ඔව් මචන්, මම අලුත් අවුරුද්ද සමරනවා !

සූර්‍යා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම සමරන තවත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක්,

..තවත් දවසක්.

” සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්. උඹ සිංහල අවුරුද්ද සමරනව නේද?”

මගේ මිත්‍රයෙක් මගෙන් අහනව

ඒ පැනයට ඔව් හෝ නෑ හෝ කියා සරල පිළිතුරක් තිබුනා නම්..

මගේ මිතුරා මගෙන් “උඹ සිංහල අවුරුද්ද සමරන්නේ කැමැත්තෙන්ද?” කියල ඇහැව්ව නම් සරල උත්තරයක් දෙන්න තිබ්බා.

සිංහල අවුරුදු සමය ! ජනවාරි පළමුදා නව අවුරුදු උදාව.. ! උපන්දිනය …..!

අලුත් දවසක් උදා වෙලා, තවත් දවසක් ගෙවී ගිහින්.. අවුරුද්දක් උදා වෙලා.. තවත් අවුරුද්දක් ගෙවී ගිහින්.

හැමෝම තම තමන්ගේ එදිනෙදා වැඩකටයුතු නවත්තලා, තමාගේ රාජකාරී කටයුතු නවත්තලා සමරන්න සූදානම,

කාලය ගත වීම..!

මේ සැමරීම් තුළ ආගමික හෝ සංස්කෘතික වටිනාකමක් තියෙනව කියල කියවෙනව. එකඟයි. ඒ ගැන විවාදයක් නැහැ.නමුත්, මේ සියල්ලෙන් එළියට ඇවිත් පිටස්තරයෙක් විදියට මේ නාඩගම දිහා බැලුවොත් මොන විදියට පෙනෙයිද?

සමරන එක සාධාරණයි, කාලය ගත වීම නෙමේ. කෙනෙක්ගේ ජීවිතයක මොකක් හරි අරමුණක් ලඟා කර ගන්න එක, කෙනෙක් යම් ඉලක්කයක් ජයගන්න එක, රටක් විදියට යම් ජයග්‍රහණයක් ලබන එක.

මේ සැමරුම් අපේ සංස්කෘතියට විතරක් ආවේණික නැහැ. නමුත් මඳකට නැවතිල හිතල බලමු.

මිනිසුන් පොදියක් එකතු වෙලා කිසිම සාධාරණ හේතුවක් නැතුව සමරනවා, සතුටු වෙනවා. පිටස්තරයෙකු විදිහට මේවගේ සැමරීම් බලාගෙන ඉන්නකොට පේන්නේ සමරන්න දෙයක් නැති ජීවිත ගෙවන මිනිස්සු සතුටු වෙන්න නිසාම බොරුවට හේතු හදා ගැනීමක් වගේ.

තමාගේ දරුවන්, දෙමාපියන්, මිතුරන් එක්ක එකට කාලය ගත කරන්න බැරි මිනිස්සු ඔවුනොවුන් හා එකතුවන්නට ව්‍යාජ හේතු හදාගෙන වගේ. අපේ ප්‍රියයන් හමුවෙන්න, ඔවුන් සමඟ එකට හිඳ කා බී හිනැහෙන්න අපට අවුරුද්දේ එක දවසක් එනකම් බලන් ඉන්න වෙලා නම් ඒකෙන් කියවෙන්නේ අපේ ජීවිත වල හිස් බව නොවේද? අප අපේම ජීවිත වල අතරමං වෙලා බව නොවේද?

අපි ජීවත් වීම පහසු කරගන්න කියල ලඟා කරගන්න හදන ඒ ඉලක්ක වලට, ලබා ගන්න හදන ඒ දේවල් වලට අපේ මුලු ජීවිතම කැප කරලා. අපිට අපේ ජීවිතේ විඳින්න නම් කිසිම තේරුමක් නැති සමාජය සම්මත කරගත්ත දිනයන් උදාවෙනකන් ඇඟිලි ගනින්න වෙලා.

අපි සතුටු වෙන්න කලින් දින නියම කරගන්න ඕනේ තත්වෙක ඉන්නේ, අපි ගමේ ඉන්න දෙමාපියන් බලන්න යන්න සමාජයේ සම්මත කරගත්ත දිනයක් එනකන් අවුරුද්දක් තිස්සේ බලන් ඉන්නවා, දුර පලාත් වල රැකියා වලට ගිය පියවරු තමාගේ දරුවන් බලන්න මේ දිනය උදාවෙනකන් ඇඟිලි ගැනගැන ඉන්නවා…

අපි අපේ ජීවිත වලම හිරකාරයෝ වෙලාද?

තවත් පැත්තකින්, සමාජය විසින් කලින් නියම කරන දිනයක සතුටු වෙන එක හරියට අනිවාර්‍යයෙන් කල යුතු වගකීමක් වගේ වෙලා. හැමෝම කරන නිසා කරන්න ඕන දෙයක් බවට පත් වෙලා.. දින නියම කරගෙන සතුටු වෙන එක !

ඒක නිකන් හරියට මිනිස්සුන්ට සතුටු වෙන්න ඕනෙ වෙලාවයි සතුටු නොවී තමාගේ අධික ලෙස කාර්‍ය බහුල වෙලා තියෙන ජීවිත වල හිරවෙලා ඉන්න ඕනෙ වෙලාවයි තුන්වන පාර්ශවයක් විසින් නියම කරල දීල වගේ.

නව වසරක උදාව, උපන්දිනය.. මේ සියල්ලම පොදි බැඳගෙන සමරන එකෙන් අඩු වැඩි වශයෙන් පෙන්වන්නේ හැඟීම් දැනීම් ඇති ජීවීන් වන අපි යාන්ත්‍රික සමාජ ක්‍රමයක කොටස් කාරයන් වෙලා තියෙන බවද?

තව මාස කීපයකින් එන මගේ උපන්දිනය මට මතක් වෙනවා

“මම මෙලොවට බිහි වෙච්චි කාලය අවුරුද්දකින් වැඩි වෙලා.. මම මේ ලෝකයේ ඉන්න තියෙන කාලය අවුරුද්දකින් අඩු වෙලා.. දැන් මම මේක සමරන්න ඕන. මම මේ ලෝකයට ඉපදිලා නිශ්චිත දවස් ගානක් ගිහින්.. දැන් මම ඒක ගැන සතුටු වෙලා සමරන්න ඕන.. එහෙමද?”

එහෙම සමරන එක සාමාන්‍යයයි. සමරන්නෙ නැති එක අසාමාන්‍යයි. එහෙමද?

කොටසක් තමාගේ සතුට කියන අත්දැකීම ගන්න මේවගේ දිනයන් එනකන් බලාගෙන ඉන්න අතරේම තවත් කොටසක් මේ දිනයන් සැමරිය යුතු නිසාම සමරන්න පෙළඹිලා. කොටින්ම අවුරුදු, නත්තල් වගේ අවස්ථා ලෝකෙට ණය වෙලා සමරන මිනිස්සු කීදෙනෙක් නම් ඉන්නවද?

‘අහවල් දවසේ, අහවල් වෙලාවේ, අහවල් විදිහට උඹ සතුටු වෙන්න ඕනේ.. ෆන් ගන්න ඕනේ..මේ දේ කරන්න ඕනේ’ කියලා කවුරු හරි කිව්ව පලියට, නියමයක් තිබ්බ පලියට එහෙම කරන්න අපි ප්‍රෝග්රෑම් කරනු ලැබූ රොබෝ වරුද, හැඟීම් දැනීම් තියෙන පණ ඇති මිනිසුන්ද?

අවංකව හිතද්දි අලුත් අවුරුදු සැමරුම්, උපන්දින සැමරුම් ගැන හිතෙන්නේ එහෙමයි.

ඒත් කෙනෙක් අවංක සිතින් අවංකව සුභ පැතුමක් එක් කලාම මම කියන මනුස්සයාගෙ හිතේ තියෙන මේ අවංක සිතිවිලි ටික මෙහෙමම කියල දාන එක නරුම වැඩක් ! ඒකෙ දෙකක් නැහැ..

මට මතක් වෙනව මගේ යාලුවගේ ප්‍රශ්නය

” සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්. උඹ සිංහල අවුරුද්ද සමරනව නේද?”

හොඳ හිතින් දෙන හොඳ ප්‍රාර්ථනාවකට හොඳ හිතින් ප්‍රතිචාරයක් දෙන එක මනුස්සකමක්..

“ඔව් මචන්.. උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා”

මම ඔහුට කියනවා..මගේ මිතුරාට විතරක් නෙමේ..

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරන, අසම්මතයා කියවන පාඨකයන් ඔක්කෝටම..

සුභ අලුත් අවුරුද්දක් වේවා !

Advertisements

11 responses to “ඔව් මචන්, මම අලුත් අවුරුද්ද සමරනවා !

  1. Pingback: ඔව් මචන්, මම අලුත් අවුරුද්ද සමරනවා ! | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

  2. තමන් අවුරුද්ද සැමරුවට කිසි අවුලක් නෑ… මට තියෙන ප්‍රශ්ණේ රටේ ළෝකේ හොර වේසිගේ පුතාලා කෙලින කෙප්පයි, බොරුයි, උන් අවුරුදු කන හැටියි ටී වී එකට ඔළුව ඔබාගෙන බලාගෙන ඉන්න හරක් ගැන.. මම නම් අවුරුදු සමරනවා… උබ සමරනවා නම්.. උඹටත් ජයම වේවා…!!!

    Liked by 1 person

    • ඒක නම් ඇත්ත බං. මහ පොළවේ කොහේවත් නැති ලෝකයක් ඇත්ත කියල මවල පෙන්නනව. හරියට වෙඩින් සීසන් එක එනකම් වෙඩින් හෝල් කාරයො සල්ලි හොයන්න බලන් ඉන්නව වගේ මේ සෙට් එක කීයක් හරි හම්බකරගන්නෙ මේ දවස් ටික එනකම් බලන් ඉඳල වගේ.

      උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා මාතලන් බොස් !

      Like

  3. උඹේ කතාව නම් සහතික ඇත්ත.
    අපි අපි විහින්ම හදා ගත්තු කූඩුවල ට ඇතුල් වෙලා දොරවල් වහගෙන යතුර තව කාටහරි දීල විහින් හිර කාරයෝ වෙලා.
    සමහර විට අපි අර යතුර අපෙන් බාර ගත්තු එකාට බනිනවා අපිව නිස්කාරනේ හිර කරන ඉන්නවා කියලා.
    මොනා කරන්නද?

    මොනා වුඅන්ත් ඉතින් උඹටත් පවුලේ සියලු දෙනාටත් සුබ ලුත් අවුරුද්දක් වේවා…

    —————–

    එක නෙමෙයි මචං, අපිත් ඔන්න මේ අවකාශෙත් බ්‍රාන්ච් එකක් ඇරියා. කැමති නම් විසිට් එකක් දාල යන්න . මෙන් ඇඩ්රස් එක ..
    https://vibheeshana2blog.wordpress.com/

    Liked by 1 person

    • උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්

      නියමයි. අද ඉඳන් හැමදාම ගොඩවෙන්නම් වර්ඩ්ප්‍රෙස් එකට. ලංකාවෙ ගොඩක් අය බ්ලොගර් වලට පුරුදු වෙලා හිටියට මට නම් සෙට් වෙන්නෙම වර්ඩ්ප්‍රෙස්. ජය වේවා කිව්ව එහෙනම්

      Like

  4. මටත් මේ ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් පොඩිකාලේ ඉදල.. මට දැනෙන්නේ නැත්නම් එදාට සතුටු වෙන්න ඕනේ කියල නියමක් තිබ්බට කරන්න පුළුවන් ද හිතක් එක්ක හැගීම් එක්ක ජිවත වෙන අපිට …අදටත් මම කැමති මේ වගේ තැන් වල නිහඩව ඉන්න..

    Liked by 1 person

    • සතුටු වෙන්න ඕන දවස් සමාජයෙන් කලින් නියම කරල දීල. අනිත් හැම දේම වගේ..

      Like

  5. සුභ අලුත් අවුරුද්දක්. අපි නම් අලුත් අවුරුදු දෙකක් ම සමරනවා. ලංකාවෙත් දැන් එහෙම නේද?

    Liked by 1 person

    • මෙහෙත් එහෙමම තමා. මෙහෙ මොනවද සමරන්නෙ නැත්තෙ?

      Like

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s