , even be with her at the kichen. For beginners follow this method. OWLing & ROCK
Observe
Wait
Listening
——————-
Repeat
Opportunity
Clue
Keep it fun…..
LikeLiked by 1 person