විජ..? කවුද යකෝ මේ විජ..?

 

මේක මේ විච්චිම එකා කාලේ අහපු කතාවක්. විහිළුවට ලියන එකක් නිසා ඔය එක එක පාට පාට වලින් ලේ දුවන ඈයෝ ලොවෙත් නැති සදාචාරයක් ගැන කතා කරන ඈයෝ මේක කියවලා තරහා ගන්න එපා ඕං.

මේක සාමන්තර විශ්වයක උනා කියලා හිතාගන්න. නැතිනම් නොකියවාම ඉන්න. පස්සේ ඕන් නොකිව්වයි කියන්න එපා..!..
——————

ඔන්න දවසක් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයා අගමැති වෙලා ඉදපු කාලේ එතුමට හිටියලු හොඳ ජ්‍යෝතිශ්‍යවේදියෙක් (නෑ නෑ ආණ්ඩුකාරයෙක් නෙමෙයි ජ්‍යොතිශ්‍යවේදියෙක්). මේ පොරත් අපේ නිලූකා ඒකනායක ආණ්ඩුකාර මැඩම් වගේම ටක්කෙටම සාස්තර කියනවලු හරිය.

දැන් අපේ අගමැති ප්‍රේමදාස මහත්තයට දැන ගන්න ඕනලු එයා කවදද ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේ කියලා.ප්‍රේමදාස මහත්තය, ජ්‍යොතිශ්‍යයවේදියාගෙන් ඕක ගැන ඇහුවම එයා බයෙන් බයෙන් කිව්වලු මෙහෙම;

“ඔබතුමා ජනාධිපති පුටුවේ වාඩි වෙන එක මොන සක්කරයටවත් නවත්වන්න බෑ. හැබැයි ඔබතුමාට වැඩි කලක් ජනාධිපතිකම නම් කරන්න ලැබෙන්නේ නෑ” කියලා.

ප්‍රේමදාස මහත්තයට දැන් අසූහාරදහසට කේන්තිලු.

“කියනවා කියනවා… මොකද්ද හේතුව?” කියලා මහ හයියෙන් පොර කෑගැහුවලු.

ප්‍රේමදාස මහත්තයට තරහා ගියොත් දන්නවනේ ඉතින්. අපේ ගෝඨාභය මහත්තයට තරහා ගියා වගේ තමයි (හූස් ලසන්ත?)

“තරහා ගන්න එපා ගැත්තාට බය බෝයි… ඔබට “විජ” කියන කොටස නමට තියෙන කෙනෙක්ගෙන් අපලයි. එම තැනැත්තා ඔබගෙන් ජනාධිපතිකම පැහැරගන්නවා” කියලා කිව්වලු.

දැන් ඉතින් ප්‍රේමදාස මහත්තයට තවත් කේන්තිලු.

“විජ?… කවුද ඔය “විජ” නම තියෙන එකා… මට හරියටම කියනවා කවුද කියලා?”

“එහෙම වැඩි විස්තරයක් පෙන්නුම් කරන්නේ නෑ අගමැතිතුමා. ඔච්චර තමයි පේන්නේ”

“ඉතින් දැන් මම මොකක්ද්ද ඕකට කරන්න ඕන?”

“ඔය “විජ” කියන නම තියන මනුස්සයව නැති කරලා දැම්මනම් හරි”

“හහ් ඒකත් එහෙමද?” කියලා ප්‍රේමදාස මහත්තයා රැවුල කැරකෙවාලු (අහ් සොරි ප්‍රේමදාස මහත්තයට රැවුලක් තියා ඇහි බැමක්වත් නෑනේ)

කොහොමහරි දැන ප්‍රේමදාස මහත්තයා කල්පනා කරනවලු… උඩ බලනවලු… බිම බලනවලු… පත්තිරිප්පුවේ… අහ් සොරි ඉස්තොප්පුවේ ඇවිදිනවලු… හොඳටම කල්පනා කරලා කරලා බැළුවම…

ප්‍රේමදාස මහත්තයට “ආවා අයිඩියා එකක්”

“හරි මම දන්නවා කවුද ඔය විජ… උපාලි විජේවර්ධන ගැන තමයි මේ කියන්නේ. ඔය යකා කඹුරුපිටියෙන් ආසනයකුත් හදාගෙන, රට වටේම පන්සල් ගානේ ඇවිද ඇවිද සෙට් වෙන්නේ මට කෙළින්න තමයි. ජේආර් කාරයත් මුට අදිනවා පවුලේ එකා නිසා. දෙන්නම් වැඩේ” කියල කිව්වලු.

ඔහොම කියලා වැඩි දවසක් ගියේ නෑලු… අර කොටින්ගේ රත්තරන් ටික අතුරුන්දහන් වුනා වගේ උපාලි විජේවර්ධන මහත්තයා ගියපු ප්ලේන් එක ආගිය අතක් නැ කියලා කියහංකෝ… මිසින් ඉන් ඇක්ශන්.

ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයා ඇහුවලු එයාගේ ජ්‍යොතිශ්‍යවේදියාගෙන්,

“හරිද දැන් වැඩේ?” කියලා

මේකා ගත් කටටම කිව්වලු,

“තරහ අවසර තාම අපලේ තියෙනවා” කියලා

ප්‍රේමදාස මහත්තයට දැන් මළ අතේ,

“කවුද මේ විජ?
අහ් මේ විජය කුමාරණතුංගයා නේද?
මූ මෙතන විල්ලුද පුංචි දෙපා කළු කර ගන්න එපා කිය කිය චන්ද්‍රිකාවත් බැදගෙන උතුරේ රවුම් ගගහා එනවා මගේ පුටුවට කෙළින්න. දෙන්නම බොට” කියලා කිව්වලු.

ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයා ඇහුවලු අපේ ජ්‍යොතිශ්‍යවේදියාගෙන්,

“දැන්නම් වැඩේ හරි නේද?” කියලා
“ම්හු තාම වැඩේ අවුල් අගමැතිතුමා… තාමත් අපලේ තියෙනවා” කියලා කිව්වලු

“මොන කරුමයක්ද යකෝ මේ” ප්‍රේමදාස මහත්තයා කල්පනා කරනවලු.

“ආවා අයිඩියා එකක්”

“යකෝ මේ විජ කියලා හැංගි හැංගි හිටියේ රෝහණ විජේවීරයා නේද? මූ කැරලි ගගහා එනවා මට කෙළවන්න. දෙන්නම තොට” කියලා කිව්වලු.

අනේ අත්තනායක මහත්තයා බොරැල්ල කනත්ත බලන්න ගියා ගියාමලු ආයේ ආවේ නෑලු.

ඔන්න දැන් ආයේ ප්‍රේමදාස මහත්තයා සුපුරුදු පරිදි අහනවලු…

“දැන්නම් හරිනේද වැඩේ” කියලා

අනේ අපේ ජ්‍යොතිශ්‍යවේදියා බයෙන් බයෙන් කියනවලු…

“ම්හු තාමත් අපලේ තියෙනවා” කියලා

කියන්න බැරි වුනානේ ඔය අතරේ ප්‍රේමදාස මහත්තයා බොහොම අමාරුවෙන් අමාරුවෙන් ඡන්දෙන් දිනලා ජනාධිපතිත් වුනාලු. දැන් ඉතින් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තවාදී සමාජවාදි ජනරජයේ ජනාධිපති සෙල්ලම් නෑ හරිය…

ඒ වුනාට ලොක්ක ජනාධිපති වුනත් හිතටනම් කිසිම සතුටක් නෑලු. නිතරම කල්පනාව එයාගෙන් ජනාධිපතිකම පැහැරගන්න බලන් ඉන්න “විජ” කියලා නමට තියෙන කෙනා ගැනලු

හීනෙනුත් පේන්නේ “විජ” කියලා කෙනෙක් ඇවිත් එයාව මරලා රජකම සොරි ජනාධිපතිකම පැහැර ගන්න එක ගැනලු.

එක දවසක් ප්‍රේමදාස මහත්තයා, මේ “විජ” ගැන ගැඹුරු කල්පනාවක යෙදිලා අරලිය ගහ මන්දිරේ එහාටයි මෙහාටයි ඇවිද ඇවිද ඉන්න අතරේ

“තාත්තී… රන්ජන් අන්කල්ගෙන් කෝල් එකක්” කියලා සජිත් කෑ ගහලා කියනවා ප්‍රේමදාස මහත්තයට ඇහුනලු (ඔව් ඔව් වදේ ඒ සජිත් තමයි).

රන්ජන්…? අර පඟර නැටි නළුවා…?

“මොන රන්ජන්ද කියලා අහනවා”

“තාත්ති රන්ජන් විජේරත්න අන්කල්”

“අම්මට යකෝ මූනේ පොර… රන්ජන් විජේරත්න. මූ ජේවිපි එකට වැඩේ දෙනවා කිය කිය හදන්නේ මට කෙළවන්න. දෙන්නම් වැඩේ මුට” කියලා කිව්වලු

ඊට පස්සේ සුපුරුදු පරිදි ජ්‍යොතිශ්‍යවේදියාගෙන් ප්‍රේමදාස මහත්තයා අහනවලු

“දැන්නම් වැඩේ ගොඩ නේද?” කියලා

සුපුරුදු පරිදි ජ්‍යොතිශ්‍යවේදියත් බයෙන් බයෙන් කිව්වලු….

“තරහා අවසර, ගැත්තාට බය බෝයි… තාමත් නෑ… තාමත් විජගෙන් අපලයි” කියලා කිව්වලු

ඒක අහපු ප්‍රේමදාස මහත්තයාට කොයිතරම් කේන්ති ගියාද කියනවනම් එතුමා ගැහුවලු පයින් ලිප්ටන් චතුරසය, ලිප්ටන් වටරවුම වෙන්න (දැනන් හිටියේ නෑනේ.. ඒ කාලේ තිබ්බේ ලිප්ටන් චතුරස්‍රයක්… ඒක ලිප්ටන් වටරවුම වුනේ ප්‍රේමදාස මහත්තයා පයින් ගැහුවට පස්සේ)

දැන් ආයෙත් ප්‍රේමදාස මහත්තයා හතර අතේ කල්පනා කරනවලු.

කවුද මේ විජ?… කවුද මේ විජ?…

“හරි ආවා අයිඩියා එකක්..!..
මේ අර විජය විමලරත්නකාරයා නේද? මූ කොබ්බෑකඩුවත් එක්ක යුද්ධේ ඉවර කරනවා කිය කිය මට කෙළවන්න. දෙන්නම් බොට” කියලා කිව්වලු.

ඊට පස්සේ ඉතින් ආයේ සුපුරුදු දෙබස….

ජ්‍යොතිශ්‍යවේදියා කිව්වලු…

“තාමත් නෑ ලොකු සෑර්… විජගේ අපලේ තාමත් තියෙනවා” කියලා

කවුද මේ විජ? කවුද මේ විජ? කිය කිය කල්පනා කර කරලු දැන් ප්‍රේමදාස මහත්තයගේ දවස ගත වෙන්නේ.

ඕම ඕම කාලේ ගිහිල්ලා මැයි පළවෙනිදත් ආවලු. මැයි දිනේට ඉතින් තියෙනවනේ ලොකු රැලියක්… ඔය රැලිය අතරෙත් අපේ ප්‍රේමදාස මහත්තයගේ ඔලුවේ වැඩ කරන්නේ
“කවුද මේ විජ? කවුද මේ විජ?” කියලලු…

ඔහොම හිත හිත ඉන්න අතරේ ප්‍රේමදාස මහත්තයට බයටම හීන් දාඩියත් දැම්මලු…

ඒ දාඩිය පිහගන්න එයා සුදු පාට ලේන්සුවක් අරගෙන දාඩිය පිහිදගෙන මූණට හුළං ටිකක් වද්ද ගන්න ලේන්සුව දෙපාරක් වැනුවලු….

ඩොං ගෑවලු…

ඩී. බී. විජේතුංග මහත්තයා ජනාධිපති වුනාලු..!..

මේ නිවුස් එක අහපු අපේ ජ්‍යොතිශ්‍යයවේදියා…

“මම ඕක වෙන බව දැන ගෙන හිටියා… ඒත් බයට කිව්වේ නෑ” කියලා කිව්වලු.

– ක.අ.මි.එ.ස

 
 

9 responses to “විජ..? කවුද යකෝ මේ විජ..?

  1. Pingback: විජ..? කවුද යකෝ මේ විජ..? | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

  2. ප්‍රෙමදාස මහත්තයා සම්බන්ද කථා ගොඩක් ඒ දවස්වල තිබුණා.
    දවසක් ගම් උදාව බලන්ඩ හෙලිකොප්ටරෙන් යනවලු ලොක්කයි ලේකමුයි පුද්ගලික ආරක්සක්යොයි. ප්‍රෙමදාස මහත්තයා දාහේ කොලයක් සාක්කුවෙන් ඇදල අරං කියන වලු “මේ රුපියල් දාහේ කොලේ මම දැන් මේ හෙලිකොප්ටරෙන් බිමට දැම්මොත් ඒක අහුලා ගන්න මිනිහා කොච්චර සතුටුවෙයිද” කියල.
    එතකොට ලේකම් කියන වලු “සර් ඕක 500 කොල දෙකකට මාරුකරලා දැම්මනං ඒක අහුලගන්න මිනිස්සු දෙන්න ගොඩක් සතුටුවෙයිනේ කියල”.
    ඕක අහන හිටපු හෙලිකොප්ටරේ එයාපොස් ෆයිලට් කියනවලු “සර් ඔය දාහ සාක්කුවේ දාගෙන සර් හෙලිකොප්ටරෙන් පැන්නොත් මුළු ලංකාව සතුටුවෙයි” කියල.

    Like

  3. සත පහ වගේ මූන කියලා ඔය මනුස්සයට කිව්වෙ . ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස උතුමාණන් කියලා ලියාපු විවුර්ත කිරීමේ සමරුඵලක තවම තියෙනවා

    Like

ප්‍රතිචාරයක් ලබා දීමට