අපේ කථාව

 

wild-side-of-life

“ජීවත් වීම යනු” කුමක්ද… “ජීවත් වන්නේ” කුමකටද…

වත්පොතේ මිතුරෙක් ප්‍රශ්නයක් අහනවා.

ජීවිතය එක්ක හැමදාම ඔට්ටු වෙන මිනිස්සු විදියට අපි හැමෝටම මේ ප්‍රශ්නයට දෙන්න මොකක් හරි උත්තරයක් ඇති.

ඔය ප්‍රශ්නයට, මගේ උත්තරය මොකක්ද?

ලෝකයේ අපි අහන දකින දේවල් ගැන.. අහන දකින මිනිස්සු ගැන උනන්දු වෙන අපි.. කල්පනා කරන අපි..අපි ගැනම..අපේ ජීවිත ගැනම හිතල බලල තියෙනවද

උඳේ ඉඳල රෑ නිදි ඇඳට යන තුරාවට අපි කරන දේවල් ඇයි අපි කරන්නෙ..?

“ජීවත් වීම යනු” කුමක්ද… “ජීවත් වන්නේ” කුමකටද… කියල අහපු මගේ මිත්‍රයාගේ ප්‍රශ්නය මාව කල්පනා සාගරයක අතරමං කරනවා

මලගෙවල් වල රෑ නිදිමරන්න සිද්ධ වුනාම නිදි මරන්නම නිසා අපි එක එක දේවල් කරන හැටි මට මතක් වෙනවා.

ආ ගිය දේවල් කතා කරන හැටි.. හොල්මන් කතා කියන හැටි.. කැරම් ගහන හැටි… ඕමි බලන හැටි… කෝපි බොන හැටි..

අපි ඔය ඔක්කොම කරන්නෙ රාත්‍රිය ගෙවා ගන්න.

අපි මත බලෙන් පටවපු.. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගෙවන්න සිද්ධ වෙලා තියෙන ඒ රාත්‍රිය හා සමාන ජීවිතය ගෙවන්නත් අපි එක එක අරමුණු සහ දේවල් හදාගෙනද කියල මට හිතෙනවා

රැය පහන් කරන්න අපි විසින් දේවල් නිර්මාණය කරගන්නවා වගේ

ඉපදුන නිසාම ගෙවන්න සිද්ද වෙලා තියෙන ජීවිතය.. විඳිනවා වෙනුවට විඳවන ජීවිතය !

අපි උදේට නැඟිටින්නෙ.. දත් මදින්නෙ.. රස්සාවකට යන්නෙ..සමාජය විසින් අපව ප්‍රෝග්රෑම් කරල තියෙනව වගේ. අපි ඉපදෙන්නෙ.. හිතන්න ඉගෙන ගන්නෙ.. ආදරය, සතුට හොයන්නෙ.. දරුවන් බිහි කරන්නෙ.. ස්වභාවදහම විසින් අපව ප්‍රෝග්රෑම් කරල තියෙනව වගේ

තවත් ප්‍රශ්නයක්

ජීවයේ පැවැත්මෙන් සාක්ෂාත් වෙන අවසාන අරමුණක් තියෙනවද? එහෙම නැත්නම් අප විසින් අරමුණු නිර්මාණය කරගන්නවද?

ඒත්, මේ විදියට ජීවිතයට වටිනාකම් සහ අරමුණු ආදේශ කරන්න වෙලා තියෙන එකෙන් කියවෙන්නෙ, ජීවිතයටම අනන්‍ය වූ වටිනාකමක් හෝ අරමුණක් ඇත්තටම නැහැයි කියන එකද?

එහෙම තිබ්බත් නොතිබ්බත්, අපි ජීවත් වෙන්න සටන් කරනව. ඒකත් ස්වභාවධර්මයේ ප්‍රෝග්රෑමින්ග් එකේ කොටසක් වෙන්න ඇති.

ඒ විතරක් නෙමේ, ස්වභාවධර්මය විසින් අපෙන් ඉල්ලන ප්‍රධානම දේ, ඒ කිව්වෙ දරුවන් බිහි කිරීමේ කාර්‍යයේ අපි යෙදෙනවා. වර්ගයා බෝ කරනවා.

මේ වගේ ප්‍රශ්න අතරේ සුළු පිරිසක් ඔට්ටු වෙද්දි, අතිමහත් බහුතරයක් ජීවත් වෙන්න සටන් කරනවා. තමාගේ පැවැත්ම තහවුරු කරගන්න ජීවිතය එක්කම අරගල කරනවා.

ඒ අයට මේ වගේ දේවල් ගැන හිතන්න කාලයක්වත් උවමනාවක්වත් නැහැ.

ඉපදුන නිසාම ගෙවන ජීවිත.. ඒගොල්ලන්ගෙ විතරක් නෙමේ.. අපි ඔක්කොගෙම !

එහෙම බැලුවම මිනිස් ඉතිහාසයේ ආරම්භයෙ ඉඳලම ස්වභාවධර්මය කරල තියෙන්නෙ අපිව කඩේ යවන එක.

අපේ ජීවයේ අරමුණම, අපේ පැවැත්මේ අරමුණම වර්ගයා බෝ කරලා මැරිලා යන එකද?

අපි මෙච්චර සංකීර්ණ කරගෙන ඉන්න, මෙච්චර ලොකුවට හිතාගෙන ඉන්න අපේ ජීවිත අස්සේ සැඟවිලා තියෙන යථාර්තය මෘග ඉවකින් පාලනය වෙන ස්වභාවධර්මයේ මෙහෙයවීමක් විතරද?

මට මතක් වෙනවා මම සහ මගෙ යාලුවෙක් අතර කාලයකට කලින් ඇති වුන දෙබසක්

යාලුවා – ඇයි උඹ ළමයි හදන්නෙ නැත්තෙ?
මම – ඇයි උඹ ළමයි හදන්නෙ?
යාලුවා – කවද හරි වයසට ගියාම උඹව බලාගන්නෙ කවුද?
මම – උඹ හිතනවද ඒක ළමයෙක් මේ ලෝකෙට බිහි කරන්න හොඳ හේතුවක් කියල?
යාලුවා – ඇයි ඒක හොඳ හේතුවක් නෙමේද?
මම – හොඳ නරක කෙසේවෙතත් ඒක ආත්මාර්ථකාමී හේතුවක්. උඹ කරන්නෙ ආයෝජනයක්
යාලුවා – එක අතකට ඔව්. ආයෝජනයක් තමා
මම – ආත්මාර්ථයෙන් කරන ආයෝජනයක්. උඹ උඹේ ආත්මාර්ථකාමී අරමුණක් වෙනුවෙන් ජීවියෙක් නිර්මාණය කරනවා. ඒක සදාචාරාත්මකද?
යාලුවා – උඹට කවද හරි හිතෙයි ළමයෙක් හැදුවනම් හොඳයි කියල. උඹ පසුතැවෙයි
මම – උඹට කවද හරි හිතුනොත් ළමයි හදපු එක අපරාදෙ කියල. උඹ පසුතැවුනොත්?
යාලුවා – ඒ නැතත් අපි වර්ගයා බෝ කරන්න ඕන. ලෝකය පවත්වාගෙන යන්න ඕන
මම – ඇයි වර්ගයා බෝ කරන්නෙ? ඇයි ළමයි හදන්නෙ?
යාලුවා – ළමයි හදන්නෙ ඉතින් වර්ගයා බෝකරන්න
මම – ඒක හරි. මම අහන්නෙ ඇයි වර්ගයා බෝ කරන්න ඕන?
යාලුවා – ඉතින් වර්ගයා බෝ කරන්න නිසා…

“ඇයි වර්ගයා බෝ කරන්න ඕන?”

අපි කීයෙන් කීදෙනෙක් ඔය ප්‍රශ්නෙ අඩුම ගානෙ අපෙන්ම අහල තියෙනවද? අඩුම ගානෙ හිතලවත් තියෙනවද?

“පාරේ ඉන්න හිඟන්නෙක්ට අපි කාසියක් විසි කරද්දි අපි දෙපාරක් බලනවා විසි කරන්නේ මොන කාසියද කියල. ඒත් මේ අවධානමින් පිරුන කුරිරු ලෝකයට ළමයෙක් බිහි කරන්න කලින් ඒ ගැන අපි හිතල බලන්නේ නෑ”

එහෙම කියන්නේ මීට වසර ගාණකට කලින් ජීවත් වුන ආතර් ෂොපෙන්හර් කියන ජර්මානු දාර්ශනිකයා.

දරුවන් බිහිකිරීම හා සමාන..හැමෝම කරන නිසා කරන, අපි අපේ ආත්මාර්ථකාමී ආශාවල් නිසා කරන ගොඩක් දේවල් වලට තියෙන්නේ මෘග ඉවකින් පාලනය වෙන අතාර්කිකත්වය මත පදනම් වුන හැඟීම්.

කවුරුත් නොඅහන ප්‍රශ්න අහද්දි ඒ පදනම් දෙදරලා යනවා.

ඒ හින්දම ඉපදීම නිසාම ජීවත් වෙන්නත් ස්වභාව ධර්මය මඟින් උරුම කරල දුන්න කාර්‍ය වන දරුවන් හැදීමේත් අපි නිරත වෙනවා. ඒකයි අපේ ප්‍රෝග්‍රෑමින් එක; හෙවත් එහෙමයි ස්වභාව ධර්මය ජීවීන්ව කඩේ යවන්නෙ.

දෙමාපියන්, පවුල, පෙම්වතිය, බිරිඳ, දරුවන්, රැකියාව, ජීවිතයේ නොයෙක් අරමුණු.. මිනිස්සු විසින්ම හදාගත්තු ආගමික අරමුණු වගේ අනන් මනන් ගොඩක් අපි ජීවත් වෙන්න හේතු විදියට හදාගන්නවා. මල ගෙදර රෑ ගෙවා ගන්නම කරන වැඩ වගේම.

ඉපදුන දා ඉඳල දුවනවා.. දුවනවා.. ආයෙමත් දුවනවා..වටිනාකම් පස්සෙ දුවනවා.. ඉලක්ක පස්සේ දුවනවා.. එක ඉලක්කයක් ජය අරගෙන එක ජය කණුවක් ළඟට ආවාම ඈත තියෙන තවත් කණුවක් බලාගෙන ආයෙම දුවනවා.

මේ දිවිල්ලේ තේරුමක් තියෙනවද කියල බලන්නවත් නවතින්න හේතුවක් සිස්ටම් එක විසින් අපට නිර්මණය කරල දීලා නැහැ. අපි කරන්නේ සිස්ටම් එකෙන් අපෙන් ඉල්ලන දේ. අපි ඒ දේ ආපහු ප්‍රශ්න කිරීමකින් තොරව කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි පුළුවන් විදියකට ඉෂ්ඨ කරනවා. අන්තිමට මරණ ඇඳ පේනකල් ඔහොම දුවලා දුවලා.. සතුට හොයලා හොයලා.. හති දාන්න නවතින්නේ එතන විතරමයි.

ඊට පස්සෙ තියෙන්නෙ මැරෙන්න. ඊට පස්සෙ මැරෙනවා. එච්චරයි. අපේ කථාව එතනින් නිම වෙනවා. පරම්පරා ගානකින් පස්සේ අපි ගැන මතකය පවා නැතිව යනවා.

අපේ පැවැත්මේ අවසානය ඒකයි.

ඉටිපන්දමක් නිමලා දැම්මා වගේ නැතුව යනවා.

ටික කාලයක් සමහරුන්ගේ මතකයේ අපි ඉඳියි. අන්තිමට ඒ අයගෙන් පස්සෙ අපිව අමතක වෙලාම යයි.

මනුස්ස ජාතියම කවදා හරි මේ ලෝකෙන් තුරන් වෙච්චි දවසක, මේ ලෝ තලයේ ජීවය නැති වෙලා ගිය දවසකට.. අපි මේ දුක දරාගෙන දත විකාගෙන කරපු දේවල් සදහටම අමතක වෙලා යාවි. මතක් කරන්නවත් කෙනෙක් නැතුව යාවි.

ඕක තමයි අපේ ජීවිත වල තියෙන කටුක ඇත්ත.

තේරුමක් නැති නිෂ්ඵල බව. අර්ථශුන්‍ය බව.

සමහර විට මිනිස්සු ආගම් හරහා කොයිම ආකාරයක හරි මරණින් පසු පැවැත්මක් හොයන්නෙ ඒ අමිහිරි ඇත්ත ඒ තරම්ම තිත්ත නිසා වෙන්න ඇති.

“ජීවත් වීම යනු” කුමක්ද… “ජීවත් වන්නේ” කුමකටද…

මේ මොහොතේ මට දෙන්න තියෙන පිළිතුර තමයි මේ සටහන,

මීට ටික කාලයකට කලින් මගෙන් මේ ප්‍රශ්නය ඇහැව්වනම් සමහර විට මීට වඩා වෙනස්ම පිළිතුරක් දෙයි මම. මීට ටික කාලයකට පස්සෙ මගෙන් මේ ප්‍රශ්නය ඇහැව්වානම් සමර විට තවත් වෙනස් පිළිතුරක් දෙයි මම.

ඒත් මේ මොහොතේ, මගේ පිළිතුර තමා මේ

අරමුණු නැති ජීවිතයක අරමුණු හදාගෙන ඒවා පස්සේ හති දදා දුවන එක තමයි අපේ ජීවිත වල යථාර්තය. අපේ පැවැත්මේ තිත්ත ඇත්ත.

මට මතක් වෙනවා මගේ කණට වැටුන.. මගේ හිතගත්ත කතාවක්..

I think the honorable thing for our species to do is to deny our programming. Stop reproducing, walk hand in hand into extinction – one last midnight, brothers and sisters opting out of a raw deal. – Rust Cohle; True Detective

මම ඊට වඩා මුකුත් කියන්න යන්නෙ නෑ,

මොකද, ජීවිතය ගැන මම දකින මගේ ඇත්ත.. ඒ තරම්ම තිත්ත නිසා.

“ජීවත් වීම යනු” කුමක්ද… “ජීවත් වන්නේ” කුමකටද…

මගේ පිළිතුර තමා මේ.

Advertisements

11 responses to “අපේ කථාව

  1. Pingback: අපේ කථාව | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

  2. ///////අරමුණු නැති ජීවිතයක අරමුණු හදාගෙන ඒවා පස්සේ හති දදා දුවන එක තමයි අපේ ජීවිත වල යථාර්තය. අපේ පැවැත්මේ තිත්ත ඇත්ත.////////////

    මිනිස් ස්වභාවය කියන්නේම ඕක තමයි. අරමුණු නිර්මාණය කරගැනීම නිසාවෙන්ම විඩාපත්වීම තේරුම් ගන්නේ හෝ ඒ පිලිබඳ මොහොතකට හෝ සිතන්න යොමුවෙන්නේ, එම අරමුණු යම් තරමකට හෝ සාක්ශාත් කරගත් පසුබිමක පමනයි. ඒ සිතුවිල්ලට මොහොතක ඉඩක් ලැබේන්නෙත් සාක්ශාත් කරගැනීමේ දිග, පළල අනුවයි. නැත්නම් මරණය තාක් ඔබ අරමුනු සඵල කරගැනීමේ අවාසනාවන්ත චක්‍රයක නොකඩවා ගමන් කරනවා. මේ සියල්ලක්ම බැඳීම්..බැඳීම් සහ නැවත බැඳීම්ම පමනයි. මෙය වටහාගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ.

    Liked by 1 person

    • ඇත්ත. රෝදයක දුවන මීයෝ වගේ දුවනවා ඉවරයක් නැතිවම. බලද්දි හති දදා දිව්වට ඉඳල තියෙන්නේ එකම තැනම තමයි

      Like

  3. මෙතන උපකතා ගොඩක් සලකල බලන්න වෙනවා…

    ප්‍රධානම එක මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතය.
    සාමාන්‍ය පවුලක් ගනිමු.
    පිරිමියා-උදේ 6/7ට ඇහැරිලා ලැස්ති වෙලා (වාසනාවන්තයෙක්නම්) ගෙදරින් කෑම කාල බස්/කොච්චි වල තෙරපි තෙරපි වැඩට ගිහින් හවස් වෙද්දී බාගෙන මැරිලා ගෙදර එනවා.මාසේ වියදමට ගේම ගහන්නේ යාන්තමට.

    ගැහැණිය-උදෙන්ම නැගිටලා.කෑම හදල,ළමයි ලැස්ති කරලා පටන් ගන්න යුද්ධේ නවතින්නේ රෑ නිදාගන්න යද්දී..ආයෙත් සේම් රුටින් එක.

    ළමයි-ඉස්කෝලේ,ක්ලාස්,බෙලි කපාගෙන කරන යුද්ධෙට ලැස්ති වෙන ගමන්…

    මෙච්චර අවිවේකි විදිහට කාලසටහන් සකස් වෙලා තියෙද්දේ මොකටද ජිවිතේ,ජිවත් වෙන්නේ ඇයි වගේ දාර්ශනික ප්‍රශ්න ගැන හිතන්න හිත කලබල කරගන්නේ?
    එදිනෙදා ජිවතයත් පට්ට ගේමක් වෙනකොට..

    කීයෙන් කිදෙනේක්ටද පොතක් බලන්න,නාට්‍යයක් බලන්න,තමන්ගේ විනෝදාංශ වල යෙදෙන්නේ වෙලාවක් තියෙන්නේ?

    ඊට පස්සේ කාලෙක ආව පශ්චාත් නූතනවාදී කියාගත්ත ඒත් පශ්චාත්භාග නූතනවාදී වුනු ඇරියස් කාරයින්ගේ රැල්ල…
    (මුන් වැඩි හරියක් කලේ කාගේ හරි ප්‍රසිද්ධ චරිතයකගේ කුණු හොයාගෙන ඒවා ගැන ඉඟි දිදී උන්ව blackmail කරලා,ඒවා ප්‍රසිද්ධ කරලා ඇරියස් කවර කරගත්ත එක)

    යුරෝපයේ සහ ඇමෙරිකාවේ මේ වගේ මතවාද බිහිවුනේ ඔවුන්ගේ සමාජීය පරිනාමයේ අවයවයක් විදිහට.
    ඒත් ඒවා ගෙඩි පිටින් ගිලින්න ගිහින් මේ වගේ රටක apply කරන්න ගියපු එකේ අසාර්ථක බව තමයි එක්ස් කණ්ඩායමේ උපතේ සිට ආතක් පාතක් නැති වෙන තත්ත්වෙට ගියේ.
    සමාජයක් පරිහානියකට ප්‍රශ්නයකට ලක්වෙද්දී මුලින්ම ඒකෙ පණිවිඩේ අරන් යන්නේ කලාකාරයෝ.ඔවුන් තමා අත්තිවාරම දාන්නේ.ලෝකේ ඕනේ තැනක එහෙමයි.
    ඒත් මෙහෙ වුනේ උඹ සඳහන් කරන දාර්ශනික සහ සංකේතාත්මක රික්තය පුරවන්න හදපු උන් අලුත් දෙයක් කරන්න හදපු සැබෑ මානව හිතවාදීන් නොව විකෘති පද්ධතියක අතුරු පලයක් විදිහට් පත්වුණු එක.

    මේක තමයි ඉතින් මම දකින විදිහ.

    Liked by 1 person

    • මචන් ඔය එක්ස් කණ්ඩායම ගැන මම අවංකයෙන්ම දන්නෙ නෑ. මට චෝදනා පවා එල්ල වෙලා තියෙනවා උන්ගේ ලිවිලි ගෙඩිපිටින් කොපි කරන “ජේමිස් බණ්ඩා පට්ට බොරුකාරයෙක්” ය කියල. කොහොමත් අනූව දශකයේ මැද හරියෙ වෙද්දි මම ශිෂ්‍යත්වය කරන පොඩි එකෙක්(1996 දි). ඊට පස්සෙ පවා ඒ අයගේ ලියවිලි කියවන්න අවස්ථාවක් නම් ලැබිලා නැහැ.

      ඒක පැත්තකින් තියමු, උඹ කියපු දේ ඇත්ත. බාල, මහළු, වැඩිහිටි බේදයක් නැතුව ජීවත් වෙන්න යුද්ධ කරන්න වෙලා තියෙන මිනිස්සු ‘ඇයි අපි කරන දේවල් කරන්නේ’ කියල හිතන්න නවතින්න වෙලාවක් හරි උවමනාවක් හරි නැති එක සාධාරණයි. අපි ඒක ප්‍රශ්න කරන එක අසාධාරණයි. මම කිව්වේ, එහෙම හිතන මම.. ඒ ගැන හිතන දේ.

      මිනිස්සු ජීවත් වෙන්න යුද්ධ කරන අස්සේ ජීවත් වෙන්නේ ඇයි කියලා හිතන්න තියෙන ඉඩ කඩ ඇහිරිලා ගිහින්. බලහන් ඒකෙත් හැටි.

      Like

  4. As far as I feel,one of the key assumption,actually more or less it is an axiom,your entire post depends is on the “phenomenon of free will”.
    Human being can rebel against The Nature,so that they could avoid reproduction,because it is believe that their “will” is free from laws of Nature. But what if will is not free,as much as we think?Or it is not free at all?
    If you are interesting in current trends in cognitive neurolog, you may find even we can manipulate ones own will,without being notice them!!!

    Like

      • I too, believe we don’t have free will. Not as we define it to be anyway. But even so, when we live day by day we have to treat each other as we have free will. We have to treat each other like we are the agents who control our thinking patterns, actions, thoughts, and behaviors. So, like you said my post depends in the assumption that we have free will. When infact it might not be 100% true.

        Like

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s