මචන් දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයන්..!

 

සයිබර් අවකාශය ආගමිකත්වය, ජාතිවාදය, වැනි ගෝත්‍රික සංකල්ප වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ මෙන්ම එම සංකල්ප දැඩිව විවේචනය කරන රැඩිකල් මතදාරීන්ගේ තෝතැන්නක්.

ඒත් මේ සමහර රැඩිකල් මතදාරීන්ගේ මතවාද වල තාප්පයටම කෙළ වෙලා පොලු ගැලවිලා යන යෝකර් එක විදිහට බණ්ඩා දකින්නේ ඔවුන්ගේ ලේ වල දුවන දැඩි පාසල් වාදය.

බණ්ඩාට ඉන්නවා කොළඹ හතේ මහ විසල් පාසලක ඉගෙන ගත්තු ද්‍රවිඩ මිතුරෙක්. මේ මිත්‍රයා රටේ වගේම සමාජයේත් ඔහු දකින අඩු ලුහුඬුකම් අවංකව කොන්දේසි විරහිතව විවේචනය කරනවා කිසිම පක්ෂපාතීත්වයකින් තොරව.

ඒත් ඔහු කොයිම වෙලාවකවත් ඔහු ඉගෙන ගත්තු කොළඹ හතේ මහ විසල් පාසල කාටවත් විවේචනය කරන්න දෙන්නේ නෑ. එහෙම කරන කොට බණ්ඩාගේ මිතුරාට හරියට කේන්ති යනවා බණ්ඩා දැකලා තියෙනවා.

“මම මචන් ජාතිවාදයට විරුද්ධයි, ආගම්වාදයටත් විරුද්ධයි. ඒත් මම ඉගන ගත්තු මහ විසල් ඉස්කෝලේ කවුරුන් හරි විවේචනය කරද්දි මට මහ කේන්තියක් එනවා.
මට මාවම කියවගන්න බැරි වෙන්නේ ඒ වගේ වෙලාවට”

මේ පරස්පර විරෝධී හැසිරීම බණ්ඩාට පේන්නේ මහ විකාරයක් විදිහට

එක්තරා ආකරයකින් මේක හරිම උත්ප්‍රාස ජනකයි..!

ඇයි මෙහෙම වෙන්නේ?

බණ්ඩා ඉගෙන ගත්තේ ඔය සෝ කෝල්ඩ් මහ විසල් පාසලකින් නෙමෙයි. ඒත් බණ්ඩාට මහ විසල් පාසල්වල ඉගෙන ගත්තු යාළුවෝ ඉන්නවා. ඒ අය කියන දේවල් වල විදිහට බණ්ඩාට තේරුන දෙය තමයි ඒ අයට පොඩි කාළේ ඉදලම මේ මහ විසල් පාසල් ගැන විශේෂ හැඟීමක් ඔළුවට කාවද්දලා තියෙන බව

“මල්ලි අපිට අවුරුදු සීය ගාණකට වඩා වැඩි ට්‍රැඩිශන්ස් තියෙනවා. අපේම කියලා කල්චර් එකක් තියෙනවා. ඒවා අපි ආරක්ෂා කරන්න ඕන”

මේ මහ විසල් පාසල් වල දිවිහිමියෙන් අරක්ෂා කළ යුතු, ට්‍රැඩිශන්ස්, කස්ටම්ස්, නොර්ම්ස් තියෙනවා. ඒ මහ විසල් පාසල් වල කොටසක් වෙන්නනම්, මේ සම්ප්‍රදායන්, චාරිත්‍ර, සිරිත් විරිත් අකුරටම පිළිපදින්න ඕන.

මේ මහ විසල් පාසල් වල කොටසක් වීම මඟින් එම පුද්ගලයාට සාමාන්‍ය සමාජයෙන් වියුක්ත සුවිශේෂී ගෝත්‍රයකට ඇතුළු වෙන්න ටිකට් එකක් හම්බෙනවා.

“මල්ලි ඔයා අද ඉදලා ආනන්දියන් කෙනෙක් කියලා මතක තියා ගන්න”

“වන්ස් අ රෝයලිස්ට්, ඕල්වේස් අ රෝයලිස්ට්”

තමන් ගැන ආඩම්බර වෙන්න වෙන කිසිම දෙයක්, පුද්ගල දක්ශතාවක් නැති අයට පවා මේ මහ විසල් පාසල් ගෝත්‍රයට අයිති වීම නිසා එම පුද්ගලයට සමාජයේ සමාන්තර වයස් කාණ්ඩ වල අයවලුන්ට වඩා උසස් බව හැඟෙනවා.

මේකත් සුදු ජාතිකයෙක් වීම නිසාම ආඩම්බර වන, වර්ණ බේදවාදය පතුරන සුදු ජාතිකයන්ගේ KKK වගේ එක්තරා විදිහක ට්‍රයිබල් මෙන්ටලිටියක් කියලයි බණ්ඩාට හිතෙන්නේ.

මේ මහ විසල් පාසැල තුළදී පාසැල් ගීය, පාසැල් කොඩිය සහ පාසල් ලාංඡනය වගේ සංකේත කෙරෙහි වන්දනීය ස්වරූපයක් කුඩා කාලේ ඉදලම ළමා මනසට බලෙන්ම කාවද්දන නිසා කවුරුන් හරි මේ පූජනීය දේවල් විවේචනයට, ගැරහීමට ලක් කළහම මේ මහ විසල් පාසල් ගෝත්‍රිකයන්ට ගොඩක් කෙන්ති යනවා. ඒ වෙනුවෙන් ඔවුන් ගහ මරා ගන්න පවා යනවා.

බණ්ඩාට එතකොට මතක් වෙන්නේ හිට්ලර් සහ ස්වස්තික ලකුණ අතර ඇති දැඩි සහ සම්බන්ධය.

බණ්ඩාගේ ද්‍රවිඩ මිතුරා මහ විසල් පාසලෙන් අස්වීම් සහතිකය අරගෙන ගොඩක් කලක් ගතවී ගිහිල්ලත් තම පාසලේ පාලකයින් ගැනත්, ගුරුවරුන් ගැනත්, තම පාසැල් සිසුන්ගේ විනය පිළිබඳවත් දක්වන්නේ දැඩි සැළකිල්ලක්.

“ගිය පාර පැරේඩ් එකේ අලියෙකුත් ගියා, මේ පාර කෝ අලියා?”

කිසිදා පිටුනොපාන මේ දැඩි භක්තිය, ශුද්ධවූ ළැදියාව දෙවෙනි වන්නේ කුමකටද කියන එක වෙලාවකට බණ්ඩාට ප්‍රශ්නයක්.

ඒ ආදරය, භක්තිය හිමිවන්නේ අනෙකාගෙන් තමන්ව වෙන් කරන, සුවිශේෂ කරන, ඔවුන්ගේ මනසේ ඇඳුන සර්වසම්පූර්ණ සංකල්ප පද්ධතියකට කියලා බණ්ඩාට හිතනවා.

මේ විසල් පාසල් වලින් නිර්මාණය කොට පුහුණු කරනු ලබන්නේ තමාගේ කණ්ඩායමට කොන්දේසි විරහිත ඇල්මකුත් තමාගේ නොවන කණ්ඩායම් වලට එදිරිවාදී හැඟීමකුත් දනවන චින්තන රටාවක්

පාසල්වාදයෙන් ආරම්භවන මේ චින්තනයේ පදනමම ජාතිවාදය සහ ආගම් වාදය වගේ ගෝත්‍රික සංකල්ප වලටද මූල බීජය වනවා

අනෙකාට වඩා තමන් උසස්ය, සුවිශේෂීය කියා උගන්වන.. සමාජයේ අනෙකාගෙන් තමන්ව වෙන්කරන අනන්‍යතාවයක් නිර්මාණය කෙරෙන.. මහ විසල් පාසැලකට කොන්දේසි විරහිත පක්ෂපාතීත්වයක් දක්වන රාමුවකට හිරවි සිටින පරපුරක්, මානව සංහතියට පොදුවේ ආදරය දක්වන්න පුළුවන් වෙයි, අනෙකාගේ දුකේදි සහකම්පනය වෙයි කියලා බණ්ඩා හිතන්නේ නෑ.

මේ පටු අදහස් වලින් ඤාණය නිවහල් කර ගන්න, වර්ගවාදී, ගොත්‍රවාදී, ආගම්වාදී (religion based), ලිංග බේදවාදී (gender based), අධ්‍යාපන ක්‍රමය සහමුළින්ම කඩා බිඳ දමලා බින්දුවෙන්ම පටන් ගන්න ඕන කියලයි බණ්ඩාට හිතෙන්නේ.

ඒක පටන් ගන්න නම් ඉතින් තිහ, හතළිහ පැනපු අන්කල්ලා සෙට් එක මුලින්ම මේ මහ විසල් පාසල්වලින් අවුට් කරගෙන ඉන්න වෙනවා.

මචන්.. රටයි ලෝකෙයි හදන්න කලින් පින් අයිතිවෙයි ඉස්සෙල්ලාම ඉස්කෝලෙන් අවුට් වෙලා හිටහං…!

BN-HK277_0314_s_P_20150314151603

Advertisements

34 responses to “මචන් දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයන්..!

  1. Pingback: මචන් දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයන්..! | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

    • Completely agree with you. Big school means exposing to a high level of network. As far as I know, some companies only hire from certain big schools.

      This Bishops, Bridget incident is really sad indeed. Even principles have to lie to save their assess from big shots.

      Btw my buddy (Malan) sends his regards to you 🙂

      Like

    • Bridget’s too??? I don’t think so. The nuns would probably leave the boys to their fate, unless they were from another Catholic school and the church hierarchy intervened.
      Please say Hi Back to Malan. Doesn’t he write anymore? If he does, please show the link here.

      Like

  2. +++++++
    එයාල කවදාවත් ඒ ස්කෝල වලින් අවුට් වෙන්නේ නෑ, නැතිවුනත් අවුලක් නෑ අර කිව්ව දෙමළ යාළුවා වගේ එහෙම එව්වා එකක් තියන බවත්, ඒකත් එක්තරා ගෝත්‍ර‍වාදයක් බවත් තේරුම් ගන්නවා නම්.

    Liked by 1 person

  3. බන්ඩා ගොත්‍රවාදය අරක මේක කියල ලොකු සීන් ලියන්න කලින් මෙකට උත්තරයක් දීපන් ලමයි තුන්දෙනෙක් ගගේ වැටිල බේරෙන්න දගලනවා එතන උබේ එකත් ඉන්නව උඹ මුලින්ම ෆොකස් වෙන්නේ උඹේ එක බේරන්නද වෙන උන්ගේ ලමයි බේරන්නද…ඔය ගෝතික පොර ටෝක් නෑ නේද එතකොට උඹ උඹේ එකාව බේරනවා ඔක හැම මානවයටම එකයි අන්ලෙස් උඹ රහත් වෙලා නම් හෙම මේදේ අඩු වැඩිවශයෙන් අනිත් වැඩ වල්දිත් වෙනවා අනන්දෙ එකාට එක ලොකුයි නලන්දේ එකාට එක ලොකුයි රොයල් එකාට උගෙ එක ලොකුයි හරියට උන්හපුලුවට උගෙය් පැටියා ලස්සනයි වගෙය් තමයි උඹට ඔය තින්කින්ග් එක වෙනස් කරන්න හොමොසෙපියන්ව අයිත් අලුතෙන්ම හදන්න වෙනව..මෙතන වඩා වැදගත්වෙන්නේ ඔය කියන දේ බැලන්ස් එකක් ඇතිව පවත්වාගෙන යන එක කියලයි මටනං හිතෙන්නේ

    Liked by 1 person

    • @Anjana,

      ළාමක උදාහරණයක්.

      පෘත්ජන මනුස්සයෙක් විදිහට මම මගේ දරුවව බේර ගන්න එක වෙනම කතාවක්. ඒත් අනතුරේ වැටිලා ඉන්න මගේ දරුවව බේරගන්න හදන එකෙයි, ඉස්කොලෙන් අවුට් වෙලා අවුරුදු දහයකට පහළොවකට පස්සේ මම මගේ පාසලේ ඩයි හාර්ඩ් ෆෑන් කෙනෙක් වෙන එකෙයි මට සම්බන්ධයක් පේන්නේ නෑ.

      බයි ද වේ, මම ඉගෙන ගත්තෙත් බණ්ඩා ඔය ලියලා තියෙන කොළඹ හතේ මහ ඉස්කෝලෙන්ම තමයි.

      අවංකවම කිව්වොත් මට මේ පෝස්ට් එකට ගොඩක් රිදුනා, කේන්ති ගියා. බණ්ඩා කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න බැරි වුන නිසා හීන මානයෙන් පෙළෙන එකෙක් කියලා හිතුනා.

      ඒත් ටිකක් වෙලා හිතලා බැළුවම ඌ කරලා තියෙන්නේ මන් ඉස්සරහින් තල දර්පණයක් තියෙන එක කියලා මට හිතුනා. මට පෙනුන මගේ කැත පෙනුමට මමම බය වුනා. ඒක බණ්ඩගේ අවුලක් නෙමෙයි. ඒක මගේ අවුලක්.

      Liked by 2 people

    • තමාගේ දරුවාට වැදගත්කමක් ලබා දෙන එක ගෝත්‍රවාදය විදියට හඳුන්වන්න බැහැ. වචනයේ අර්ථයෙන්ම ගෝත්‍රවාදය කියන්නේ යම් කණ්ඩායමක් උදෙසා තිබෙන බැඳීමක්.

      Like

  4. ජනක පීරිස් ෆේස් බුක් තුළ අවධානයට ලක් කිරීම හේතුවෙන් ලියන්න හිතුණේ.

    මට ලියන්න පටන් ගන්න හිතුණේ බණ්ඩා මහත්තයා හා ඇනෝනිමස් මහත්තයා කළා වගේම “මම මේ ගොඩවල් දෙකෙන් (ඊනියා ලොකු ඉස්කෝල හා පොඩි ඉස්කෝල) අහවල් වර්ගයේ පාසලකට ගිය කෙනෙක්” කියලා ඒත් එහෙම ලියුවා නම් මාත් කරන්නේ අවිඥානකව බණ්ඩා මහත්තය කියන “ට්‍රයිබල් මෙන්ටලිටියටම” වැටිලා ගඟ ගලන අතට ම යාම නේද කියලා හිතුණ නිසා එහෙම නොලිය හිටියා.

    ඉස්කෝල වගේ සමාජ සංස්ථාවලට විතරක් නෙවෙයි, ආගම්, ජාති, ජනවර්ග, වර්ණ, කුල, දේශපාලන පක්ෂ, හා ස්ත්‍රී පුරුෂ භාවය, වගේ මෙකී නොකී ගොඩක් කණ්ඩායම් වලට බණ්ඩා මහත්තයා “ට්‍රයිබල් මෙන්ටලිටියක්” කියලා ලේබල් කරන හැඟීම හා ඒ හා බැඳුණු ආකල්ප, හර පද්ධතිය, හැසිරීම් වගේ දේවල් මූලික මට්ටමකින් ගත්තොත් එකම ස්වභාවයකින් බලපාන වයි කියලයි මට හිතෙන්නේ. ඒ වගේ ම එක අදහස් දරන පිරිසක් තුළත් මේ සංසිද්ධිය ම ඇති වෙනවා කියලා මම හිතනවා. උදාහරණයක් විදියට මම මස් මාළු කන්නේ නෑ. එතකොට මස් මාළු නො කන අනිත් අයත් මට පේන්නේ “අපේ එකෙක්” හැටියට. මස් මාළු නොකන එවුන් වීරයෝ හා අනිත් එවුන් මනුස්සකමක් නැති අස්මජ්ජාතියෝ සෙට් එකක් කියලා තමයි මට පේන්නේ. ඒ වගේම මේ සාකච්ඡාවේ දී මගේ අදහසුත් බණ්ඩාගේ අදහස් වලට සමාන නිසා මට හිතුණේ බණ්ඩාත් මමත් එක කණ්ඩායමේ කියලා. ඊට විරුද්ධ මතවාදයක් පෙන්නපු අංජන “අපිට” විරුද්ධ මැට්ටෙක් කියලා තමයි මම එක පාරටම ලේබල් කරේ. ඒත් “මැට්ට” ගේ අදහසත් විවෘත මනසක් ඇතිව කියවන්න මම ඕනෑ කමින්ම හිතා ගත්තා.

    මට හිතෙන්නේ ඕනෑම සමාන ලක්ෂණයක් අනුව යම් මිනිසුන් කට්ටියක් (මිනිස්සු කිව්වේ ගෑණුත් එක්ක) සමූහයක් හැටියට එකතු උනාම ඒ කණ්ඩායමට අයත් අය “අපි” හා ඒ කණ්ඩායමට අයත් නොවන අය “ඔවුන්” කියලා බෙදා ගන්නවා. මේ කණ්ඩායම් හැඟීම වැඩි වෙන තරමට බණ්ඩා මහත්තයා කියන ට්‍රයිබල් මෙන්ටැලිටියත් වැඩිවෙනවා. අපි හිතමු මේ ට්‍රයිබල් මෙන්ටලිටියට Them versus Us හෙවත් අපිට එරෙහිව ඔවුන් කියන සංකල්පය මත පදනම් ව වෙනත් ලේබලයක් ගැහුවොත් “බ්‍රාහ්මණ අපිට එරෙහි සැඩොළුන්” කියලා ගමුකො. ඒ කිව්වේ බමුණෝ උසස්, සුදන, යහපත්, බලවත්, හා සදාචාරාත්මක ජාතියක් කියලා උපකල්පනය මත පදනම් වෙලා.

    මේ චින්තන උගුලට අයත් රෝග ලක්ෂණ අටක්ම Irvin Jannis විසින් Group Think Syndrome කියන සංකල්පය යටතේ ලියලා තියන නිසා ඒ ගැන වැඩි විස්තර ලියන්න යන්නේ නෑ.

    හැබැයි මේ පාසල් වලින් පෙන්නුම් කරන්නේ ජාති ආගම් ආදී අනිත් හැම කණ්ඩායමකට ම පොදු විෂබීජය තමයි කියලා බණ්ඩා මහත්තයා කියන එක ඇත්ත කියලා මමත් විශ්වාස කරනවා.

    අර්වින් මහත්තයාගේ ලැයිස්තුව පැත්තකට දාලා බණ්ඩා මහත්තයාගේ ලැයිස්තුව අනුව ගත්තත්
    1. මෙම සමාජ සංස්ථා හෝ සමුහ වල (පාසල් එක් උදාහරණයක් පමණි) සාමාජිකයෙක් වීම මඟින් පුද්ගලයාට සාමාන්‍ය සමාජයෙන් වියුක්ත සුවිශේෂී වරප්‍රසාද සහිත ගෝත්‍රයකට ඇතුළු වෙන්න ටිකට් එකක් හම්බ වෙනවා. එහෙමත් නැති නම් සමාජයේ අනෙක් අයගෙන් තමන්ව වෙන්කරන අනන්‍යතාවයක් නිර්මාණය කෙරෙනවා.
    2. මෙම කණ්ඩායම ඔවුන් දකින්නේ අනෙකාගෙන් තමන්ව වෙන් කරන, සුවිශේෂ කරන, සර්ව සම්පූර්ණ පද්ධතියක් ලෙස
    3. තමාගේ කණ්ඩායමට කොන්දේසි විරහිත ඇල්මකුත් පක්ෂපාතීත්වයකුත්, කිසිදා පිටුනොපාන අදහසත්, දැඩි භක්තියක් හා ශුද්ධ වූ ළැදියාවකුත්, තමාගේ නොවන කණ්ඩායම් වලට එදිරි වාදී හැඟීමකුත් දනවන චින්තන රටාවක් ඔහු හෝ ඇය තුළ බිහි වෙනවා (නැති නම් කණ්ඩායම විසින් නිර්මාණය කරනවා)
    4. අනෙක් කණ්ඩායම් වලට වඩා තමන්ගේ කණ්ඩායමත් අනික් කණ්ඩායම් වල සාමාජිකයන්ට වඩා තමනුත් උසස් ය, සුවිශේෂය කියන හැඟීම කණ්ඩායම විසින් සාමාජිකයාට උගන්නනවා. කණ්ඩායමේ සාමාජිකයන්ගේ මනසේ ඇඳෙන්නේ තම කණ්ඩායම සර්ව සම්පූර්ණ සංකල්ප පද්ධතියක් ලෙසයි.
    5. ට්‍රැඩිශන්ස් තියෙනවා කණ්ඩායමේම අපේම කියලා කල්චර් එකක් තියෙනවා කස්ටම්ස්, නොර්ම්ස් තියෙනවා. ඒවා අපි දීවිහිමියෙන්ආරක්ෂා කරන්න ඕන. කියන හැඟීම ඔළුවට වැටෙනවා.
    6. ඒ සමූහයේ කොටසක් වෙන්න නම්, මේ සම්ප්‍රදායයන්, චාරිත්‍ර, සිරිත් විරිත් අකුරට ම පිළිපදින්න ඕන
    7. මේ කණ්ඩායම් තුළ දී “නිල ගීතය”, “නිල කොඩිය” සහ “නිල ලාංඡනය” වගේ සංකේත කෙරෙහි වන්දනීය ස්වරූපයක් මනසට බලෙන් ම කාවද්දනවා.
    8. කවුරුන් හරි මේ පූජනීය දේවල් විවේචනයට, ගැරහීමට ලක් කළහම මේ කණ්ඩායමේ සාමාජිකයන්ට ගොඩක් කේන්ති යනවා. ඒ වෙනුවෙන් ඔවුන් ගහ මරා ගන්න පවා යනවා.
    9. තම කණ්ඩායම ගැන තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් එහි අභිවෘද්ධිය හා එහි අලුත් සාමාජිකයින් ගැනත්, කණ්ඩායමේ විනය පිළිබඳවත් දැඩි සැළකිල්ලක් දක්වනවා.

    බණ්ඩා මහත්තයා කියන්න වගේ පොඩි පාසල් වල අයට වඩා ලොකු පාසල් වල අයට මේ කියන ලෙඩේ වැඩියෙන් තියෙන්න පුළුවන්. එක පාරට මට හිතුණේ ලොකු, ප්‍රබල සමූහ වල මේ හැඟීම වැඩියෙන් තියනවා කියලා. ඉස්කෝල ගැන හිතන කොට ඒක ඇත්තක් වගේ පේනවා. ඒත් රටවල් මට්ටමින් හිතන කොට ප්‍රංශය, ජර්මනිය, ඇමරිකාව, චීනය, රුසියාව, වගේ රටවල් වල උදවියට වඩා අපේ රටේ උදවියගේ මේ කියන හැඟීම වැඩි ද කියලත් හිතුණා.

    බණ්ඩා මහත්තයා “පාසල් වාදයෙන් ආරම්භ වන..” කියලා තිබුණට මට හිතෙන්නේ නෑ ඒකත් එහෙමයි කියලා. මට හිතෙන්නේ මේක ලොකු පොඩි ඛේදයක් නැතිව ඕනෑම සමූහයකට අදාළයි කියලා.

    “ …හිරවි සිටින පරපුරක්, මානව සංහතියට පොදුවේ ආදරය දක්වන්න පුළුවන් වෙයි, අනෙකාගේ දුකේදි සහකම්පනය වෙයි කියලා බණ්ඩා හිතන්නේ නෑ” කියන බණ්ඩා මහත්තයාගේ ප්‍රකාශයත් තරමක් ගැට‍ළු සහගතයි කියලයි මට හිතුනේ. අංජන මහත්තයා ගේ දියේ ගිලෙන උදාහරණයේ දී වගේ තමන්ගේ දරුවා කියලා වත් නො සලකා ළඟින් ම ඉන්න ළමයා ඉස්සෙල්ලා ම බේර ගන්න තරම් උසස් මනසක් තියනවා නම් (අංජන මහත්තයා අනුව ඊනියා “රහත්”) ඒක බණ්ඩා මෙතන කියන විදියේ මානව සන්හතියට පොදුවේ ආදරය දැක්වීමක් වෙන්න පුළුවන්. ඒත් එහෙම සර්ව සම්පූර්ණ අය නැති නිසා එකිනෙකාට පුළුවන් තරමින් මානව සංහතියට පොදුවේ හෝ නැතිව හෝ ආදරය දක්වන්න කාටත් පුළුවන් කියලයි මට හිතෙන්නේ. ඒ වගේම ඔය මොන කණ්ඩායමක් ගැන හැඟීම තියන කෙනෙකුට උනත් අනෙකාගේ දුකේ දී සහකම්පනය නොවෙනවා කියලා නම් මට පිළිගන්න අමාරුයි.

    මේක අධ්‍යාපන ක්‍රමයට විතරක් කරන්න පුළුවන් දෙයක් ද, එහෙමත් නැති නම් පොදුවේ සමාජය විසින් සමස්තයක් වශයෙන් නිර්මාණය කරපු දෙයක් නිසා පුළුල් ව වෙනස් කල යුතු දෙයක් ද කියන එකත් මට ආපු ප්‍රශ්නයක්. සමාජය හා ඒ හා බඳුන චාරිත්‍ර නිර්මාණය කරන්නේ මිනිසා වගේ ම එය ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව ද මිනිසාට ම තියනවා කියලා මතක තබා ගත්තොත් හොඳයි. ඒ නිසා මේක අධ්‍යාපනයෙන් ඔබ්බට යන “අංකල්ලා පාසල්වලින් අවුට්” කිරීමට ඔබ්බට යන දෙයක් කියන එකයි මට හිතෙන්නේ.

    බණ්ඩා මහත්තයා කියපු එක දෙකට නම් මම අකමැතියි. ඒ බණ්ඩාගේ ඊනියා “දෙමළ මිතුරා” කියන යෙදුමට. මෙතෙන්ට ඔහුගේ ජනවර්ගය අදාළ වන බවක් මට නම් කොහෙත් ම පේන්නේ නෑ. සමහර විට බණ්ඩා මහත්තයා ඒක දැම්මේ යම් අරමුණක් ඇතිව වෙන්න ඇති මට තේරුණේ නැති උනාට.

    ජනක ලියලා තිබුණ වගන්තියේ “I have withdrawn from activities because I do not agree with some so-called “school” traditions, yet my smalller attempts to change attitudes had not been of any success too (compared to the huge giants behind those).” මේ අය යෝධයෝ කියලා නම් පිළිගන්න බෑ. හුදෙක් පවතිනා සමාජ සංස්ථාවක් ආරක්ෂා කර ගැනීමත් එක්ක සංසන්දනය කරන කොට ඒකට විරුද්ධව වැඩ කිරීම වෙනස් කිරීම ඉතා අපහසු වීම පමණයි මෙතන තියෙන්නේ.

    හැබැයි යින් යෑන් සලකුණෙන් කියවෙන දේත් වෘකයෝ දෙන්න ගේ සටන කතාවේ කියන දේත් මතකයට නගා ගත්තොත් හොඳයි කියලයි මට හිතුනේ.

    Like

    • කිසියම් කණ්ඩායමට බැඳීමක් ඇති කරගැනීම(sense of belonging) කියන දේ වැරැද්දක් නැහැ. ගැටළුව නම් සමහර අවස්ථා වලදි මෙහෙම ඇති කරගන්නා බැඳීම් හේතුවෙන් මිනිසුන් යම් කණ්ඩායමක් වෙනුවෙන් කොන්දේසි විරහිත, තර්කයේ හෝ බුද්ධියේ පාලනයට හසු නොවන බැඳීමක් ඇති කර ගැනීමයි.

      දැඩි ගෝත්‍රවාදය සමාජයක් විදියට උත්කර්ෂවත් නැංවීමේදී තමාගේ ගෝත්‍රයට අයත් නොවන අය ගැනත් සහකම්පනය තියේවිය කියල හිතෙනවා නම් ඒ අදහස බැහැර කර ගත හැකියි මෑතකදී සුනිල් රත්නායක නම් සෙබලා විසින් සිදු කරන ලද ම්ලේච්ඡ ඝාතනයන් සාධාරණීයකරනය කිරීමට අපේ සමාජයේම කොටසක් ක්‍රියාකල අන්දම මතක් කර ගැනීමෙන්.

      Like

  5. I’m an old boy of Royal College and I completely agree with this. I have always found people who favour others based on their school to have never left school…. how sad

    Liked by 1 person

  6. ඔව්, පෙරේදා මුලු පාරම බ්ලොක් කරන් පැය ගනන් මිනිස්සුන්ගේ කාලේ කාපු පැරඩ් එකේ හැටියට ඉස්සරහට මේ ගොත්‍රික මානසිකත්වයේ වැඩ තව තවත් වැඩි වෙයි, පාසල් අතරේ තරගය නිසාම. නමුත් ඒක, එක අතකින් හොදයි, මොකද හැමෝම දන්න, හැංගිලා තිබුනු මේ උපසංස්කෘතියට ඉදිරි කාලේ හොදින් විවේචනය වෙයි…

    Like

  7. තමන් ඉගෙනගත් පාසලට ආදරේ වෙන එක ලැදියාවක් දක්වන එකේ කිසිම ගැටලුවක් මා දකින්නෙ නැත, වර්තමාන පාසලේ තත්ත්වය ගැන නිතර අවදානයෙන් ඉන්න එක පාසලේ දියුනුවට දායක වෙන එක නරක දෙයක් ද ? එම නිසයි ඔය කියන පාසලට ලෝකයේ උනත් ඉහල ස්ථානයක් ලැබෙන්නේ බොහෝ විට එහි තියන බොහෝ පහසුකම් හුදෙක් ආන්ඩුවෙන් ලබා දීපුව නෙවෙයි ආදි ශිෂ්‍යයෝ හදපුවා, ඉතින් ඒක වැරදිද ? එහෙම වෙන්නෙ නෑ ඔය කියන හඟීම නැත්තන්. පාසලේ තියන සම්ප්‍රදායන් උනත් එහෙමයි, ඒවට සම්බන්ද වෙන කිසිදු පාර්ශවයකට ගැටලුවක් නැත්තන් අනික් මිනිස්සුන්ට තියන අමාරුව මොකක්ද ?

    මම ඒ උනාට ඔය කියන පාසලෙ සියලු දෙනාටම උපදෙසක් දෙන්නම්, තමන් කරන දේවල් ඒ කිව්වෙ ඔය කියන සම්ප්‍රදායන් ගැනවත් කිසිදු දෙයක් ගැන මේ රටේ ඉන්න 80%කටම අවබෝදයක් නෑ, ඔය පිලිබඳව දන්නා එක්තරා කොට්ටාශයක් පමණක් ඉන්නව, එම පිරිසට පමනක් ඔය සියල්ලම සීම කරගන්න. ෆේස්බුක් එකෙයි අරකෙයි මේකෙයි ඕව දාන්න ගියාම තමා ඕව ගැන හැඟීමක් නැති, අවබෝදයක් නැති, ඕව විඳල නැති අයගේ විරුද්ධවදී අර්ථකතන වලට ලක්වෙන්නේ. ඒක නිකන් හරියට කොලඹ 7 කෙල්ලෙක් ගමකට ගියොත් ඒ ඇඳුම් වලට ලැබෙන විවේචනයයි ( ඕකි බඩුවක් අරව මේව ), ගමක කෙල්ලෙක් කොලඹට ආවොත් ඒකට ලැබෙන විවේචනයයි ( ඕකි ගොඩයෙක් )වගේ . ඒ නිසා ඔය කියන සියලුම දේවල් ඒවා දන්න පිරිස අතරෙ සාකච්චා වලට සීමා කරගන්න

    Like

    • තමා ඉගෙනගත් පාසල ගැන ගෞරවයක් හිතේ තබා ගැනීමවත් , පාසලේ තත්ත්වය ගැන නිතර අවදානයෙන් සිට පාසලේ දියුනුවට දායක වෙන එක නරක දෙයක් බවවත් මෙම සටහනෙන් කියා නැත.

      Like

  8. I totally disagree what this article trying to expose….. what i feel is all the past pupils of their schools must try to helpout the present students of the school.What ever the school.That can be a school from Colombo even from out of Colombo. That doesn’t matter. It’s better to create a good valuable person to society rather than telling these kind of stories and I saw in this article mentioned some companies only recruiting from those schools but kindly note that shows some kind of a good identity has created from those schools. I don’t tell that only recruiting from those schools is correct but why don’t we trying to create that kind of a identity for our schools ?????

    Like

    • Either you have not read this article or you are just going by your guess what this article is about. Tell me, how exactly you are going to create and identity for a school?

      Liked by 1 person

    • Kindly note so called school OBU members do so many investments to create good citizens from their school. Schools will get a good identity once school create a good character to society only or making a mile stone in society towards good things.As i seen in this society needs quality branded characters. helping out school is a crime……. so sad to hear that kind of a story.

      Like

  9. I am an old boy of Royal college. Entered the school from grade five scholarship examination and graduated with 3 A’s.

    Royal will always have a special place in my heart (The “tribe mentality” as Banda would call it). That’s why I want to add my two cents to this article.

    I do not completely agree with the points raised by Banda. However he has some valid arguments.

    It is sad to say that, I felt disgusted to hear about principles of two leading girls’ schools had to lie about Royal students forcibly entering in to their school premises. Being a son of a minister or henchmen of a politician should not give an “idiot” a chance to break the rules and justify it under the slogan of “කොලුකම”. These idiots need to be punished. It should set an example to other “idiots” who want follow them.

    We admit best students from grade five scholarship examination; but we could not make it to the top ten in GCE O/L examination. In one hand we are breaking laws and acting like bunch of weirdos (with cross-dresses); and on the other hand we could not produce results. What’s going on Royal?

    In my honest opinion, OBA need to think beyond so called “traditions” and take actions like grown up adults. As Banda said //ඒක පටන් ගන්න නම් ඉතින් තිහ, හතළිහ පැනපු අන්කල්ලා සෙට් එක මුලින්ම මේ මහ විසල් පාසල්වලින් අවුට් කරගෙන ඉන්න වෙනවා.//

    Like

  10. ලිපියත් එහි ඇති විවේචනත් එක හුස්මට කියෙව්ව..මේ ගැන දින කීපයකට පෙර මගෙ මිතුරෙක් සමග දීර්ඝ ව කථා කලා…මට තේරෙන විදිහට කන්ඩායම් ගත වීම (ගෝත් ර) සාමාන්ය දෙයක්..මුලු සත්ව ලෝකයටම….මානවයට පුලුවන් ඒක තෝර ගන්න…සත්තුන්ට අමාරුයි….තෝර ගැනීම හා උපතින්ම ලැබන දේ අතර ගට්ටනය තමයි විසඳ ගන්න අමාරු…..එක කාන්ඩයක අදහස් අනිත් කාන්ඩයට නොගලපී ම තව හේතුවක්…මේක විසඳගන්න සාකච්චා කරන්න ඕන…කෙසේ වෙතත් ඉස්කෝලෙට ආදරය කිරීම, කාන්ඩ ගත වීම සාදාරන සමාජයකට අරුමයක් නෙමෙයි. මොකද ඒක පෞද්ගලික දෙයක්…..හැබැයි පොදු කටයතු වලදි ඉස්කොලය දර්ශකය කර ගැනීම නම් එක හෙලාම විරුද්ද විය යුතු දෙයක්

    Like

  11. මම ඉස්කෝල තුනකට ගිය කෙනෙක්. සාමාන්‍ය විදිහට ‘ලොකු’ කියා පිළිගැනෙන එකකටද, මධ්‍ය මහ විද්‍යාලයකටද, තරමක ඉහල මට්ටමේ නමක් තියන වශයෙන් ඔය තුන නම් කරන්න පුළුවන්. ඉස්කොලෙ සම්බන්ධ මගේ බැඳීම තියෙන්නේ ඒ ඒ කාලයේ මා ලැබූ අත්දැකීම මත මිසක් පාසලේ තත්වය අනුව නොවෙයි. ඒ වගේම මේ කිසිම ඉස්කෝලයක ආදි ශිෂ්‍ය සංවිධානයක මම නැහැ. නමුත් පාසල නියෝජනය කරමින් යම් යම් අවස්ථා වලට සහභාගි වෙලා තියනවා.

    පාසල් කාලයේදී නම් කමක් නැහැ කිව්වත් ඊට පස්සේ නම් පාසල උස්සාගෙන දිවීම මටත් දිරවන්නේ නෑ. එක අතකින් ඒක තමන්ට නැති වැලිව් එකක් ලබා ගැනීමට කරන හීනමාන උත්සාහයක්. අනිත් අතින් තමන් වෙන කාට හෝ වැඩියෙන් වරප්‍රසාදිත බව පෙන්වීමට කරන වැඩක්. තමන්ගේ පාසල් මිත්‍රයන් සමග නැවත සුහද හමුවක් පැවැත්වීම, පාසලේ බිග් මැච් එකට යාම වගේ දේවල් නෙවෙයි මම කතා කරන්නේ. අතිශය ප්‍රදර්ශනකාරී ලෙස පාසල උළුප්පවා දක්වමින් කරන වැඩ ගැන. බණ්ඩා කියන ලෙසටම මෙතන අනිත් පාසල් කෙරෙහි එදිරිවාදී කමක් ගැබ් වෙලා තියනවා.

    මේකත් සිංහල බෞද්ධ මෙන්ටලිටියට වඩා ලොකු වෙනසක් නෑ. වෙනස ප්‍රමාණයෙන් කුඩා වීමයි.

    Liked by 2 people

    • “It is something which we cannot define but we can speak about – something we cannot touch but which we know exists in us and in all those who have had the good fortune to be educated at ROYAL COLLEGE. this something elusive but it is ever present – it is what may perhaps be called THE ROYAL SPIRIT. It is this unique experience that has made ROYAL COLLEGE shape and fashion many a leader.The discipline and ideals imbibed from the very moment of entering this institutions stands in good stead I believe, in the trials and tribulations of later adult life.The reputation and success of many such Royalists have reflected and enhanced the reputation of the college. There they have received the special training for which Royal is justly famous. They then go out into the world and the cycle that keeps Royal and Royalists in the forefront of affairs continues ”
      -Lalith Athulathmudali-

      නිකන් මෙතන කමෙන්ට් දාන උන් වගේ බොරු රාජකීයෙක් නෙවෙයි, ඒ වගෙම මොහුට සමාජයේ තැනක් ගන්න එය අවශ්‍ය වන කෙනෙක් හෝ වෙනත් පුද්ගල දක්ශතාවක් නොමැති අයෙකුත් නෙවෙයි, ඔක්ස්ෆර්ඩ් සහ හාවඩ් සරසවි වල ඉගෙනුම ලැබුවෙක් , නමුත් ඔහු කියන දේ බලන්න, ඒ වගෙම පහත් ජාතිවාදී මානසිකත්වයක් තියන අයෙකුත් නෙවෙයි (ඔහු කියන මේ කියන රෝයල් ස්පිරිට් එක නැති රාජකීයන් ඉතාම සුලු පිරිසක් ඉන්නව )

      Like

  12. අපිත් ඒ කාලේ පැරේඩ් ගියා, බර කරත්ත පවා අරන් ගියා. 1960 දශකයේ. කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල නගරයේ. ඒ කාලේ ඒ පාරේ පැයකට වාහන 100 ක් යන්න නැතුව ඇති. පැරණි සම්ප්‍රදාය රකින්න අද කොළඹ නගරයේ (අපිත් ඔව්වා ඉගෙනගත්තේ කොළඹින් තමා) පෙළපාලි ගියාම සිදුවන දේ කියන්න ඕනේ නැහැ. අපි ඒ කාලේ කෑගලු බාලිකා විද්‍යාලයේ ගේට්ටුවේ සහ ශාන්ත ජෝශප් කන්‍යාරාමයේ ගේට්ටුවේ පෝස්ටර් ගහලා අවා එන්න මැච් එක බලන්න කියලා. ඒ කාලේ අපි හොඳා……යි, දැන් එවුන් නරකා………යි කියන මොට්ට අදහස නෙවෙයි මේ කියන්නේ. දැනුත් මේවා කරන්න ඕනේ. නමුත් මහජනතාවට, වාහන ගමනාගමනයට, අනෙක් පාසල්වල පැවැත්මට, හානියක් නොවන ආකාරයට.

    Liked by 1 person

  13. අපිත් “සිරා පොරවල්”….ද ?

    මම ඔය ලොකුයි කියල කියල ඉස්කෝලෙක ඉගෙන ගත්තු කෙනෙක් නිසා මටත් ඉස්සර තිබ්බා අපි “හරි ලොකුයි” නෙ වගේ කියල හැගීමක්. එත් office වල වැඩ කරද්දී, සමාජයේ එදිනෙදා නියම මිනිස්කම් තියන මිනිස්සු මුණ ගැහෙද්දි, මම හොයල බැලුවා මුත් “අපේ” එකෙක් ද කියලා (ඒ කිව්වේ මගේ ඉස්කෝලේ එකෙක් ද කියලා. ඒ තරමට සිරා පොරක් වෙන්න නං මගේ ඉස්කෝලෙම වෙන්න ඕනේ වගේ දෙයක් ඔලුවට ගිහින් තිබ්බේ). එත් නැහැ, ගොඩක් උන් ඔය ප්‍රසිද්ධ කියන ඉස්කෝල වල උන් නං නෙවෙයි. එත් සමාජයේ ඔය වටිනාකම් ගොඩක් වෙලාවකට ගණන් ගන්නේ නැහැ. ඉංග්‍රීසි කතා කරන්න, සල්ලි තියන, බලය තියන අය නං ඔන්න පොරවල් (Now don’t label me as a person who is jealous of those who can speak English, or against people with more money. Its not the language or money that matters, but the undue importance given in society to those who are able to speak a language or have more money). ප්‍රශ්නේ තියෙන්නේ ඒ ලොකු පොරවල් කරන කැත වැඩ පවා එච්චර කැත බවක් අනිත් උන්ට නොපෙනෙන එක.

    සිරා පොරක් වෙන්න ලොකුයි කියන ඉස්කෝලෙකට ගිය පලියට මදි. මොකද මම දන්නා කාලකන්නි මිනිස්සු ඕනා තරම් මේකෙන් බිහි වෙලා තියනවා, මෙලෝ දෙයක් කර ගන්න බැරි ඕනා තරම් උනුත් ඉන්නවා අර බණ්ඩා කිව්වා වගේ “ඉස්කෝලේ” ලේබල් එක නිසා තැනක් ඉබේම ලැබුණු. ඔය අස්සේ ගමෙ ඉස්කෝලෙන් ආපු දක්ෂයට තැනක් නොලැබුණාම උට මල පනින එක අසාධාරණයි ද ?

    මට හිතෙන්නේ “සිරා” වෙන්න ඕන කරන දෙයින්, හිතන විදියෙන්, වටිනාකම් වලින්. ඔය ලේබල් වලින් නෙවෙයි.

    Traditions… සහ පාතාලේ උන්ට පස් පව් කියා දීම

    විශේෂයෙන්ම ඉස්කෝල වල තව වෙන දෙයක් තමයි, ඉස්කෝලේ නාමයෙන් පවත්වාගෙන යන traditions වලට අන්ධ භක්තියෙන් වැඳගෙන, ඊටත් වඩා ලොකුවට කරගෙන යාම. මේ ඉස්කෝලේ හැම දෙයක්ම “ලොකුවට” කරනවා. හොඳ දේවල් වගේම සමාජයට තේරුමක් නැති, අසංවර හෝ වලටම අද දමන දේවලුත් “ලොකුවටම” කරනවා. Comment එකක සුනෙත් කිව්වා වගේ, මෙව්වා ගැන දන්නේ බොහොම අතලොස්සයි. එක නං ඇත්ත. ඔහු කියන විදියට මෙව්වා කතා කරන්න ඕනේ ඒ අය අතර පමණයි. එත් ඔය old boys ලා ගෙන් තාමත් ඉස්කෝලේ දේවල් වලට හැමෝම එන්නෙත් නැහැ (අපේ නං 1/5 විතර තමයි නිතර එන්නේ). එන බහුතරයම තමයි ඔව්ව උඩ දාගෙන ලොකුවට කරන්න උදව් කරන්නෙත්. උන් අතරට ගිහින් උන්ටම මේවා කියන එක නිකන්, පාතාලේ ගැන්සියක් අස්සට ගිහින් පස් පව් ගැන කියනවා වගේ කියලයි මට තේරිලා තියෙන්නේ. මොකද මම එක කරන්න හදල තියනවා, ඉඳලා හිටලා මේක තේරෙන එකෙක් දෙන්නෙක් හිටියත්, උනුත් ඔකේ ඉන්නේ මොකක් හරි වාසියක් ගන්නත් එක්ක නිසා (ළමයා ඉස්කෝලෙට දා ගන්න වගේ) ඔය දේවල් වෙනස් කරන්න නැහෙන්න කැමති නැහැ. උන් වෙනම හම්බුනහම කියනවා “උඹ කියන දේ හරි, හැබැයි ඉතින් අපිට ඔව්ව වෙනස් කරන්න බැහැ නෙ මචන්” කියලා. ඒ නිසයි මම හිතන්නේ, සමාජය වලටම අද දාන, අසික්කිත දේවල්, රත්තරන් රෙද්දකින් පොරවාගෙන, එකට මුවා වෙලා කරගෙන යන මේ traditions සමාජයේ අනිත් අයත් දැන ගන්න ඕනේ කියලා.

    මොකද, මේ ලොකුයි කියන ඉස්කෝල වල මේ දේවල් ම තමයි, පොඩියි කියන ඉස්කෝල වල උන් කරන්න හදන්නෙත්. රටේ ලොකු පුටු වල, office වල ලොකු තැන වල ඉන්නේ බහුතරයක් මේ ලොකුයි කියන ඉස්කෝල වල උන් නං, උන්ගෙන් ලැබෙන ආදර්ශයත් බලපෑමත් සමාජයට අනිවාර්යයෙන්ම බලපානවා නේද ?

    ‘Boys will be Boys’
    “මචන් කොල්ලෝ වුනාම මේවා කරන්න ඕනේ”, මම මේ කියන්නේ අහිංසක විනෝදයක් ගැන නෙවෙයි. Bigmatch එකේ තියන ක්‍රීඩාශීලී(sportsmanship) බව වත්, යහපත් තරගකාරී(friendly rivalry) එක ගැනවත් ප්‍රශ්නයක් නැහැ. පපරේ band හෝ සින්දු ගැනවත් නෙවෙයි ප්‍රශ්නේ. මම කියන්නේ පුටුවක ඉඳගෙන අර Lords වල මැච් එකක් බලන නාකි සීයල සෙට් එකක් වගේ ඉන්න කියලත් නෙවෙයි. කෙලින්ම කිව්වොත් Bigmatch එකයි Batch Get Together නමින් හදුන්වන එහෙම නැත්තන් stag night ගැන. Bigmatch එක දැන් මෙහෙ තියන මහා විශාලම බොන පාටිය වෙලා. ලංකාවේ team එකේ cricket මැච් බලන්න මිනිස්සු ගියාට මෙහෙම ground එකේ බේබද්දෝ වගේ ඉන්න දෙනවද ? ඇතුලේ පෝලිමට බොන්න දෙනවද ? එහෙමයි දෙන්නේ නැහැ කියල අපේ මිනිස්සු ඒවට නොයා ඉන්නවද ? එවල විනෝදයක් නැද්ද ?

    stag night කිව්වම, මට පොඩි කතාවක් මතක් වෙනවා. මගේ යාලුවෙක් ඉන්නවා තාත්තා ගිය ඔය ලොකු ඉස්කොලෙටම ගිය. ඒ කිව්වේ දෙන්නම old boys ලා ඔය ලොකු ඉස්කෝලෙක. දවසක් ඔය මහා stag night(ඒ කිව්වේ ඕනෑම වයසක old boy කෙනෙක්ට යන්න පුළුවන් එක) එකට යන්න ලැස්ති වෙනකොට, උගේ තාත්තත් “Batch Get Together එකට ගිහින් එන්නන්” කියල අම්මට කියනවා ලු 🙂 දෙන්නම යන්නෙ එකම තැනට බව මුට තේරුණා නිසා, තාත්තට මාට්ටු වුනොත් වෙන ලැජ්ජාව මැවිලා පෙනුන නිසාත් මූ ගියේ නැහැ ලු. අපරාදේ යන්නයි තිබ්බේ, ගිහින් දෙන්නම මුණ ගැහෙන්නයි තිබ්බේ.

    පවුල පිටින් එකටම බලන්න තිබ්බා. බොන්නත් තිබ්බා තාත්තත් එක්කම.

    මෙව්වා තමයි අනිත් අයත් කරන්න හදන්නේ. හරියට ඇමෙරිකාවට බැන බැන American dream එක හොයාගෙන පස්සේ යනවා වගේ 🙂

    Like

  14. මෙහි අදහස් පලකරල තියන රාජකීයන් කියාගන්න උන් රජකීය විද්‍යාලේ හතර මායිමේ වත් ගියපු නැති පොරවල්, මොකද මේකෙ ඕන කෙනෙක්ට දාන්න පුලුවන් කොමෙන්ට්.අනෙක් අතට රාජකීයට ගියපු පමනින් රාජකීයෙක් වෙන්නෙත් නෑ, ලංකාවේ ඉන්නවා කිසිදු අවුලක් නැතිව වෙනත් රටවල ක්‍රිකට් කණ්ඩායම් වලට සහාය දෙන ප්‍රේක්ශකයෝ, ඔවුන්ට ලංකාව ගැන හැඟීමක් නෑ,ලංකාව ලෝක කුසලානේ දින්නම ඇහැට සතුටු කඳුලක් ආව නම් ඔහුට ලාංකිකයෙක් කියන හැඟීම තියන කෙනෙක් කියල හිතන්න පුලුවන්, ඒවගේ රාජකීය තුලත් ඉන්නව 5%ක් විතර පාසල ගැන කිසිම හැඟීමක් නැති පිරිසක් ඔය ප්‍රින්සිපල්ලාගේ සිද්ධිය කියනවා නම් ඕව මේ ලමයි විනෝදෙට කරන වැඩ, කිසිදු හානියක් කාටවත් නෑ, හැමදාම පොලිසිය මැද්දට පැනලා තමයි ඕක අල කරල දාන්නේ,. ඕව මේ කාලාන්තරයක් තිස්සේ සිදුවන දේවල්. කාටහරි අහන්න පුලුවන් පොලිසියට එන්න කිව්වේ කවුද කියල ? ඇත්තටම පොලිසියට කවුරුත් එන්න කියල නෙවෙයි උන් නිකන්මයි කොල්ලො පස්සෙන් එලවන්නේ නිව්ස් එක ගියාම, ඕව ගැන ඔය කියන පාසල් වල මීට පෙර විදුහල්පතිනියන් ඕන තරම් ආර්ටිකල්ස් ලියල තියනව රාජකීය හා ශාන්ත තෝමසු නිල් මහා සටනේ ස්වනියර් එකට, ඒවයි ඔවුන් කියල තියනවා පොලිසියයි අනවශ්‍ය ලෙස මැදිහත් වෙන්නෙ කියල, අනික කිසිදු විනය විරෝදී ක්‍රියාවක් වෙලා නෑ කියලත් හුදෙක් විනෝදයට වෙන දේවල් කියලත් ඒ විදුහල්පතිනියන්ම ලියල තියනවා ( දැන් ඉන්න අය නෙවෙයි ඊට කලින් විදුහල්පතිනියන්ගේ අදහස් මේ ) ඔවුනුත් දන්නව මෙය සම්ප්‍රදායක් කියල මොකද ඔය කියන පාසල් විශේශයෙන්ම බිශොප් සහ කාන්තා පාසල් වල බොහෝ විට ඉන්නෙ එම පාසලේම ආදී ශිෂ්‍යාවන්.
    බොන ඒවා විවේචනය කරන අයට කියන්න තියෙන්නේ මැච් එකේ බොනවා, ඇත්ත හැබැයි පාසල් යන ලමයින්ට තියෙනවා වෙනම ටෙන්ට් එකක් බෝයිස් ටෙන්ට් කියල ඕකෙ හොරෙන් බිව්වොත් මිසක් බීම සපුරා තහනම් ගුරුවරු ඉන්නවා, ශිෂ්‍ය නායකයෝ ඉන්නව, අනික් ටෙන්ට් වලට බොහෝ විට එන්නේ ආදි ශිෂ්‍යයෝ ඔවුන් බොනවා තමයි ඉතින්, ලංකාවේ බොන්නෙ රෝයල් තෝමියන් එකේ විතරද ? ජාත්‍යන්තර තරඟ බලනකොටත් එහෙමනේ කෝ ඒවට කවුද ලියන්නේ මිනිස්සු බියර් කේස් පිටින් අරන් ගිහින් බොන්නේ. ඒව ගැන සද්දයක් නෑ මේව ගැන විතරයි.
    මම මේ කමෙන්ටුව ඉවර කරන්න කලින් ලංකාවේ හිටපු ශ්‍රේෂඨම දේශපාලනඥෙක් කියපු දෙයක් තබල යන්නම් (එක එක හාල්පාරුවො රාජකීය නාමයෙන් මෙතන ඇවිත් ගහල යන කෙප්ප නෙවේ)

    “It is something which we cannot define but we can speak about – something we cannot touch but which we know exists in us and in all those who have had the good fortune to be educated at ROYAL COLLEGE. this something elusive but it is ever present – it is what may perhaps be called THE ROYAL SPIRIT. It is this unique experience that has made ROYAL COLLEGE shape and fashion many a leader.The discipline and ideals imbibed from the very moment of entering this institutions stands in good stead I believe, in the trials and tribulations of later adult life.The reputation and success of many such Royalists have reflected and enhanced the reputation of the college. There they have received the special training for which Royal is justly famous. They then go out into the world and the cycle that keeps Royal and Royalists in the forefront of affairs continues ”
    -Lalith Athulathmudali-

    නිකන් මෙතන කමෙන්ට් දාන උන් වගේ බොරු රාජකීයෙක් නෙවෙයි, ඒ වගෙම මොහුට සමාජයේ තැනක් ගන්න එය අවශ්‍ය වන කෙනෙක් හෝ වෙනත් පුද්ගල දක්ශතාවක් නොමැති අයෙකුත් නෙවෙයි, ඔක්ස්ෆර්ඩ් සහ හාවඩ් සරසවි වල ඉගෙනුම ලැබුවෙක් , නමුත් ඔහු කියන දේ බලන්න, ඒ වගෙම පහත් ජාතිවාදී මානසිකත්වයක් තියන අයෙකුත් නෙවෙයි (ඔහු කියන මේ කියන රෝයල් ස්පිරිට් එක නැති රාජකීයන් ඉතාම සුලු පිරිසක් ඉන්නව )

    Like

    • මිත්‍රයා, මේ පෝස්ට් එක රාජකීය විද්‍යාලය ඉලක්ක කරගෙන දාපු එකක් නෙමෙයි. ටිකක් සිහි බුද්ධියෙන් කියෙව්වොත් ඒක තේරෙනවා.

      අනිත් අතට පාසල කියන්නේ විවේචනයට ලක් කරන්න බැරි ශුද්ධ වූ වස්තුවක් නෙමෙයි. ඉස්කෝලෙට ආදරේ කරන එකයි, ඒක වෙනුවෙන් මරාගෙන මැරෙන්න යන එකයි දෙකක්.

      මට ආයෙත් කියන්න තියෙන්නේ, දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙන්න..! 🙂

      අපි කවුරුද?

      Like

    • මොනම දෙයක් සඳහාවත් මරාගන්නව නම් මෝඩ දෙයක්, පාසලෙන් අවුට් වීමයි, පාසලට සැලකීමයි, පාසලේ ඉගෙනගත්ත අයට සලකන එකෙයි ලොකු වෙනසක් තියනවා

      Like

  15. I do not understand one thing. May be I am out of the context to this blog. I just randomly hopped into this. I did my studies in a school in Colombo and did my bachelors in a university in colombo. To be in the place where I am now, it only helped me how hard I worked, how good I scored, and how good I performed. The name of the school did not matter anywhere for me. May be the name of the university does matter a little bit so the interviewer recognize the quality of the course based on the reputation of the uni. But as far as I understood, carrying the name of the school only could help you, if you are going to goto a job without a degree or right after you leave the school. Isn’t it? In my short career as an engineer, I met lot of other engineers from various backgrounds and from lot of schools and lot of different universities. And the school never played a role in getting them a job. Correct me if I am wrong. However, I agree with the article. People automatically get some charge just by being a part of the school. It’s like people who are washing toilets in USA, try to boast and show themselves above others. I am in no way try to offend any job or profession. The respect should come by being a human and from your skill. Not by something else like just belonging to a particular class, or “school or uni tribe”. Everyday we see talented people from various background and we respect either for their humanity or for their talent. That’s it. Kinda wrote what I felt. May be my comment is out of the scope of this article. Just wanted to express.

    Like

  16. මමත් ඔය කවුරුත් කතාකරන කොලෙජ් එකේ තමා. ඉස්කෝලෙන් පස්සේ මම ඉස්කෝලේ කරේ තියන් රට වටේ ගියේ නැහැ. ගෞරවය වෙන එකක්…මෝඩ ගෞරවය තව එකක්. ඉස්කෝලේ පහුකරන කොට නැගිටින හාදයෝත් ඉන්නවද මන්දා. බලාගෙන අහක බලන් ගිහිල්ලා කාර් එක රේස්කෝස් තාප්පේ වදියිද දන්නේ නැහැ.

    Like

    • ඉස්කෝල ගැන කියද්දි අනික් ගෝත්‍රවාද වලට උඩ පැන පැන ගහන ඩයල් හිටං සෙන්සිටිව් මචන්. ඒ බැඳීම ආගමිකයි. සමහර විට ඉස්කෝලෙ ගාවින් යද්දි නැගිටින්න හිතෙනවද දන්නෙත් නෑ.

      මට පොඩි කාලෙ ඉඳල තිබ්බ ප්‍රශ්නයක් තමයි, අපේ ඉස්කෝලෙ ඇතුලෙ ළමයින්ට කැප් දාන්න නොදෙන එක. පාසල් භූමියේ කැප් එක දාන එක අගෞරවයක්ලු. හැබැයි ස්පෝර්ට්ස් මීට් එක දවස් වලට පිට්ටනියෙදි කැප් දාන්න දෙනවා. එතකොට අගෞරවයක් නැද්ද?.. ඇයි කියල තේරෙන්නෙ නෑ බං. සිරාවටම තේරෙන්නෙ නෑ.

      Like

  17. Shouldn’t this go par with government university alumni as well ? Anyone who would have worked in any of the top 2 telecommunication providers in Sri Lanka know this. I can see why some companies prefer to recruit people from some selected schools. At least that’s 1000 times more healthier than this mess university alumni create. Parents should see how their private / non government university sons and daughters are treated in their internship (Engineering division) period. This has to stop.

    Like

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s