ආරාධනා

 

හවස් යාමයේ හිතුනා සින්දුවක් අහන්න.. තනියෙම ඉන්න නිස්කලංක වෙලාවක මුලින්ම ඔළුවට එන්නෙ ගෙදර තියෙන එකම එක සීඩී එකක් !

“සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා

වලා රොදක සැගවිලා.. 

අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා

අසා.. සිටිනවා…”

ඒ කටහඬ..ඒ ගායනය.. ඒ සංගීතය..

ෂාහ්.. සින්දු කියන්නෙ ඒවලට අප්පා…

ඒ සංගීතයට පුළුවන් අමිහිරි තනිකමට මිහිරියාවක් එක් කරන්න

“හදාගන්න ඕනි ප්ලේන්ටියක්..” මගෙ හිත මටම කියා ගත්තා

හිත එක තැනක තියා ගන්න පුළුවන් කාටද? සින්දුව අහන ගමන් ප්ලේන්ටිය හදන අතරේ සුපුරුදු පරිදි කල්පනාවෙ අතරමං වෙනවා

“පරණ දේවල් වලට පරණ නිසාම හොඳයි කියන එක ලෙඩක්. ඒකෙන් වෙන්නෙ ඇත්තටම හොඳ පරණ දේවල් වලට හොඳයි කියන එකේ තියෙන වටිනාකම නැතුව යන එක. බොහෝමයක් පරණ සින්දු, ඇත්තටම හොඳයි..”

“රසය සාපේක්ෂයි.. හොඳ සාපේක්ෂයි”

මගෙ හිත මා එක්කම තර්ක කරනවා

“රසය සාපේක්ෂයි.. ඇත්ත. ඒත් හැමෝටම ඇති මේක හොඳටම හොඳයි කියල කියන්න පුළුවන් ගීත”

“ඔව්, යමක් විඳින්න ඒක සාපේක්ෂ වෙන එක ප්‍රශ්නයක් නෙමේ”

මගෙ හිතත් එක්ක මම ම කරන මේ කතාව ඉවර වෙන කතාවක් නම් නෙමේ

ප්ලේන්ටිය හරි.. දැන් අඩු එක දෙයයි..

පත්තු කරගත්තා සිගරට් එකත්.. දිගා වුනා පුටුව දිගේ

“මින්දද හීසර වැදී සැළෙන හද, 

නංවන දුක්‌ ගී ඔබට ඇසෙනවද, 

නන්දන මල් අතුරා ඇති යහනට, 

කන්ද කපා පායන් රන් පුන් සඳ”

සමහර ගීත අහද්දි අපට දැනෙනවා පරිපූර්ණත්වයක් ගැන හැඟීමක්. ඒ කියන්නේ මේ ගීතය මීට වඩා හොඳ වෙන්න විදියක් නැහැයි කියන හැඟීම. අංගසම්පූර්ණයි කියන හැඟීම…

පරිපූර්ණ කිසිවක් නැති ලෝකයක, පරිපූර්ණත්වය ගැන සංකල්පයම විකාරයක්. ඒත්, ඒ සංකල්පය විකාරයක් නොවෙන්නෙ කලාව කියන තැනදි විතරයි කියල මට හිතෙනවා

හැමවිදියකම පරිපූර්ණත්වය ගැන තියෙන සංකල්ප, යෝජනා වලට වෛර කරන මම ගීතයක තියෙන පරිපූර්ණත්වයට ආදරෙයි.. මට ඉවසන්න පුළුවන් ඒ පරිපූර්ණත්වය විතරයි

ඒ හඬවල් වලට.. ඒ සංගීතයට තියෙනවා මනුස්ස හදවතක් වෙනම ලෝකයකට ගෙනියන්න හැකියාවක්..

ප්ලේන්ටිය.. සිගරට් එක.. අමරදේවගේ කටහඬ.. කේමදාසගේ සංගීතය.. හැන්දෑව.. තනිකම..

“කවුද කියන්නෙ දිව්‍යලෝකයෙ යන්න මැරෙන්නම ඕන කියල?” මම මටම කියාගන්නව

නිවී හැනහිල්ලේ තනියෙම, තමාට අනුව පරිපූර්ණ ගීයක් අහද්දි දැනෙන හැඟීම.. වචනයෙන් විස්තර කරන්න බෑ..

“ජීවිතයේ තනිමංසල අතරමං වෙලා

හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා

අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න

ආ…රා..ධ..නා

ආ…රා..ධ..නා”

ඔව්

ඒ හැඟීම….

චචනයෙන් විස්තර කරන්න බෑ

Advertisements

7 responses to “ආරාධනා

  1. ඔය කියන හැගීම නම් ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බහ මචෝ…
    විඳලාම බලන්න ඕනා..

    උඹ නම් ලස්සනට මාව අරන් ගියා ඒ අවස්ථාවට…

    Liked by 1 person

  2. නිර්මාණයක් සහ අච්චාරුවක් අතර වෙනස නොදන්නා අය ගැන දුක හිතෙන්නේ මේ වගේ නිර්මාණයක් නිස්කලංකව රස වින්දාමයි. භාෂා ඥානය පහළ තත්වයක තිබීම, රසවින්දනය මොටවීමට තවත් හේතුවක්. වාච්‍ය අර්ථයට යටින් තිබෙන භාවාර්ථය නොතේරීම කණගාටුවට කරුණක්. සංගීත සුසංයෝජනයක ඇති, කණට යන්තමින් ඇසෙන නාද රටා උකහා ගැනීම, මල නොතලා රොන් ගන්නවා වගේ වැඩක්.

    Liked by 1 person

  3. //කවුද කියන්නෙ දිව්‍යලෝකයෙ යන්න මැරෙන්නම ඕන කියල?//
    මටත් ඕක ගොඩක් වෙලාවට හිතෙනවා

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබා දීමට

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s