ටැබූ සබ්ජෙක්ට්ස් වෙත…

දක්ෂතාවය යනු එකකි. තවෙකෙක්ට ඊර්ෂ්‍යා කිරීම යනු එකකි.

අද්විතීයත්වය යනු එකකි. තවෙකෙක්ගේ සාර්ථකත්වය නොරිස්සීම තවත් එකකි.

අසමසම වීම යනු එකකි. තවකෙක් ගේ වෙනස් අදහස් දරා ගැනීමට නොහැකි බව තවත් එකකි.

අසාහය වීම යනු එකකි. විවේචන ඉදිරියේ මාන්නයෙන් ඔලුව ඉදිමුවා ගත් උද්දච්ඡ බක පණ්ඩිතයකු සේ හැසිරීම තවත් එකකි.

ඕනම අයකුගේ දක්ෂතාවය ඇගයීමට අප පසුබට නොවන්නේ අප තුළ කුහකත්වයක් නොමැති නිසාද දක්ෂයා දක්ෂයා ලෙසම හඳුනා ගෙන ඒ සත්‍යට මුහුණ දීමට අපට හැකියාව ඇති නිසාද විය හැකිය.

අප මහා දක්ෂයෝ නොවිය හැක, අද්වීතීයයෝ නොවිය හැක, අසමසමයෝ නොවිය හැක, අසාහයයෝ නොවිය හැක. අප එසේ යැයි අප විසින් අපව හඳුන්වා ගන්නේද නැත.

එහෙත් අන් අයගේ විවේචන දරා ගැනීමට නොහැකි, අන් අයගේ හැකියාවට ඊර්ෂ්‍යා කරන, අන් අයගේ කකුළෙන් අදින අසමසම හැකියාවකින් යුක්ත වූවෙක් සිටියි නම් ඇත්තටම එය මහත් අවාසනාවකි. ඔහුගේ හැකියාවට වඩා ඒ නොහැකියාව ගැඹුරුය. එම අඩුව ඔහුගේ දක්ෂතාවය ලැබීමේ වාසනාවට වඩා අවාසනාවක්ය.

මේ කියන්නේ සිය ලේඛන හැකියාවෙන්, ත්‍රීව විචාරයන්ගෙන්, නොසැලෙන විවේචනයන්ගෙන් සයිබරය ආලෝකවත් කල සයිබර් ක්‍රියාකාරිකයකු ගැනය. බ්ලොග් රචකයකු ගැනය. බ්ලොග් කලාව ආලෝකමත් කල බ්ලොග් සංස්කෘතියේ පුරෝගාමියෙක් ගැනය.

අප ඒ කාලයේ පටන් ඔහුගේ ලිවිලි රස වින්දෙමු. ඔහුගෙන් ඉගෙන ගත්තෙමු. ඔහු තුළින් ලිවීමට ප්‍රබෝධයක් ලදිමු.

ඒ කාලය තුළද ඔහු තුළ දක්නට තිබූ ඔහුගේ හැකියාවටත් වඩා ලොකු ඉගෝව නොසලකා හැරියෙමු. ඒ වෙන කිසිවක් නිසා නොව, ඔහු ප්‍රකට කල දක්ෂතාවයට අප ඇලුම් කල නිසාවෙනි.

නමුත් දැන් බ්ලොග් ලිවීමට නැවතීමේ තිත තබා ඇති ඔහු මුහුණු පොතේ තම සැබෑ ප්‍රොෆයිලයෙන් සැරිසරමින් එකල ඔහු කලාක් මෙන් වර්තමානයේ සයිබරයේ ක්‍රියාකාරීවන ක්‍රියාකාරීන්ව හෑල්ලුවට ලක් කිරීම දිගින් දිගටම කරන ආකාරයක් දක්නට ලැබුනි.

කාලයක් තියුණු ලෙස ඔහුගේ අදහස් ප්‍රකාශනයේ නිදහස භාවිත කරමින් බ්ලොග් ලියූ ඔහු හිටිහැටියේම යම් හේතුවක් නිසා සිය බ්ලොග් අඩවිය මකා දැමූ බව දන්නෝ දනිති. එය ඔහුගේ නිදහසය. ඒ සියල්ල අපට ප්‍රශ්නයක් නැත. නමුත්, දැන් ඔහු අන් අයගේ අදහස් ප්‍රකාශනය මහත් ප්‍රශ්නයක් කරගෙන ඇත. ගැටළුව ඇත්තේ එතනය.

ඔහු තව දුරටත් සයිබරයේ ක්‍රියාකාරී නොවීම ඔහුගේ තීරණයකි. අප එයට ගරු කල යුතුය. විටින් විට ආපසු ලියන්නැයි අහිංසක ඉල්ලීම්ද කලද ඔහු ලිවීම නැවැත්වීමට ගත් තීරණය අප ප්‍රශ්නයක් කර ගත්තේ නැත.

ඒවගේම අපගේ ලිවීම ඔහුට ප්‍රශ්නයක් කර නොගත යුතු බවද අකමැත්තෙන් වුවද සඳහන් කල යුතුය.

මන්ද, කලක් සයිබර් ලේඛනයේ පුරෝගාමියෙකු වූ ඔහුට නොවැටහුනාට නිහඬව සිටීමට වඩා හැකි පමණින් හඬක් නැඟීම, කතා කිරීම, ලිවීම, බංකුවේ එහා පැත්තේ හිඳගෙන සිටිනා නාඳුනන මිනිසා සමඟ සංවාදයක යෙදීම වටිනා බැවිනි.

සංවාදය, සාකච්ඡාව, අදහස් හුවමාරුව සහ හිංසාව අතර තේරීමක් ඇති යුගයක පළමු විකල්පයට යාම දෙවැන්න වැළකීමට සුදුසුම ක්‍රමය වන බැවිනි.

ඒ සාකච්ඡා සිදුවන්නේ ඒසී කාමරයක ටයි කෝට් දමාගෙනද, තේ කඩයක ප්ලේන්ටියක් රස විඳින ගමන්ද.. ඒ අදහස් ලියවෙන්නේ සිගරට් කොළයකද, නිකන් පොත් පිංචකද, සයිබරය තුළද, සිළුමිණ පත්තරේටද කියන එක එතරම් වැදගත් නොවන්නේ එබැවිනි.

ප/ලි – මේ සටහන මා විසින් පළකරන්නේ දෙවැනි වතාවටය. පළමුවර ටැබූ ගේ නම සඳහන් නොකර පළ කලද මෙවර කලක් ඔහුගේ රසිකයෙකු වූ මගේ මේ අදහස එදා ටැබූ කලාක් මෙන් සෘජුව ප්‍රකාශ කිරීමට ඉටා ගත්තෙමි. අප සයිබරයේ ක්‍රියාකාරීන් ලෙසින් අපට ඇති අදහස් ප්‍රකාශනයේ අයිතිය භාවිත කිරීමේදී අප අපටම අවංකවිය යුතුය යන්න මා තරයේ විශ්වාස කරන කරුණකි. මේ සටහනින් ලියැවුනේ ටැබූ සබ්ජෙක්ට්ස් රචකයාගේ වර්තමාන හැසිරීම ගැන මාගේ අවංක අදහසය.

Advertisements

4 responses to “ටැබූ සබ්ජෙක්ට්ස් වෙත…

    • Please try to understand this is not an attack aimed at him, but an attack aimed at his ideals. So respecting his right to anonymity, I’m going to ‘edit’ your comment. Hope you’d understand. Thanks.

      Like

  1. Taboo was my hero – I began to write because of him
    It’s sad the same person is now behaving this way – perhaps like Banda said once we should never have heroes 🙂

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s